The Visit (2015) 🎬🍿

in hive-133716 •  3 months ago 

Screenshot-2015-09-16-at-6.09.16-PM-900x542.png
Source

ඉස්සර කාලේ අපි ඉස්කෝලේ නිවාඩු දෙනකම් බලාගෙන ඉන්නෙ ගමේ යන්නනෙ. අපි ගම කියලා කියන්නෙ අපේ ආච්චි සීයා ඉන්න දිහාවට. ඉතිං ගමේ ගිහිල්ලා එයාලවත් බලලා එයාලගේ පරණ කාලේ කතන්දරත් අහලා විනෝද වෙන එක තමයි අපේ අරමුණ.

Becca සහ Tyler කියන්නෙ අක්කයි මල්ලියි. ඒ දෙන්නටත් ඕන වෙනවා එයාලා ජීවිතේට දැකල නැති ආච්චිවයි සීයාවයි බලලා එයාලා එක්ක කාලේ ගත කරලා එන්න. Grandparents ලා එවපු invitation එකකට තමයි මෙයාලා මේ යන්න ලෑස්ති වෙන්නෙ. Single mom කෙනෙක් විදියට ළමයි වෙනුවෙන්ම කැප වෙන අම්මටත් ටිකක් private space එකක් දෙන්න ඕන නිසාම අක්කයි මල්ලියි දෙන්නා තනියම සතියක් ඉන්න බලාගෙන තමයි මේ ගමන යන්න තීරණය කරනවා.

MV5BMzI0NTYxODQ2MF5BMl5BanBnXkFtZTgwMzAwMDE4NjE@._V1_.jpg
Source

එහෙ ගියාම Grandparents ලත් හරිම ආදරෙන් මේ දෙන්නව පිළිගන්නවා. එක එක කෑම ජාති හදලා දීලා හොඳින් සලකනවා වගේම ආච්චිගේ නීතී ටිකකුත් තියෙනවා. ඒ තමයි හොඳ විනෝදෙන් කාලේ ගත කරන්න, ඇති තරම් කන්න, හැබැයි කවදාවත් රෑ 9.30න් පස්සෙ කාමරෙන් එළියට එන්න බෑ. ඒ ඇයි? ඒක ඔයාටම තමයි බලලා දැනගන්න වෙන්නෙ.

8l60_fpf_00287r.jpg
Source

ආච්චි සීයා බලන්න යන මේ ගමන ගැන Becca පොඩි documentary එකක් කරනවා. ඒකෙන් Becca බලාපොරොත්තු වෙන්නෙ එයාගේ අම්මව Grandparents ලා එක්ක reconnect වෙන්න උදව් කරන එක. ඒ නිසා Film එක අපිට බලන්න තියෙන්නෙ found-footage style එකෙන්. Director වෙන්නෙ M. Night Shyamalan. ශ්‍යාමාලන් කියන්නෙ award winning horror/thriller writer කෙනෙක් සහ director කෙනෙක්.

නිවාඩුවක් තියන වෙලාවට ඔයාලත් බලන්න. අන්තිමට හැබැයි ආච්චි බලන්න ගමේ යන එකත් එපා වෙයිද දන්නේ නෑ!

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Review එක ලස්සනයි.බලන්න ආස හිතුනා මේක

Thank you