අවසර නැතිවම යන්න ගියා - 5% for SL - Charity

in hive-133716 •  3 years ago 

ආයුබෝවන් යාලුවනේ, කොහොමද ඔයාලට.
හැමදෙනාම හොඳින් සුවෙන් ඇති කියලා විශ්වාස කරනවා.දැන් නම් මිනිසුන්ට covid අමතක වෙලා. අලුත් ප්‍රභේදයකුත් ඇවිත්. බලමු මොකද වෙන්නේ කියලා.මට වෙන්නෙම අමුතු ජාතියේ සිදුවීම්.මම අද උදේ අපේ පාර අතු ගගා ඉන්නකොට පාර කෙලවරට වෙන්න ස්කූටියක් නැවැත්තුවා.අද කාලේ මාස්ක් එකක් දැම්මම යාළුවෙක්වත් අදුර ගන්න බැරි නිසා, මම බැලුවට ඒ කෙනා කවුද කියලා ඇඳුනු වේ නම් නැහැ.ඔහුත් මා දිහා බලලා නැවත අනික් පැත්ත හැරුනා.

20211206_172300 (1).jpg

අපේ පාරට ඉදිරියෙන්ම තියෙන පාර දිගේ ගැහැණු ළමයෙක් එනවා දැක්කා.විශේෂයක් නැහැ. ඇය හෙල්මට් එක පැළඳගෙන බයිසිකලයට නඟින්න හැදුව විතරයි,මාව දැක්ක ගමන් බයික් එකෙන් බැස්සා.මට නොපෙනෙන්න එහාට ගියා.බයික් එකේ ආව පිරිමි ළමයා එක පාරටම මම දිහා බැලුවා. පෙනුමෙන් නම් ඔහුට අවුරුදු 30 ට වඩා අඩුයි වගේ.'අනේ අක්කේ අපි වැරදි ගමනක් යන්නේ නැහැ, කොටුවෙ ඇවිදින්න යනවා විතරයි' කිව්වා.මම වික්ෂිප්ත වුණා.විශේෂම දේ මම ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් වත් හඳුනන්නේ නැහැ.මම මේ ගමේ කෙනෙකුත් නොවේ. තාම මම මේ ගමට ඇවිත් අවුරුදු හතරයි.පවුලේ අයගේ ගෙවල්වල ඇරෙන්න වෙනත් අයගේ ගෙවල් සමග ලොකුවටම සම්බන්ධකම් පවත්වලා නැහැ.මගෙන් මේ පිරිමි ළමයා අහනවා 'අනේ අක්කේ අපි යන්නද' කියලා.මගෙන් අහන්න මෙයාලව අඳුන්වන නැහැයි කියලා එයාලට දැනුනෙවත් නැද්ද මන්දා.ඒ නංගී පාර එනකොට වුණත් කිසිම බයක්, සැකක් නැතුව සාමාන්‍ය අයුරින් තමයි එනවා මම දැක්කේ.එයාල කවුද කියලවත් අහන්න තරම් මට අවශ්‍යතාවයක් ආවේ නෑ.මොකද තරුණ වයසේ ළමයින් මුණගැහෙනවා නේ.තරුණ ළමයි හරි කැමතියි නිදහසේ ආදරය විදින්න.මට තාමත් තියෙන ප්‍රශ්න ඒ දෙන්න කවුද කියලා.මම මොනවත් නොකිව්වත් ඒ දෙන්නා බයිසිකලේ නැගලා ගියා.ඒ ගෑණු ළමයා නම් මං දිහා බැලුවෙ නැහැ. ඔන්න ඔහොම තමයි ඒ කතාව උනේ.

20211206_172209.jpg

තාරුන්‍යයේ ආදරේ ඇත්තටම සුන්දරයි.පාසල් යන කාලයේදී ඉහළ පන්ති වල දී, පෞද්ගලික පන්ති යන කාලයේ දී හොරෙන් තමයි ආදරේ කරන්නේ. ගෙදරට අහු වුනොත්,දන්න කියන කෙනෙක් දැක්කොත් කියලා.ආදරේ ප්‍රකාශ කරන්න කලින් ආදරවන්තියක් වීම හා ආදරවන්තියක් ලබාගැනීම යන දෙපාර්ශවයටම පොදුයි මේක.ඔහු/ ඇය පන්තියට එනකම් බලා හිඳීම. ඔහු /ඇය දෙස බලා හිඳීම.කවුරුත් නැති තැනකදි කතාකිරීම, ලඟින් හිඳ ගැනීම. ආදී කාරණා වලට තරුණ හිත හරි කැමතියි.ආදරේ ප්‍රකාශ කළ විට හා අනෙක් පාර්ශවයේ ආදරේ ලැබුණු විට නිදහසේ කථා කිරීම, එක්ව ඇවිද යාම ආදී කාරණා වලට ඉමහත් කැමැත්තක් දක්වනවා.විශ්වවිද්‍යාල අවධියේදී නම් මේ හැම දේටම නිදහස තියෙනවා.කොහොම වුණත් කමක් නැහැ, තරුණ ආදරේ උපරිම අයුරින් සතුටින් විදින්න ඕන වගේම සීමාව තුළ හිඳ කරන ආදරෙ ඉස්තරම්.

20211206_172235.jpg

ස්තුතියි හැමදෙනාටම.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

එයාලට වැරදීමක් වුණාද දන්නෙ නෑ.😁

තරුණ ආදරේ උපරිම අයුරින් සතුටින් විදින්න ඕන වගේම සීමාව තුළ හිඳ කරන ආදරෙ ඉස්තරම්.

ඇත්ත❤

Ane manda mamath baya una

ඔයා දන්න කෙනෙක් වෙන්නැති නේ..
ඔයා මාස්ක් දාගෙන ද හිටියේ 🙊

පස්සේ ආරංචි වෙන්න ත් පුළුවන් කියලා 🐒

Man ge.ne idiye.man me game aya lokuwata danne na.policiyen dekka wage unada danne na😇😃

ඒක අමුතුම අත්දැකීමක්නෙ. සමහරවිට එයාල බයේ ඉන්නැති කවුරු හරි දකී කියල. ඔයාව වෙන කෙනෙක් කියල වරදවා තේරුම් ගත්තද දන්නෙත් නෑ.

Eyage pare anakota ganak nethiwa awe.manda penala giya wennath be,bags thibuneth na

මේක නියමයි , ❤️

Niyamai nowe pudumai.ai ane ohomath baya wela.hema thenadima hengenna bane

ow eka attha , 2000n passe dennek wenna ati 😂

සිද්දියෙ හැටියට නම් හොදට දන්න කෙනෙක් වෙන්න ඕන.පොඩ්ඩක් හොයල බලන්න ආරන්චි වෙයි.🙊 පව් ඒ ලමයි දෙන්න බයවෙන්න ඇති.😁

Man yaka wage dekkada danne na🤣

පොලිසියේ එක්කෙන්වත් කියලා බය උනාද දන්නෑ 😁

Pissu nethnm shok kiwalu.mawa dekkama ehema penne nane

😅😅