ඔවුන් තාමත් මේ ලෙස හැසිරෙයි නම් කුමක් කියන්නද -5% for SL - Charity

in hive-133716 •  3 years ago 

ආයුබෝවන් යාලුවනේ,

කොහොමද ඔයාලට. හැමදෙනාම සුවෙන් හොඳින් නේද.යාලුවනේ මට අද වුනු සිදුවීම් දෙකක් ඔයාලට කියන්න කැමතියි.ඒ සිදුවීම් කියන්නේ කාටවත් පෞද්ගලිකව අපහාස කිරීමේ අරමුණෙන් නොවන බව ද කියන්න කැමතියි.බලන්නකෝ මතක් කරලා මේ වගේ දේවල් ඔයාටත් වුනාද කියලා.අපේ ගෙදරට ජල සම්පාදන මණ්ඩලයෙන් ලබා දීලා තිබූ ජල සම්බන්දනය අපේම ඉඩමේ වෙනත් ස්ථානයකට මාරු කරගන්න උවමනා වුණා.ඉතිං ඒ සඳහා ක්‍රියා පටිපාටියක් තිබුණා.මේ වෙනුවෙන් ජල සම්පාදන මන්ඩලයේ නිකුත් කරන ලද බිල්පත ගෙවන්න තිබුණේ එක්තරා රාජ්‍ය බැංකු ශාඛාවකට.එහිදී එම අදාල මුදල ගෙවීමෙන් අනතුරුව නිලධාරියා විසින් එහි දිනය, නිල මුද්‍රාව, අත්සන තැබිය යුතුය.ඉතින් එම බැංකු අයකැමිවරිය නිල මුද්‍රාව විතරයි තබා තිබුණේ.ඇය දිනය හා අත්සන යොදා තිබුණේ නැහැ.

20211114_131758 (1).jpg

මම බැංකුව තුළදීම එය සොයා බලා එම මගහැරීම නිවැරදි කර ගත්තා.මමත් එය නොබලා ජල සම්පාදන මණ්ඩලයට බිල්පත ලබා දුන්නා නම් බොහෝ අපහසුතාවයන්ට ලක් වන්නට තිබුණා.එහෙම වුනානම් නැවත දවසක් හෝ රස්තියාදු වෙන්න වෙනවා.මෙවැනි දේ බොහෝ රාජ්‍ය ආයතන වලින් සිදු වෙනවා.අමතක වීම ඕනෑම කෙනෙකුගේ අතින් සිදු වෙන්න පුළුවන්.ඒක සාමාන්‍යයි. එනමුත් වගකීම් දරන සාමාන්‍ය ජනතාවට සෘජුව සම්බන්ධ වන පුද්ගලයකුගේ අතින් වරදක් මග හැරීමක් සිදුවෙනවා කියන්නේ වඩා අපහසුතාවයට ලක් වන්නේ සාමාන්‍ය ජනතාවයි.මොකද රාජ්‍ය ආයතනයකින් වැඩක් කරගන්න යන හැම දෙනාම එක වගේ බුද්ධි මට්ටමකින් සමන්විත නැහැ.ඒ නිසා සාමාන්‍ය වැඩක් කරගන්න රාජ්‍ය ආයතනයකට යන මිනිස්සුත් දවසක් දෙකක් රස්තියාදු නොවන මට්ටමට වගකීම් සහිත නිලධාරීන් කටයුතු කළ යුතුය කියන තැන මම ඉන්නවා.

20211114_122746.jpg

මේ අනෙක් සිදුවීම.ඉතින් මේ බිල් පතත් අරගෙන මම ජල සම්පාදන මණ්ඩලයේ අදාල ශාඛාවට යනවිට තවත් යම්කිසි කාරණා වෙනුවෙන් වැඩිහිටි කාන්තාවන් දෙදෙනෙක් සහ මැදිවියේ පිරිමි පුද්ගලයෙක් සිටියා.පිළිවෙළ අනුව හතර වෙනියා මම.එතනට යන විට අදාළ නිළධාරියා පුටුවේ හිටියේ නැහැ.විනාඩි දහයක් විතර යන විට මැදිවියට ආසන්න නිලධාරියෙක් ආවා. කට්ටිය දිහා බැලුවා.මුලින්ම කතා කළේ මට.කොහොමහරි මම බිල්පත බාරදීලා නව ස්ථානයට ජල සම්බන්ධනය ලබා ගැනීම සම්බන්ධව ඉදිරි පියවර ටිකත් අහගෙන ආවා.කාරණාව මේකයි යාලුවනේ.එතන හිටිය අනිත් පුද්ගලයින් හා සසඳන කළ මම තරුණයි. අනික් තිදෙනාම බොහොම සාමාන්‍ය ගැමි පරිසරයකට හුරුව ඇඳුම් පැළඳුම් තමයි ඇඳ පැළඳගෙන ඇවිත් තිබුනේ.ඉතින් මම ඇඳ පැළඳ ගෙන ගිය විදිය එයාලට වඩා සම්පූර්ණයෙන් වෙනස්.අසීලාචාර නැහැ.තාමත් සමහර ආයතන ඇඳුමට පැලඳුමට මුල්තැන දෙමින් තමයි කටයුතු කරන්නේ.තවත් සමහර ආයතන වලින් වැඩක් කරගන්න නම් අර කියමනකටත් තියෙන්නෙ 'ඇහැට කනට පේන්න යන්න ඕන' කියලා.නැත්තම් බර වචන එහෙමත් නැත්නම් ඉංග්‍රීසි දන්න බව අඟවන්න ඕන.නැත්නම් හැඳුනුම්කමක් තියෙන්න ඕන.බොහෝ රාජ්‍ය ආයතන වලින් ඉතාමත් සාමාන්‍ය ජනතාවට එක හා සමානව සේවය සලසන්නේ නෑ.

20211114_140331 (1).jpg

ස්තුතියි හැමදෙනාටම,

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

සහතිකම ඇත්ත....

ඒකනේ මං කිව්වේ.

Mamath me lagakadi bank ekata giya.. hemoma godak wela idala polime hitiya, eth athule kawa hari adunana kenek awama eya lesiyenma yanawa. mewanm wenas wen na itin.

ඒකනෙ ගොඩක් දේවල් වලට මුදල බලය සහ අමුතුම දේවල් තමයි ඕන වෙලා තියෙන්නේ.