පිරිත් දේශනා

in hive-133716 •  3 years ago 

IMG_20210902_183120.jpg
බෞද්ධ ආගමික චාරිත්‍ර විදි අතර පිරිත් දේශනාව තරම් බොදුනු ජනතාවගේ හදවත් වලට කා වැදී ගිය වෙනත් දෙයක් නැති තරම්ය.
FB_IMG_16305863251740449.jpg ලෞකික ජිවිතයේ දී මුහුණ පාන්නට සිදුවන විවිධ අන්දමේ දුක් කරදර වලින් සහනය ලබා ගැනීමටත්,මංගල සම්මත කාර්‍ය්යන් හි දි රත්නත්‍රයේ ආශිර්වාදය ලබා ගැනීමටත් පොදු ජාතික ආපදාවන්හි දී සාමයේ ආලෝකය උදාකර ගැනීමටත් පොදු ජාතික ආපදාවන්හි දී සාමයේ ආලෝකය උදාකර ගැනීමටත් අවුරුදු දෙදහස් පන්සියකටත් අදික බෞද්ධ ඉතිහාසයක් තුල පිරිත් දේශණය ඉටු කර ඇති සේවාව ගිණිය නොහැකි තරම් ය.

FB_IMG_16305878190233506.jpg
බෞද්ධ ගිහි පැවදි දෛනික ජීවන රටාව තුලටද පිරිත පිවිස ඇත්තේ වෙන් කල නොහැකි අංගයක් වශයෙනි.අති දීර්ඝ කාල සීමාවක් තිස්සේ පිරිතෙහි අගය ස්වකීය ප්‍රත්ත්‍යික්ශයෙන්ම අවබෝධ කොට ගෙන ඇති බෞද්ධයාට එහි වටිනාකම් ගැන පුන පුනා කීම අනවශ්‍යය.
පිරිත හා අඛන්ඩ සම්බන්දතාවයකින් යුක්ත බෞද්ධ ආකල්පය වඩාත් ඵලදායී අංශයකට යොමු කරනු පිනිස මෙම සිංහල ගී පිරිත් දේශනා සම්පාදනය කිරීමට අදහස් කලෙමු.පිරිත් සූත්‍ර දේශනා ආරක්ෂක බලය පමණක් ගැබ් වී ඇති හුදු වචන මාලාවක් නොවේ.විවිධ වැදගත්කම් වලින් හෙබි අර්ථවත් බුද්ධ දේශනා රැසක්ම එහි අන්තර්ගතව ඇති අප විසින් සිහිකළ යුතුය.
චන්ද පරිත්ත,සූරිය පරිත්ත ,මොර පරිත්ත ධජග්ග පර්ත්තය,ඉසිගිලි සූත්‍රය ,මහාසමය සූත්‍රය,ආටානාටිය සූත්‍රය ඛන්ද පරිත්තය ආදි සූත්‍ර කිහිපයක් ඒවාහි ඇතුලත් කරුනු අනුව සලකා බලනවිට කෙලින්ම ආරක්ෂාව ලබා ගැනීම සදහා සම්පාදිත පිරිත් සූත්‍ර බව පෙනේ.ඒවාහි ධර්මමය කරුනු අඩු වීමත් කැපී පෙනෙන ලක්ෂණයකි.
FB_IMG_16305867139852050.jpgදසසික්ඛා,සාමනේර ප්‍රන්නාහ,පච්චවෙක්ඛණා,දසධම්ම සූත්‍රය වැනි කොටස්,භික්ෂු ජීවිතයේ හැඩ ගැස්මට හේතුවන ආචාර හා ආකල්ප පද්දතීන්ගෙන් යුක්තවී ඇත .මහා මංගල,මිත්තානිසංස,පරාභව,වසල වැනි සූත්‍ර වලින් ගිහි ජීවිතයට විශේෂයෙන් යෝග්‍ය වන ගුණ ධර්ම හා ආචාර සමාචාර පද්දතියක් ඉදිරිපත් වේ.බෞද්ධ ගිහි ජීවිතය සාරවත් ,හරවත් එකක් බවට පත් කර ගැනීම සදහා අදාළ වන ගිණිය නොහැකි තරම් අගනා උපදෙස් රැසක් එම සූත්‍ර වලින් ඉදිරිපත් වී ඇත.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Reciting pirith and listening to pirith also give a relaxation to the mind.