ජීවන පහන

in hive-133716 •  4 years ago 

IMG_20210804_175216.jpg
පුංච් පැටියා,ඉපදුනා.මුලු ගෙදරටම අලුත් ඉරක් පායලා වගේ.අලුත් සාමාජිකයා එනකන් කී දෙනක් නම් මග බලාගෙන හිටියාද.ඔන්න ඉස් ඉස්සෙල්ලම ඒ පුංච් මුහුණු පොඩ්ඩ දකින අම්මෙක්ට,තාත්තෙක්ට ඇතිවෙන හැගීම් වචනයට නැගිය නොහැක .ඒ පුංච් පැටියට ලෝකය පෙන්නන්ට ඒ අම්මා තාත්තා උත්සහ කරන්නේ දරුව බඩට ආපූ හැටියෙමයි.

16281400038179126669389454241936.jpg

"සිහින නෙලුම් මල්-පොකුණු පුරා
මගෙ පුතුගෙ කිරි සිහිනේ-සුවද කලා

මගෙ ලොවම ඒ සිහිනෙන් පහන් වෙලා
කිරි සුවඳ දේ මුවගේ පවන් සලා
බලා ඉඳින්නම් මා දිව රෑ පුතේ
මගෙ පුතු දිනෙන් දිනේ
ලොකු වෙන්නකෝ.

සුළැඟිල්ල පටලා හෙට යං පුතේ
ඇවිදින්නට මා හා මිදුලේ වටේ
අම්මා කියූ නාමේ මට දුන් පුතේ
රාජිණියකි දැන් මා පුතුගේ පිනින්.

හැම මව්වරුන් සේ අම්මා නුඹේ
සතුටින් හිඳිම් පිහිනා පුතුගේ නමින්.

පුතු දකින උදයේ හැමදාම දැං
නව දවසකි මට නම් දෙන වාසනා
හිරු සඳු දවල් රෑ මට පායනා
පුතු මිස වෙනින් කව්දෝ සුරතල් පුතේ.

16281402200551420148229029375765.jpg

ඔන්න ඉතින් ජීවිතයක් ආරම්භ වෙන,අපි දන්නා එහෙත් ඉන් පෙර තතු ගැන අපි කිසිම දෙයක් නොදන්නා ලෝකයේ විස්මය දනවන අපූරු උපතේ මුල තමයි මේ විදියට සිදුවන්නේ.
මිනිසාට පමණක් නොවේ.සතා සිව්පාවුන්ට පවා මේ දේවල් ඒ හා සමානවම නොදැනුනත් උන්ගේ ලෝකයට එන අලුත් ජීවය ආරක්ෂා කරගන්නට කොයිතරම් නම් උත්සහ දරනවද.

16281403421234216616571988058734.jpg

අපේ ලබැදියන් එක්ක ස්තුට හා දුක මැද ගෙවන ජීවිතය කොයිතරම් නම් සුන්දරද?ඇත්තටම අපි එකිනෙකා වෙනුවෙන් ජීවත් වෙන්ට මේ ලෝකයේදී කොයි තරම් නම් අභියෝග වලට මුහුණ දෙනවද?
ඒත් ඒක කොයිතරම් නම් කෙටි කාලයක් ද?මේ බලන්න මේ සුන්දර මල් පොකුර.
IMG_20210804_174600.jpg
කුඩා සුන්දර මල් කැකුළක් පිපෙන්නට සූදානම්,ඒ වගේම පිපී ලෝකය තුල සතුටින් ඉපිලෙන මල් ලෝකයේ තියෙන සුන්දරත්වය විදිනවා.අපේ ජීවිත වගේ.කොයි තරම් වද විද විද
වුවද සතුටින් ජීවත් වෙන්න උත්සහ කරනවා.

සැබෑවටම වියයුත්තේද එයමයි.කාලය ගෙවිලා යන්නේ මේ හැම දේම අපි ගොඩනගාගෙන යන අතර තුරයි.මේ ලෝකෙට ආපූ අපිට මුණගැහුණු අපේ ආදරණීය හිතවතුන්ගෙන් සදහටම සමුගැනීම කියලා නිම කරන්න පුලුවන් නම් හැබෑවට ඒ කරුණ ගැන සිතීමට වත් අප සූදානම් නැත.

