පෝයදාට පහුවදා 🌝

in hive-133716 •  2 years ago 

හායි!

අද මම ලියන්නේ අපි වෙසක් දවසට පහුවදා ඇවිදින්න ගියපු තැන් කීපයක් ගැන. එදා අපි උදේ ඉඳන් කල්පනා කරා කොහෙද යන්නෙ කියලා. අපිට options කීපයක් තිබ්බා; තන්තිරිමලේ, අවුකන, මිහින්තලේ එහෙමත් නැත්නම් පූජා නගරය අවටම තැන්. තන්තිරිමලේ, අවුකන ටිකක් දුරයි නිසා ඒ තැන් වලට පැයක වගේ ගමනක් තියනවා. අපි යන්නෙ කොහෙද කියලා කල්පනා කර කර ඉඳලම 12ත් පහු වෙලා තිබුණ නිසා ඒ options දෙකම අතෑරියා. ඊටපස්සේ මිහින්තලේ. එහෙට නම් විනාඩි 20ක වගේ දුරක් තියෙන්නෙ. ඒත් සෙනඟ ගොඩක් එක්ක ආරාධනා ගලට නඟින්න අමාරු වෙන නිසා ඒ option එකත් අතෑරලා අපි plan කරා පූජා නගරය අවටම ඇවිදලා එන්න.

ඉතිං, අපි යන්න හිතුවෙ රුවන්වැලිසෑය, ජය ශ්‍රී මහා බෝධිය, ඉසුරුමුණිය හා සඳහිරු සෑයට. අපි ඉසුරුමුණියට ගොඩක් කාලෙකින් ගිහින් තිබුණේ නෑ. ඒ නිසා ඉස්සෙල්ලම අපි එහෙට ගියා. ඉසුරුමුණිය පන්සල ඉස්සරහ ඉඳන් බලද්දී මට පේන්නේ චිත්‍රයක් වගේ.

IMG_20230506_172504.jpg

ඉසුරුමුණිය රජමහා විහාරය ඉදි කරලා තියෙන්නේ දේවානම්පියතිස්ස රජතුමා විසින්. ඔයාලා සමහරවිට අහලත් ඇති අගනුවර පොළොන්නරුවට ගෙනියන්න කළිං දළඳා වහන්සේ වැඩ සිටි පළමු විහාරය ඉසුරුමුණිය රජමහා විහාරය කියලා. මේක තවත් ප්‍රසිද්ධයි ඉසුරුමුණි පෙම් යුවලගේ කැටයම, මිනිසා සහ අශ්ව හිස වගේම රජ පවුලේ කැටයම් වලට. ඉසුරුමුණි කෞතුකාගාරේ මේ දේවල් බලාගන්න පුළුවන්. ඒවා බලලා අපි ගියෙ ඉසුරුමුණි ගලට නඟින්න. ගල මුදුනටම නැග්ගම හරිම ලස්සනට වටපිටාව පේනවා.

IMG_20230506_174656.jpg
ගල මුදුනෙදි

IMG_20230506_175850.jpg

IMG_20230506_175734.jpg
ඇත් පොකුණ

ඊළඟට අපි ගියේ සඳහිරු සෑයට. ඒකට නම් අපි කළිං ගිහින් තිබුණේ නෑ. ගියාට පස්සේ තමයි තේරුනේ ඒක හදන්න කොච්චර වියදම් කරලද කියලා. ඒකත් රුවන්වැලිසෑය පරිශ්‍රයේ තියන ආකෘතියමයි. ලංකාවේ පැවතුන සිවිල් යුද්ධෙන් මිය ගිය රණවිරුවන් සිහි කිරීමට මහින්ද රාජපක්ෂ මහතා විසින් තමයි මේක හැදුවේ. එතකොට ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අර්ධ ගෝලාකාර ස්ථූපය තමයි සඳහිරු සෑය.

IMG_20230506_181344.jpg

IMG_20230506_181507.jpg

IMG_20230506_182203.jpg

IMG_20230506_183535.jpg
අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා

අන්තිමට අපි ගියේ රුවන්වැලිසෑයට. ටිකක් රෑත් වෙලා, මහන්සිත් වෙලා හිටපු නිසා අපි ජය ශ්‍රී මහා බෝධියට යන්නෙ නැතුව ගෙදර ආවා. ඉතිං, කාලෙකට පස්සේ වෙසක් දවස් දෙකේ අපි හොඳට ඇවිද්දා.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

දවසක නිදහසේ අනුරාදපුරේ ඇවිදින්න යන්න ඕනෙ. ඊළඟට යන්නෙ එහෙ කියලා අද හවසත් කතා වුණා. නිස්කලංක ලස්සනක් තියෙන්නෙ🥺❣️

පොසොන් වලට එන්න 🤗