කලාවයි, කැලෑවයි, නිදහසත් එක්ක මං - 5% for SL- harity

in hive-133716 •  3 years ago 

ආයුබෝවන් යාලුවනේ

කොහොමද ඔයාලට. හැමදෙනාම හොඳින් ,සුවෙන් ඉන්නවා නේද.කොරෝනා වසංගතයේ නව ප්‍රභේදයක් පැතිරෙමින් පවතිනවා කියලා නවතම ආරංචියක් තියෙනවා.ඒ නිසාම අපි හැම දෙනාම නිරතුරුවම පරිස්සම් වෙලා ඉමු යාලුවනේ.කාර්යබහුලත්වයෙන් මිදිල සුන්දරව අද ඉරිදා දින ගත කරන්න ලැබුණා.දැන් මම ටික කාලෙක ඉඳලා ආසම කරන කලාවක් තමයි cooking කියලා කියන්නේ.මේ කලාවට මම දැන් ටිකක් වැඩිපුර පිස්සු වැටිලා.දැන්නම් ඉතින් පරිප්පු වෑංජනයක් හැදුවත් අලුත් රසයක් ගන්න උපරිම උත්සහ කරනවා.මගේ දියණියත් අලුත් අලුත් රසයන්ට හුරු වෙලා.ඊට එහා කියන්නකො නැන්දම්මා.උදේ ආහාරය ගන්න වෙලාව කිට්ටු වෙනකොට අහනවනේ "අද අපේ චෙෆ් නෝනගේ අලුත් කෑම මොනාද" කියලා.අපේ මහත්තයා කියන්න පුළුවන් හැම උණුසුම් ආදරණිය වචනයක්ම කියලා අහන්නෙත් අලුත් කෑම ගැන.අලුත් අලුත් වෙබ්සයිට් හොයලා දෙනවත් එක්ක.බැලුවම සමහර කෑම වර්ග හදන්න ලොකුවට වියදම් කරන්න ඕනෙත් නැහැ.ගෙදර එදිනෙදා පාවිච්චි කරන කුළුබඩු වර්ග ම තමයි යොදාගන්න තියෙන්නේ.

1638118262274.jpg

ඉතින් මේ දවස්වල අපේ වත්ත ටිකක් කැලෑව වගේ.මගේ නැන්දම්මගෙ ප්‍රියතම ආහාර වර්ග දෙකක් තමයි වැටකොළු සහ දඹල කියන්නේ. දවසගානේ උනත් කන්න වැටකොලු කරල් සහ දඹල කරල් හැදෙනවා.මම නං ටිකක් වැඩිපුර එළියට කැමතියි.අන්ධකාරයට, කළුවරට ඉන්න අකැමතියි.ඒත් ඉතින් නැන්දම්මා ෂේප් එකේ තියාගන්න ඕනනේ.වැඩේ කියන්නේ මගේ මහත්තයාගේ අම්මා මේවත් කඩාගෙන ඇවිත් කියනවා නේ "මෙවගෙන් අලුත් කෑම වර්ග හදන්න" කියලා.මේ වැටකොළු වලට මේ පැත්තෙ අය කියන්නේ ගස් වැටකොළු කියලා.මම නම් දැක්කෙත් මේ ගෙදරට ආවට පස්සේ.මුලදි නම් කන්න හිතුණෙ නැහැ. දැන් නම් හරි ආසයි.දඹල වලින් බත් එකක් හදන්න ඕන කියලා හිතාගෙන ඉන්නවා. ඒත් තාම හරියට රෙසපියක් ලැබුණේ නැහැ. බලමුකෝ.

1638118441034.jpg

විවාහ වුණාම ගෙදර වගකීම් වලින් වගේම යුතුකම් වලින් ඈත් වෙලා ඉන්න බැහැනේ.දරුවන්ගේ සතුට, විනෝදය ගැන හිතන්න ඕන.දැන් අපිට ළමා කාලය අනුව ගත කරන්න බැහැ.ඒ වගේ අසීමිත නිදහසක් විඳින්න බැරි උනත්, ළමා කාලය විදින දරුවන්ගේ ජීවිතවලට සීමාවන්, තහංචි දාන්න බැහැ.උදේ වරුවෙ මමයි මගේ මහත්තයයි තීරණය කළා අපේ දියණියත් එක්ක හවස් වරුවේ වෙරළට යන්න.ගෙදරට අවශ්‍ය කරන බඩු ටිකකුත් ගන්න තිබුණා.ඒ එක්කම මුහුද බලලා, වෙරළ පාගලා ආවා.සතුටුයි, ගෙදරම ඉන්නකොට ඒකාකාරීයි.එකම ආකාරයේ වටපිටාවත් එක්ක නිදහසක් තමයි තියෙන්නේ.එළියට බැහැලා ගමනක් යනකොට ඇත්තටම හිතෙන්නේ අපි විතරයි මේ තරම් දවසක් කොහේවත් ම ගිහින් නැත්තේ කියලා.මේ වගේ හැමදාම නිදහස, සැහැල්ලුව විඳින්න ආසයි.කලාවයි, කැලෑවයි, සුන්දර ජීවිතයයි එක්ක මං සතුටින්.

1638104300865.jpg

ස්තුතියි හැමදෙනාටම.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Aluth aluth kema godak jathi tiyenawa akkage. rasai wage okkoma.

Dawasa gane ekak hadanawa . Miss unoth ithin kalathurakin thamai.rasaiiiiiiiiiii.

Poddo nam muhudata asai neh...

Ane ow,gannma bane.e welawata mona boru chatuw demmath ahu wenne nane.

Kaama serama rasa patai.

Pata wagema rasai,ekane nonewathi idiriyatama yanne.

Kema tika dekkama nam badagini heduna.😍. Akka hadana rasa recepe danna eelagata

Thanks nago,hmmmm ok.