අද මම ලියන්නෙ ටිකක් අමුතු තේමාවක් සහිත චිත්‍රපටයක් ගැන. අමුතුයි කිව්වට අමුතුමත් නෑ. හැබැයි ටිකක් වෙනස්.
ඔයාලා අහලා තියනවද surrogacy ක්‍රමයට දරුවන් හදා ගැනීම ගැන? ජීවවිද්‍යාත්මක ලෙස දරුවන් පිළිසිඳ ගැනීමට නොහැකි යුවලකට පුළුවන් නවීන තාක්ෂණයේ උදව්වෙන් වෙනත් කාන්තාවකගේ ගර්භාෂය තුළ කළලය තැම්පත් කර දරුවෙක් ලබා ගන්න. මෙම ක්‍රියාවලියට බොහෝ ලෙස මුදල් වැය කරන්න සිදු වෙනවා. ලංකාවේ මේ ක්‍රමයට දරුවන් හදා ගන්නවද කියල නම් මම දැනුවත් නෑ. 🤔 හැබැයි ඉන්දියාව ඇතුළු අනෙකුත් රටවල මේ දේ වෙනවා.
ජෝන් සහ සමර් කියන්නෙත් මේ විදියට දරුවෙකු පිළිසිඳ ගැනීමට නොහැකි වූ ඇමරිකානු යුවලක්. ඒ නිසා ඔවුන් ඉන්දියාවට පැමිණ surrogacy ක්‍රමයට දරුවෙක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් තරුණ සෞඛ්‍ය සම්පන්න කාන්තාවක් සොයනවා. එතකොට තමයි ඔවුන්ට මිමීව දකින්න ලැබෙන්නෙ. මිමී කියන්නේ දක්ෂ නර්තන ශිල්පිනියක්. විනෝදකාමී කෙල්ලෙක්. ඇගේ එකම සිහිනය තමයි බොලිවුඩයේ නිළියක් වීම.
ජෝන් සහ සමර් යුවල ඔවුන්ගේ ටැක්සි රියදුරා භානුට කියනවා මිමී වගේ කෙනෙක් තමයි එයාලට ඕන කියලා. ඔවුන් මේ වෙනුවෙන් ලක්ෂ 20ක් ගෙවන්නත් කැමැතියි. භානු මේ ගැන මිමීට කිව්වම එයා ඒකට කැමති වෙන්නෙ මුදල් ලබා ගෙන මාස 9 න් පස්සේ මුම්බායි ගිහින් බොලිවුඩ් නිළියක් වෙන්න හීන දකින ගමන්. කොහොමහරි ජෝන්-සමර් යුවලගේ බලාපොරොත්තු ඉටු කරමින් මිමී ගැබ් ගන්නවා.
ඒත් ඒ සතුට ටික කාලෙකින් විනාශ වෙලා යනවා. ඒ, මිමී පිළිසිඳ ගත්ත දරුවා ආබාධිත දරුවෙක් කියලා reports වල පෙන්නුවට පස්සේ. නොහිතපු විදියට මේ යුවල ඒ ලැබෙන්න ඉන්න දරුවව ප්‍රතික්ෂේප කරලා ආපහු යනවා. ඒත් අන්තිමට මිමී නිරෝගී පිරිමි දරුවෙක් බිහි කරනවා! ඉතින් තමන්ගේ හීනත් ඔක්කොම පැත්තකට දාලා අනුන්ගේ දරුවෙක්ට අම්මා කෙනෙක් වෙන මිමීට මොකද වෙන්නේ කියලා දැනගන්න නම් චිත්‍රපටය නරඹන එක හොඳයි.
මේ චිත්‍රපටය පසුගිය ජූලි 26 Netflix හරහා නිකුත් වුණා. මේක comedy/drama genre එකේ චිත්‍රපටයක්. මිමීගේ චරිතය Kriti Sanon හා භානුගේ චරිතය Pankaj Tripathi විසින් නිරූපණය කරනවා. මේ චිත්‍රපටය තුළ Kriti ගේ රංගනය ඉතාම ඉහළයි. මේක ඇයට ලැබුණු වෙනස්ම විදියේ චරිතයක්. ඒ වගේම ඒක ඇගේ රංගන දිවියේ හොඳ turning point එකක් වේවි. ඒ වගේම තමයි Pankaj Tripathi ගේ විශිෂ්ඨ රංගනය.👏 එයාලා හරි ලස්සනට screen එක බෙදා ගත්තා. ඒ වගේම මෙය සංගීතවත් කරලා තියෙන්නේ A. R. Rahman විසින්. මම මේකෙ කැමතිම Shreya Ghoshal විසින් ගායනා කරන " Param Sundari" කියන ගීතයට.🔥
අම්මා කෙනෙක් වෙන්න දරුවෙක් බිහි කරන්නම ඕනෙ නෑ වගේම අම්මා කෙනෙක් වෙන්න දරුවා තමන්ගේම වෙන්න ඕනෙත් නෑ කියන කාරණාව මේකෙන් ඉස්මතු කරනවා. "අම්මා" කියන්නේ පුද්ගලයෙක්ටත් වඩා හැඟීම් සමුදායකට. දරුවෙක් බිහි කළ පමණින් කාන්තාවකට "අම්මා" කෙනෙක් වෙන්න බෑ. එහෙම වුණා නම් ඉපදුණු ගමන් දරැවන් මහමග දමා යන පුවත් අපිට අහන්න ලැබෙන්නෙ නෑ. හාස්‍යත් එකතු කරලා මේ චිත්‍රපටයෙන් දෙන්න හදන්නේ සමාජෙට ලොකු පණිවිඩයක්. කතාවේ සමහර තැන් වලදී මට නම් ඇස් වලට කඳුළු ආවා. හැම චරිතයක්ම අපිව හැඟීම්බර කරනවා. කොහොම වුනත් මේකෙදි අපිට happy ending එකක් බලා ගන්න පුළුවන්. අහ් තව දෙයක්. මේක සත්‍ය සිද්ධියක් මුල් කරගෙන යම් වෙනස්කම් කරමින් කරපු නිර්මාණයක් කියලා මට කියවන්න ලැබුනා. ඉතින්, අන්තිමට කියන්න තියෙන්නේ මේක බැලුවට පාඩු නෑ කියලා. 💖
ඒක නම් ඔයා කියල තියෙන විදිහට බලන්නම හිතෙනව.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Meka balnna. lassanai😍😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Mekath balanna ona. Kalin kiyapu ekath niyamai💯
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Mekat lassanai🤗kritige wenasma acting ekak
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
lassana kathawak wage danuna. balanna ona.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Aniwaren balnna 😋
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Added to the bucket list..
Thanks @thisarani96
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
You're welcome🤗
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ekanm balanna hithenawa
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Meka lassanai 🤗
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අපරාදේ හොද නෑ කියලා නොබලා හිටියේ...මේක කියෙව්ව නිසා බලන්න හිතෙනවා දැන්... 🙉🏃🏃
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Interesting ... Good news film එකෙත් ටිකක් මේ වගේ සිද්දියක් යන්නේ මුලදි. කොමඩියක්
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අනිවාර්යෙන්ම බලන්න හිතෙනවා ඒක නම්.කියලා තියන විදිහට පට්ට ෆිල්ම් එකක් වෙන්න ඕන.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit