කාලෙකින් ෆිල්ම් එකක්

in hive-133716 •  2 years ago 

හායි! කොහොමද ඔයාලට? මුලින්ම ප්‍රාර්ථනා කරනවා හැමෝටම සතුට සාමය සපිරුණු සියලු සිතුම් පැතුම් ඉටු වන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. ☀️ 🍃


ඉතින්, අද මම ලියන්න හදන්නේ අපි පරණ අවුරුද්ද දවසේ බලපු ෆිල්ම් එකක් ගැන. කාලෙකින් තමයි ෆිල්ම් එකක් ගැන ලියන්න හිතුනේ. බලමුකෝ ඒ ලිවීමෙ හැකියාව තාම තියනවද කියලා.

the_hitcher01.jpg
Source

මේ ලියන්න හදන්නේ 80 දශකේ thriller එකක් ගැන. ෆිල්ම් එකේ නම The Hitcher (1986). මෙතනදි Hitcher කියලා කියන්නේ පාර අයිනේ ඉඳලා වාහන වලට අත දාලා නවත්තලා free ride එකක් ඉල්ලන පුද්ගලයෙක්. ඒක ඉතින් අසාමාන්‍ය දෙයක් නෙමෙයිනෙ. පහුගිය crisis කාලෙ අපිටත් ඒක හුරුපුරුදු දෙයක් වෙලා තිබුණා.

ඉතින්, ෆිල්ම් එක ගැන කිව්වොත් ඒකෙත් ඉන්නවා highway එකේ යන වාහන වලට අත දාලා නවත්තලා free ride එකක් ඉල්ලන මනුස්සයෙක්. භයානක මනුස්සයෙක්! ජිම් හාල්සිගේ වාහනේටත් මෙයා අත දාලා නවත්තනවා. එක දිගටම තනියම නිදිමතේ වාහනේ පදවගෙන ඇවිත් හොඳටම හෙම්බත් වෙලා හිටපු ජිම්ටත් මේ වෙලාවේ කවුරු හරි කතා කර කර යන්න හිටියා නම් හොඳයි කියලා හිතිලා වාහනෙ නවත්තනවා. හැබැයි ඒ මනුස්සයා ජිම්ගේ මුළු ජීවිතේම කණපිට පෙරළනවා.

මේ විදියට hitchhiking කරන්නෙ මිනීමරුවෙක් කියලා ජිම් දැනගන්නෙ පස්සේ. ජිම්ගේ ජීවිතෙත් බේරෙන්නෙ අනූනමයෙන්. ඒත් හැබැයි අර highway killer ගෙන් නම් ජිම්ට ගැලවීමක් නෑ. ෆිල්ම් එක interest වගේ නම් ජිම්ට මොකද වෙන්නේ කියලා ඔයාලා බලන්න. ෆිල්ම් එක බැලුවේ නැතැත් මේ විදියට වාහන වලට අත දාන කට්ටියව වාහනේට නග්ග ගන්නවා නම් හොඳට හිතලා බලන්න. මම පෞද්ගලිකව කැමති නෑ මේ විදියට නන්නාඳුනන අයව වාහනේට නග්ග ගන්න. ඇත්තටම උදව් ඕන කරන අයත් ඉන්න පුළුවන්. ඒ වුණත් ඒ විදිහට කෙනෙක්ව වාහනේ දාගෙන එනවා නම් බොහෝම කල්පනාකාරී වෙන්න.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

me wage movies baluwama tika dawasak yanakam mata hama kenekwama potemtial serial killer kenek wage penne 😅

Atta🥲