පුතේ නුඹව මනුදම් පිරුණු රජෙක් කරන්නම් - 5% for SL- Charity

in hive-133716 •  3 years ago 

ආයුබෝවන් යාලුවනේ,

කොහොමද ඔයාලට. හැමදාම සුවෙන් පරිස්සමින් ඉන්න. කාන්තාවක් සාහසික ලෙස කපා කොටා මරා දමලා. මේ කියමන දකිනකොට මොකද හිතුණේ. අම්මෝ හතුරෙකුටවත් වෙන්න එපා මෙහෙම දෙයක්. මොන හිතකින් කළාද මන්දා මේ මිනිහට හිතක් පපුවක් තිබුණෙ නැද්ද. කියන කතා ටිකත් එක්ක ප්‍රසිද්ධියේ කියන්න බැරි වචනත් මතක් වෙන්න ඇති. සතියකට මෙවැනි ඛේදජනක සිද්ධීන් කීයක් නම් අහන්න ලැබෙනවා ද. ඇඟ හිරිවැටෙන මෙවැනි අපරාධ මේ ලෝකයේ සෑම තැනකම සිදුවෙනවා. මගේ ප්‍රාර්ථනය ලොව වසන සියලු සත්ත්වයකුට කිසිදු අයුරකින් හිංසාවක් පීඩාවක් නොවේවා.

20211216_173439 (3).jpg
හරි දැන් ඉතිං කතාව මෙහෙමයි. ඔයා මම මේ ලෝකෙ සෑම මනුෂ්‍යයෙක්ම මව් කුසකින් තමයි බිහි වෙන්නේ. ගැහැනු වේවා පිරිමි වේවා මේ දෙපාර්ශවයටම මේ ලෝකේ එළිය ලබා දෙන්නේ අම්මා. ඉතිං මෙහෙම ඉපදුනු දෙපාර්ශවය අම්මා කෙනකුට 'පුතා' වෙනවා 'දුව' වෙනවා. ඉතිං මෙහෙම ඉපදුන පුතාලා පළමු ජීවිතේ සඳහන් වෙච්ච සාහසික අපරාධ නොවෙන්න මං යමක් කියන්නම්. මුලින්ම කියන්න යම්කිසි අපරාධයකට කිසියම් වූ තවත් පාර්ශවය සම්බන්ධ වෙනවා නේ. ඒ පාර්ශවයත් මෙම කරුණු ගැන හිතන්න ඕන. මම අම්මා කෙනෙක්. මම මහන්සි වෙන්න ඕන මගේ පුතා මනුෂ්‍යයෙක් කරන්න. පුතෙකුට පුළුවන් වෙන්න ඕන අම්මගේ මහන්සිය, තනිකම, පීඩනය, දුක, සතුට, තරහ කියන දේ තේරුම් ගන්න. මවගේ හැඟීමේ ස්වභාවය පුතාලා අඳුනගන්න ඕන.

අද කාලේ මිනිස්සු ගාව අඩුවෙන්ම තියෙන මනුස්සකම වෙනුවට මනුස්සකම පිරුණු පුතෙක් සමාජයට දායාද කරන්න අම්මා මහන්සි වෙන්න ඕන. තම පුතා මේ ලෝකෙට බිහිකළ අම්මට විතරක් නොවේ සෑම මවකටම ගෞරවය, ආරක්ෂාව ලබාදෙන පුතෙක් කරන්න අම්මා මහන්සි වෙන්න ඕනෑ.

ඒ විතරක් නොවෙයි ගැහැනු/ පිරිමි භේදයකින් තොරව මේ ලෝකෙ සෑම දෙනාට ම ගෞරවය ලබා දෙන වගේම ආරක්ෂා කරන පුතෙක් කරන්නත් ඕන. කරුණාවන්ත සහෝදරයෙක්, ආදරණීය තාත්තා කෙනෙක්, වගේම දයාබර සැමියෙක් කරන්නත් ඕනෑ.

ඒ වගේම සෑම අම්මා කෙනෙක්ම තම පුතාට කියලා දෙන්න ඕන මේ ලෝකෙ වසන සෑම ගැහැනියක්ම ඉතා උසස් වගේම උසස් අන්දමින් ගෞරව කරන්න. සෑම මොහොතකම ආරක්ෂාව ලබා දෙන්න කියලත්.

20211216_173509 (1).jpg

අපි බොහෝ වෙලාවට දකින්නේ මේ ලෝකෙ වැඩිම ප්‍රතිශතයකින් අපරාධ සිදු වන්නේ පිරිමි පාර්ශවය අතින්. ඔබ ගැහැනියකට සිදුකරනු ලබන අපරාධ, එය වෙනත් පිරිමි පාර්ශවයක් විසින් ඔබේ සහෝදරියකට සිදුකළොත්. ඔබ ගැහැණියකට පහර දෙන්න හිතන සෑම මොහොතකම හිතන්න
ඒ ගැහැනිය ඔබ වී, ඔබ ඒ ගැහැනිය වුනානම් ඒ හිංසාවේ වේදනාව.

පුතෙක් කියන්නෙ රජෙක්.ඒ රජුව ආදරණීය පුතෙක් වෙන්නම ඕන.

20211216_173613 (2).jpg

ස්තුතියි හැමදෙනාටම.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Etha watina upades akka deela thiyenne. Samaje ethin wiwidakarai. Hamogema buddhi mattam wenas neh.

thamange ammata attatama adare gawrawa karana puthek aniwarayenma wena ganu kenek dihath gawrawayen balanna podi kale idalama purudu wenawa.

ගැහැනිය ඔබ වී, ඔබ ඒ ගැහැනිය වුනානම් ඒ හිංසාවේ වේදනාව.

තමා උපමාකොට අනෙක් අයට හිංසා කරන් එපා. බුදුහාමුදුරුවො දේශනා කරලා තියෙන්නෙ එහෙම. පුංචි කාලෙ ඉඳලම අපි ඒක ප්‍රගුණ කරන් ඕනෙ එහෙම. එතකොට තමයි මේ ලොකේට මනුස්සකම වැඩියෙන් බිහිවෙන්නෙ.

ලස්සන හරවත් ආර්ටිකල් එකක් අක්කා.❤

  ·  3 years ago (edited)

ලෝකෙට බිහිකළ අම්මට විතරක් නොවේ සෑම මවකටම ගෞරවය, ආරක්ෂාව ලබාදෙන පුතෙක් කරන්න අම්මා මහන්සි වෙන්න ඕනෑ.

අනිවාර්යයෙන්ම ..ඒක ඇත්ත..