The Power of Healing Words 🪄🥀

in hive-133716 •  last year 

Picsart_23-05-17_17-42-34-304.png

අපි ජීවත් වෙන්නේ හරිම කාර්යබහුල, අවුල්සහගත ලෝකයක. ඒ තුළ බොහෝ දුෂ්කරතා සහ වේදනාවන් තියනවා. ඉතිං, එවන් ලෝකයක ජීවත් වෙන අපි කිසි විටෙකත් 'වචන' වල, කෙනෙක්ව සුව කිරීමට හෝ නඟා සිටුවීමට තියන බලය අවතක්සේරු නොකළ යුතුයි. ක්‍රියාවෙන් කෙනෙක්ව රිද්දනවට වඩා වචන වලින් කෙනෙක්ව රිද්දන්න ලේසියි. ඒකට ගත වෙන්නෙත් බොහෝම සුළු මොහොතක්. එක තත්පරයක් හිතන්නෙ නැතිව කියන වචනෙකින් පුළුවන් තව කෙනෙකුගේ මුළු ජීවිතයම ක්ෂණයකින් වට්ටලා දාන්න. 'වචන' ඒ තරම් බලවත්. ඒ වගේම වචන වල තියනවා තවත් කෙනෙක්ව සුව කරන්න පුළුවන් මායාවක්. ඒවට පුළුවන් කෙනෙක්ට අවශ්‍ය සැනසීම, දිරිගැන්වීම හෝ බලාපොරොත්තු ගෙන එන්න.

සරලවම, අපි කෙනෙක්ට කිව්වොත් "ඔයාට මම ඉන්නවා" කියලා ඒ පුද්ගලයා තනිවී නැති බව ඔහුට මතක් කරනවා. ඔහුගේ අරගලය තවදුරටත් තනිව කරන්නට අවශ්‍ය නැති බව දන්වනවා. සුවදායක වචන එක්ක සමාන්තරව කරුණාව, දයාව පැතිරෙනවා. "මට ඔයාව තේරුම් ගන්න පුළුවන්", "ඔයා තනිවෙලා නැහැ" වගේ වචන තවත් පුද්ගලයෙකුට ඔහුගේ හැඟීම් බෙදා ගන්නට දනවන හරිම ආරක්ෂාකාරී වටපිටාවක් නිර්මාණය කරනවා. විනිශ්චයකින් තොරව අපි ඔවුන්ට සවන් දෙන්න සූදානම් බව ඉන් අඟවනවා.

Picsart_23-05-17_17-45-23-742.png

තවත් දෙයක් තමයි දිරිගැන්වීමේ වචන. "ඔයා හරි ශක්තිමත්", "ඔයාට මේක කරන්න පුළුවන්" වගේ දේවල් ඇහෙද්දි කෙනෙක්ගෙ විශ්වාසය ඇති වෙනවා. ඒවා ඔවුන්ව ඉදිරියට තල්ලු කරනවා. සමහර වෙලාවට, වචන වලින් අන් අයව සුව කරන්න පුළුවන් වඩාත් බලගතුම විදිය තමයි ආදරය හා ධනාත්මකභාවය. "ඔයා හරිම ලස්සනයි", "මම ඔයාට ආදරෙයි" වගේ දේවල් කෙනෙක් තුළ තියන වටිනාකම සහ සුන්දරත්වය ඒ අයට මතක් කරලා දෙනවා.

කරුණාව, දයාව, දිරිගැන්වීම හා ආදරය තෝරා ගැනීමෙන් අපිට මානසික සුවය හා ධනාත්මකභාවය ඇති කර ගන්නත් පතුරුවන්නත් පුළුවන් සහ ඒ තුළින් සතුට ළඟා කරගන්නත් අපිට පුළුවන්. හදවතින් කතා කරොත් අපිට පුළුවන් වෙනසක් කරන්න.

"Words Are Magic" 🥀

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Follow And Claim

reward.png

Words are magic! It's true.
We can build up people by words and also we can destroy people by our words!

That's right 🥀 we should be careful when we speak words because it's s a very sharp weapon.