ඔටිසම් දරුවන්ගේ හෙට දවස වෙනුවෙන්.

in hive-133716 •  3 years ago 

කුඩා දරුවන්ගේ සහජ ඌනතා රෝග සුවපත් කළ නොහැකිද යන්න විමසා බැලීමේදී වඩාත් අවධානය යොමුකල යුත්තේ එවන් දරුවන් සුවපත් කළ හැකිය යන්න සුබවාදීව සිතීමයි.මේ දරුවන් වත්මන් සමාජයේ කෙතරම් අවධානයට ලක්වී තිබෙන්නේ දැයි පැහැදිලි වන්නේ එවන් දරුවන්ට භාවිතා කල මන්ද මානසික යන වචනය පවා ව්‍යවහාරයෙන් ඉවත්කර විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ලෙස නම්කර තිබීමත් දැන් දැන් එම දරුවන්ගේ හැකියාවන් හදුනාගෙන ඔහුන් ඒ සදහා යොමුකරවීමත් සමගය.
FB_IMG_16319827219632961.jpg

එවන් වාතාවරණයක් යටතේ මෙම දරුවන් සුවපත් කර නිරෝගී දරුවන් සේ සමජගත කරන්නට සුවිශේෂි හැකියාවක් ඇති දේශිය වෙද පරම්පරාක් අදටත් පවතී.ඒ වීදාගම වෙද පරම්පරාවයි .
ඔටිසම් යනු මන්ද මානසික හෝ මන්දබුද්ධික නැතිනම් ඩවුන්ස් සහලක්ෂන කියා නම් කරන මෙය ජාන විකෘති බාවයයි.ප්‍රදාන කරුණු දෙකක් මත සෑම දෙනාගේම ශාරීරික මානසික ලක්ෂණ මෙන්ම හැසිරීම් රටාවද දෙමාපියන්ගෙන් උරුම වේ.එමෙන්ම ජීවත්වන පරිසරයත් එහි ස්වභාවය යන කරුනු අනුවද එය වෙනස් වනබව හදුනාගත හැක.එසේ වෙනස්වන ලක්ෂන වර්ණදේහ ලෙස හදුන්වයි.
මෙම වර්ණදේහ යුගලන් හතලිස් හයකි.මවගෙන් හා පියාගෙන් සමව බෙදී එන මේවා,පාරම්පරික දේහ ලක්ෂණ අනුව උස්බව මිටිබව කලු සුදු බව තලෙලු බව මහත කෙසග බව යන ආදිය ජාන ලක්ෂණ වලින් හිමි වේ.වර්ණ දේහමගින් ඇතිවන තත්වයන් මත නිදන්ගත ‍‍‍‍‍‍‍‍රෝග ඇති වීමට හා අඩු වයසින් දරුවන් මියයාමට හා දුබල තාවයකින් පෙලීමට මෙම බලපෑම හේතුවේ.මෙම තත්වය අප ආයුර්වේදයේ දී අප හදුන්වන්නේ සහජ ඌනතා රෝගය නැතිනම් මනෝදුර්බල්‍ය රෝගය ලෙසයි.
Screenshot_20211112_214945.jpgගර්භනී කාලයේ පවතින සංකූලතා නිසාද උප්පත්‍තියෙන් පසුවද ඇති වීමට පුලුවන.මෙම රෝගී තත්වය ඇති වීමට හේතු ගොඩාක් ඇත.මෙයට පිං පවුද බලපෑමට පුලුවනි.මොකද දරුවන්ට වගේම මවුපියනටද මෙයින් බලපෑමක් තිබෙන නිසා.
FB_IMG_16357649273695178.jpg
ගර්භනී කාලයේදී මවගේ මානසික තත්වය වගේ දරුවා ඉපදීමේදී වෙන සංකූලතා දරුවට ඕනි ඔක්සිජන් ප්‍රමාණය හරියට නැතිවීමෙන් දරුවාගේ ස්නායු වලට හානි වීමත් මවගෙන් හරියට මවුකිරි පානය කිරීමට දරුවට හැකියාවක් නැති වීමත් බලපාන්න පුලුවන්.
ඊට අමතරව මවගේ හරි පියාගේ හරි පවුලක මෙහෙම ඔට්සම් රෝගියෙක් ඉන්නවනම් දරුවෙක්ටත් ඒ තත්වය ඇතිවෙන්න හේතුවක් වෙන්න පුලුවන්.IMG_20211112_215138.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

안녕하세요 wasana님

랜덤 보팅 당첨 되셨어요!!

보팅하고 갈께요~

좋은 하루 보내세요!!

Turtle-lv1.gif