ආයුබෝවන් යාලුවනේ, කොහොමද ඔයාලට.හැමදෙනාම හොඳින් සුවෙන් නේද.යාලුවනේ මම ගමක ඉපදුණු කෙනෙක්.දැන් ජීවත් වෙන්නේ නගරෙක.ගමක වගේ නිදහසක් නැහැ කොන්ක්‍රීට් වනන්තරේ.ඉතින් මේ කොන්ක්‍රීට් වනන්තරේ සල්ලි තියෙනවනං ඉන්න පුළුවන්.නැත්නම් හරිම ශෝචනීයයි තත්ත්වය.මට මේ කතාව කිව්වෙ මගේ මහත්තයා.මගේ මහත්තයා වැඩ ඇරිලා ගෙදර එනකොට මගදි කවුද පුද්ගලයෙක් බයිසිකලෙන් වැටිලා ඉන්නවා දැකලා.ඒ පුද්ගලයාට බයිසිකලේ කෙලින් කරගන්න බැරුව ඉන්නවලු.ටිකක් කළුවරයි කිව්වා එම සිද්ධිය වූ තැනට.මගේ මහත්තයා ටිකක් දුරින් ඉඳන් බැලුව කිව්වා.බීපු විදියක් තිබුණෙත් නැති නිසා ටිකක් වැඩිපුර කිට්ටු කරල බලනකොට ඒ මනුස්සයා බොහොම හොඳ සිහියෙන් ඉන්නවා වගේම වගේම ඔහුට බොහොම තෙහෙට්ටු පාටයි කිව්වා.
මේ දවස් වල කොවිඩ් අවධානමත් තියෙන නිසා තමන්ගේ ආරක්ෂාව හැමදේටම වඩා වටින නිසා මගේ මහත්තයා face mask දෙකම දාගෙන ඒ පුද්ගලය ගාවට වඩාත් කිට්ටු වෙලා 'ඇයි' කියලා ඇහුවම, 'බලන්න මල්ලි, මම බයිසිකලේ නවත්තලා ගෙදරට කෝල් එකක් ගන්න හැදුවේ. මේ හරියේ පස බුරුල් නිසාද කොහෙද ක්ෂණයෙන් බයිසිකලේ කාණුවට වැටුණා' කියලා .කොහොමහරි දෙන්නත් එක්ක එකතු වෙලා බයිසිකලය උඩට අරගෙන 'දැන්ද වැටුණේ' කියලා අහපු වෙලාවේ එම පුද්ගලයා කීවලු 'අනේ නෑ මල්ලි, දැන් මම පැයකට වඩා මේක උඩට ගන්න උත්සාහ කළා.මේ කානුවේ වතුරයි කලුවරයි නිසා මට ගන්න පේන්නෙ නැහැ තනියම' කීවලු.'ඉතින් මේ වටේම ගෙවල් වල කාට හරි කතා කරන්න තිබුණනෙ ඔයාට' කීවම.'මල්ලි මම දැන් දෙවතාවක්ම මේ ගේට්ටු වලට තට්ටු කළා.එක්කෙනෙක්වත් ආවෙත් නෑ බැලුවෙත් නෑ. මල්ලි ආවේ මගේ වාසනාවට මම මොකක්ද කරන්නේ කියලා හිතා ගන්න බැරුව හිටියේ' කියල කිව්වලු.ඉතින් ඔන්න ඔහොමයි වුනේ කියලා මගේ මහත්තය මට ඒ කතාව කිවුවා.
යාලුවනේ, අද මේ සමාජය බොහොම වෙනස්. ඒ අතින් ගමට වඩා නගරය ගොඩක් වෙනස්.ගමේ මිනිස්සුන්ගෙ තියෙන සහයෝගය, අනුකම්පාව, එකමුතුකම, විවෘත හදවත නගරයේ අය ගාව නැහැ.නගරයේ මිනිස්සු රැකියාව, මුදල කියන දේත් එක්ක ගොඩක් සමීපයි .නිතරම බලන්නේ අනිකාට වඩා ඉහලට යන්නේ කොහොමද.අරයගේ වාහනේට වඩා වටින වාහනයක් ගන්න,නිවසේ තට්ටු ගණන වැඩි කරන්න,තමන්ගෙ දරුවා හා අනෙක් අයගේ දරුවන්ට වඩා ජනප්‍රිය පාසලකට යවන විදිය.එහෙම නැත්තං ජාත්‍යන්තර පාසලකට යවන විදිය ගැන තමයි.තමන්ගේ උසට වඩා දෙගුණයක් උසට ගෙදර වටේටම තාප්ප බැඳගෙන ඉන්නේ.සමහර වෙලාවට එහා ගෙදර වෙන දේ මෙහා ගෙදර දන්නේ නැහැ.දැනගත්ත නම් යම්කිසි විශේෂ අවස්තාවක් ඒ වෙලාවේම ආවා, තෑගිබෝග දුන්නා, පුංචි සංග්‍රහයක් භුක්ති වින්දා,එවෙලෙම ගියා. වටපිටාවේ දෙයක් වුණත් එහෙම තමයි.එළියට බැහැලා බලන්නේ නැහැ.ඇත්තටම කෙනෙකුට උදව්වක් අවශ්‍ය උනහම හෝ කරදරයක් උනහම පිහිටක් වන්නට කවුරුත් එන්නේ නැහැ.නගරයේ මිනිස්සු ගෙදර ඇතුලට ගියහම ආයෙ එළියට එන්නේ නැහැ.
ගෙදර වටේටම සීසීටීවී කැමරා දාගත්තම එයාලට එයාලගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් නැහැ.මම හිතන්නේ ගම මීට වඩා බෙහෙවින්ම වෙනස්.රාත්‍රියේදී ගමේ කෙනෙක් පයින් ආවොත් වාහනේ ඉඩ තියෙනවා නම් එක්කගෙන එනවා.ගෙදරක අවස්ථාවක් උනහම හැමදෙනාම සහයෝගය දෙනවා.නගරයේ නිවෙස් වල ජීවත් වෙන හැම දෙනාම වගේ රැකියාවට යන අය.මේ නිසා අවට නිවාස සමඟ සබඳතා පවත්වන්න වෙලාවක් නැහැ.ඒ නිසාම ඒ අයට විවෘත වෙන්න වෙලාවක් නැහැ.ඇත්තටම කෙනෙකුට හදිසි අවශ්‍යතාවයකට වුණත් නගරයේ කෙනකුගෙන් උදව්වක් ලබා ගැනීම අසීරුයි.නගරයට වඩා ගම සරලයි, එකමුතුයි, සහයෝගයෙන් විවෘතයි.
යාලුවනේ, අද හවස තේ වේලට මම අලුත් කෑමක් හැදුවා
ස්තුතියි හැමදෙනාටම.
ගම කියන්නේ සුන්දරත්වයෙන් පිරි මනස නිදහස් කරගත හැකි තැනක්.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ow.mn hitanne na e nidahasa kawadawat nagaren ganna puluwan kiyala
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
කොහේදෝ යන්නේ, දමා තනිකර දිනූ ගම සොදුරූ.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Viwahaya nagarayata awemi nowee akikaru.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
කොවිඩ් නිසා, නොදන්න කෙනෙක්ට උදව් කරන්න යන්න දෙපාරක් හිතන්න පුරුදු වෙලා අපිත් 😔
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒක නිසාමදෝ මනුස්සකමත් ඈතට ගිහිල්ලා.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ගමක තියෙන ගතිය වෙන ම එකක්😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒක ගතියට යන්න බැරි උනත් මතක් කරන්න මතක් කරන්න සුවඳයි.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit