ආයුබෝවන් යාලුවනේ,
කොහොමද ඔයාලට, හැමදෙනාම හොඳින්, සුවෙන් නේද. වැස්ස ගැන මොකද හිතන්නේ. පායන කාලෙට වැස්ස හොඳ උනාට, මේ දවස් වල නම් ඕනෙම නෑ නේද. වැස්ස හැමෝටම මේ දවස් වල කරදරයි නේද. ගේ ඇතුලෙම එහාට මෙහාට ගිහිල්ලා දැන් නම් එපාවෙලා.
යාලුවනේ, අපි ඉපදුන දා පටන් අපිව ආරක්ෂා කරන්නේ අපේ අම්මා/ තාත්තා. ඒ දෙන්නා ඉන්න තැන මේ ලෝකෙම කඩාගෙන වැටුනත් අපට බයක් නැහැ නේද. ඔබ/ මම මේ තරම් සුරක්ෂිතතාවයක් තිබෙන්නා වූ පරිසරයක ඉඳලා එක්තරා අවධියකදී තවත් පරිසරයකට හුරු වෙන්න යනවා. ඒ තමයි විවාහය. යෝජිත ගැලපීමකින් හෝ ආදර සම්බන්ධතාවයකින් වෙන්න පුළුවන් විවාහය. පෙම්වතා, ස්වාමිපුරුෂයා වුණු දවසේ ඉඳලා ගැහැණු අපි හැමෝම බලාපොරොත්තු වන්නේ ඔහුගෙන් ආදරය, ආරක්ෂාව, සතුටයි. කෙටියෙන්ම කිව්වොත් අපේ ජීවිතේම ඔහුට අපි බාර දෙනවා. ඉතින් යාලුවනේ, මමත් බිරිඳක් නේ. මේ හැමදේම මමත් මගේ මහත්තයාගෙන් ගෙන් බලාපොරොත්තු වෙනවා. අප දෙදෙනා ආදර සම්බන්ධතාවයකින් තමයි විවාහ වුනේ. අද මම අවුරුදු තුනක දියණියක් ඉන්න අම්මා කෙනෙක්.ඒ වුණත් අදටත් මම මගේ මහත්තයා ගෙදර ඉන්න දවසට මම පුදුම සතුටකින් ඉන්නෙ. ඒ විදියට ලොකු සුරක්ෂිතතාවයක් දැනෙනවා. ඔහු ගෙදර එනකම් අපි පෙර මඟ බලන් ඉන්නවා. මතකයි අදටත් මගේ තාත්තා රැකියාවට ගොස් හැමදාම ගෙදර එනකොට අපිට කන්න එක එක කෑම වර්ග අරගෙන එනවා. මම කවදාවත් කියලා නොවෙයි අදටත් මගේ මහත්තයාත් අපට කන්න එක එක කෑම වර්ග අරගෙන එනවා. ඉස්සර අපේ තාත්තා මගෙන් අහන්නෙවත් නැතුව මං ආස කරන හැමදේම ඉල්ලන්නත් කලියෙන් මට ගෙනත් දෙනවා.
මගේ මහත්තයත් එක්ක විවාහ වෙලා දැනට අවුරුදු හතරක් වෙනවා. ඒ නිසා ඔහු මාව දන්නවා. ඒ නිසාම මං ආස දේවල් මොනාද, මං කැමති දේවල් මොනාද කියලා මගේ මහත්තයා දන්නවා. මගේ මහත්තයට නිවාඩුවක් ලැබුණම ඔහු අහනවා 'අපි අද කොහේ හරි ඇවිදින්න යමුද,අද අපි shopping යමුද' කියලා.අසනීපයක් හැදුනම පුළුවන් හැම වෙලාවෙම ලඟින් ඉඳගෙන
සාත්තු කරන වෙලාවට මගේ ඇස් දෙකට කඳුළු ඇවිත් මට මතක් වෙන්නෙ මගේ තාත්තාව. ඒ තරම් ඔහුගේ සෙනෙහස මගේ තාත්තාගේ සෙනෙහසට හා සමානයි. මොනවා හරි ප්‍රශ්නයකදී, දුකකදී, කරදරයකදී හිත සනස වන්නේ 'බයවෙන්න එපා, දුක් වෙන්න එපා, මං ඉන්නවානේ' කියලා. සැබැවින්ම ඔහු ආදරණීය පියෙක්.
දයාබර සැමියෙක්.මට ඔහු මගේ තාත්තා හා සමානයි.
ස්තුතියි හැමදෙනාටම.
Ekata ape ekkenaa.... Me oyata niwadu neh...Ada ehenam baba ekka inna...kawanna...naawannaa...sellan karannaa... thawa ekagen guti kannath epai...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Mara dukak neh aiya gewanne🤣
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඕවා ඔහොම තමයි. කලාතුරකින් වෙන්නැතිනෙ අහුවෙන්නෙ.😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ow ..eka hari...Maseta dawas kihipayak witharai...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ganan ganna epa ane,oyage wife best.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Heart touching...beautiful..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you @kushilahiruni.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔබට මෙතරම් ආදරය කරන සැමියෙකු ලැබීමට ඔබ ඉතා වාසනාවන්තයි.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඇත්තටම මම ඒ ගැන ආඩම්බර වෙනවා අසීමාන්තිකව.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
එවැනි ස්වාමිපුරුෂයෙකු ලැබීම ඉතා කලාතුරකිනි, අනෙක් කාන්තාවන් ඔවුන් දැනගතහොත් නිසැකවම ඔබට ඊර්ෂ්‍යා කරනු ඇත.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
කමක් නැහැ. මගේ ජීවිතේම ඔහු තමයි'.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Oh.. I'm flattered 🤩🤩
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ආදරණීය ලිවීමක්.😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ස්තුතියි ඔයාට.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Adaraniya samiyek kiyanne jiwithayata abaranayak.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අවබෝධය, තේරුම් ගැනීම, ගලපා ගැනීම අතිශයින්ම වැදගත්.ඒ නිසයි අපි සතුටින්.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒක කලාතුරකින් ලැබෙන වාසනාවක් මට හිතෙන විදියට. ❤
ලස්සන ලියවිල්ලක්.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ස්තුතියි ඔයාට, ඔයා හරි.ඔහු එතරම්ම ආදරණීයයි.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මෙහෙම සැමියෙක් ලබන්න ගොඩක් වාසනාවන්තය් අක්කා😊 තාත්තා වගේ ආදරෙ කරන සැමියෙක් මටත් ලැබෙන්න කියලා මාත් හිතනව🥰
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ලැබෙනවා නංගී. ඔහුව හදුනගන්න, ගලපගන්න,අවබෝධ කරගන්න. සතුටින් ඉන්න පුළුවන්.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අක්කා වාසනාවන්තයි. ❤
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ස්තුතියි ඔයාට නංගි.