බලන්න මේ මල් අතරේ පරව ගියපු මල් ඕන තරම්.ජීව්තද දිනක පරවේවි.
ඉතින් අපි ඇත්තට මුහුණ දෙන්න සූදානම් විය යුතුමයි.
සෑම දේකටම පෙර සූදානම ඉතා වැදගත් වන අතරම,ඉන් අපේ මනස සවිමත් කරනු ලබයි.
අපි සියල්ලෝම අදහන ආගම් වල මේ
සදහා සෑම ආකාරයකින්ම අවශ්‍ය පසුබිම එම ශාස්තෘන් වරුන් විසින් මිනිසාට දායාදකොට අවසන්ව ඇත.
IMG_20210804_175139.jpg
බුදුපියාණන් වහන්සේද අන් අයටත් වඩා ලෝකය හමුවේ ගැටී,ඉතා දුශ්කර බුදුබව ලබා,ලෝකයාට සේම සොබාදහමට ඉතා සමීපව කටයුතු කරමින්,ඒ තුලින්ම ලෝක යථාර්තය තේරුම්ගෙන අනන්ත සසර තුලින් ලෝක සත්වයා ගලවා ගනු පිණිස කටයුතු කරනලදි.

මුලු ලොවක් වැදුම් පිදුම් කරනූ ලබන උන්වහන්සේ ලොවට පහදා දුන්නේ,අප ජීවිත කාලය තුල සොබාදහමට පිටුපා ජීවත්වුවහොත් අපට එයින්ම දඩුවම් ජීවිතය අවසන් වුවද විදවන්නට සලස්වන බවයි.

ඒ වගේම ජීවිතය යනු සොබාදහමට උපමා කරන විට" තණ කොළයක් අග රැදුනු පිණි බිදුවක් හා සමාන බවත් ඒ හා සමාන ඉතා කෙටි කාලයක් අප ජීව්ත මිහිතලය මත රදා පවතින බවත්,සොබාදහමට ගරු කරමින් ජීවිතය ජීවත් කලයුතු බවත් පවසා වදාරන ලදි."
ජීවිතයේ පවතින්නා වූ අනියත භාවය නිතර පුරුදු කරන තැනැත්තා,එහි ඇති නිත්‍ය නොවන සොබාහවය මනාව වටහාගෙන ලෝකය හමුවේ ඇලීම් ,ගැටීම් අවම කරගැනීමට නිරන්තරයෙන් උත්සහ දරයි.අද වන විට ඒ මාර්ගය නිවැරැදිව පවත්වාගෙන යාමට උන්වහන්සේගේ මග අනුගමනය කරන පැවිදි ,උපැවිදි සියල්ලෝම උත්සහ දරන අයුරු විශාල වශයෙන් දැකගතහැක.
IMG_20210804_174410.jpg
ආධ්‍යාත්මික භාවය අතහරිමින් භොතිකය පමණක් පසුපස යන ලෝක වාසීන්ට එය පසක් කර දීම ඉතා අමාරු කාර්යක් උනද,කිසියම් දවසක ජීවිතයේ අවසාන අවස්තාවේ හෝ ඒ සියල්ලන්ටම මනාව මෙම පණිවිඩය වැටහෙනු ඇත.
ජීවිත කාලයක් පුරා වෙහෙසවී නිර්මාණය කරන්නාවූ නිවස පවා දිරාපත්වන්නේ අපටත් හොරාමය.
IMG_20210804_175315.jpg
ජීවිතය පහනක් ලෙස සැලකුව කළ,එයට දමන තෙල් පවතින තාක්කල් එහි ජීවය පවතී.එමෙන්ම ලෝකය බබලාවී.නමුත් අතර මැද, දැඩි සුළං හමුවේ ඒ පහන නිවී නොයන්නට බොහෝ ලෙසින් වෙහෙසෙන ලෝකයේ, කෙලවර එම පහණ නොනිමීම පවතියි කියා කාට නම් ස්තීරවම රැකිය හැකිද?

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Congratulations @wasana, you are our new Supreme Honeybee!

Thank you my dear

I am very sorry for the confusion, but I did not check to see if you were a Member of Steem Sri Lanka before publishing my post. Unfortunately, you must be a Member of the Community in order to qualify for this project.

I didnt understand what you say my friend

The Trickle Up project requires that you be an official Member of the Steem Sri Lanka Community, and you have been removed as a Member, so this means you have also been removed from the list of Trickle Up players. Again, I apologize because I was not informed that you were no longer a Member, and I did not check your profile before publishing my Trickle Up post for this week.