ප්‍රීති වෙසක්

in hive-133716 •  2 years ago 

හායි!

ඊයෙ දවසට තමයි වෙසක් පෝය යෙදිලා තිබුණේ. සෑහෙන කාලෙකට පස්සෙ නිදහසේ වෙසක් සමරන්න පුළුවන් වුණ නිසා හැම ගෙදරකම වගේ අය තම තමන්ට පුලුවන් විදියට වෙසක් සැරසිලි කරලා තිබුණා.

ඉතිං ශ්‍රී ලංකාවේ හැදුන වැඩුන අය විදියට අපිට, වෙසක් කූඩු සෑදීම, වෙසක් සැරසිලි කිරීම වගේ දේවල් එක්ක තියෙන්නෙ සොඳුරු මතකයන්. ඒක බොහොම විනෝදජනක සහ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් නිසා පවුලේ අය එකට එකතු කරන දෙයක් විදියටයි මම දකින්නේ.

IMG_20230505_201140.jpg

මමත් ආසයි වෙසක් කූඩු අලවන්න. ඒවා හදන්න නම් මට අමාරුයි. හැබැයි දැන් නම් ප්ලාස්ටික් කූඩු විකුණන්න තියන නිසා ප්‍රශ්නයක් නෑ. අපිත් කූඩු තුනක් ගෙනාවා බකට් එක්ක. කූඩුව අලවන වැඩේ කරේ මම. මට ලොකු ලොකු කැටයම් කපන්න අමාරුයි. ඒ නිසා තමයි ධර්ම චක්‍රය කපා ගත්තෙ. ප්‍රවීන් රැළි කපලා දුන්නා.

IMG_20230506_103613.jpg

අපි හවස් වෙද්දී සැරසිලිත් කරලා ඉවර කරගත්තා. ඊටපස්සේ, තිබුණේ මම ආස අනිත් වැඩේ. ඒ තමයි බකට් පත්තු කරන එක. අපි ටිකක් රෑ වෙනකම් ඉඳලා බකට් ටිකත් පත්තු කරා. හරිම ලස්සනයි.
IMG_20230505_201041.jpg

අපි දෙන්නා ඊටපස්සේ වෙසක් බලන්න ගියා. අවුරුදු තුනකට විතර පස්සේ ඊයේ තමයි මිනිසුන්ට හරි විදියට වෙසක් සමරන්න පුළුවන් වෙලා තියෙන්නේ. සෑහෙන කාලෙකට පස්සේ ඊයේ දන්සල් ගොඩක් තිබුණා. ඒ නිසා ඊයේ උදේ ඉඳලම පාරවල් වල ගොඩක් සෙනඟ පිරිලා. හරිම ලස්සන වෙසක් කූඩු, වෙසක් සැරසිලි හැමතැනම. මේ පාර අපේ ගෙවල් පැත්තත් වෙසක් කලාපයක්. හැමෝම හරිම උද්යෝගෙකින් කල එළි බැහැලා.

IMG_20230505_204702.jpg

IMG_20230505_204406.jpg

මම හිතන්නේ අපි අන්තිමට සාමාන්‍යය විදියට වෙසක් සැමරුවේ 2019. හැබැයි මේ පාරත් හැමෝම පරණ විදියටම වෙසක් සමරනවා. තමන්ට විදියට පුළුවන් විදියට දන්සල් දෙනවා. ඒවා හරි ආදරණීය සම්ප්‍රදායන්.

ඉතිං, හැමෝටම පිංබර වෙසක් මංගල්‍යක් වේවා!

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

sinhala basin savan dende... eke obande... sinhala... bashin... english velin no liu de, notheri bave sandehan kere... ayeth sthuthi dennum!