අපේ රටේ තේ කර්මාන්තය අද තිබෙන තැන

in hive-133716 •  3 years ago 

16370783493684602096455237077310.jpg
තේ පැලෑටියේ විද්‍යාත්මක නාමය කැමෙලියා සිනෙන්සිස් (camelilia sinensis) ය.ඉංදියාවේ හිමාලය කදුපාමුල ඇසෑම් පළාතේ වනාන්තරවල වැවී තිබූ පැලෑටියක් ලෙස තේ හදුන්වයි.ක්‍රිස්තු පූර්ව දහවැනි සියවසේ චීන ජාතිකයන් විසින් සොයාගත් තේ ලංකාවේ පළමු වරට වානිජ වගාවක් ලෙස 1860 දී ශ්‍රීමත් ජේම්ස් ටේලර් මහතා විසින් ආරම්භ කරනු ලැබීය.මහනුවර පාත හේවාහැට ලූල්කදුර ප්‍රදේශයේ ලංකාවේ ප්‍රථම වානිජ තේ වගාව ආරම්භ වීමත් සමග අද වනවිට ලංකාවේ තේ වගාව වසර 160ක් තරම් වයෝවෘද්ධ තත්වයකට පත්ව සිටී.
IMG_20211118_204605.jpg
රජයට අයත්ව තිබී පෞද්ගලික සමාගම්වලට ප්‍රතිව්‍යුහගත කරන ලද තේ වතුවලට අමතරව කුඩා තේ වතු හිමියන් ඇතුලුව සෘජුව සහ චක්‍රව ජනගහනයෙන් ලක්ෂ විසිපහක් පමණ තේ වගාව සහ තේ කර්මාන්තය ඇසුරෙන් ජීවනෝපාය සලසා ගනිති.
නුවරඑළිය ,මහනුවර ,රත්නපුර ,ගාල්ල,මාතර,මාතලේ ,මොනරාගල ,බදුල්ල ,කෑගල්ල,යන දිස්ත්‍රීක්කවල ප්‍රධාන වශයෙන්ද හම්බන්තොට සහ කුරුණෑගල දිස්ත්‍රීක්ක දෙකේ සුලු ප්‍රදේශයක ද තේ වගාව සිදුකරනු ලැබේ.
ලංකාවේ නිපදවන තේවලින් සියයට 95ක්ම අපනයනය කරනු ලබයි.රට තුල පරිභෝජනයට ගනු ලබන්නේ සියයට 5ක් පමණි.අමු තේ දලු වලින් ලංකාවේ හරිත තේ, ලංකා කලු තේ, සහ ලංකා රිදී තේ යනුවෙන් නිමි තේ වර්ග නිපදවන ලබයි.මින් ලංකා කලු තේ කලවම් කර හෝ නොකර භාවිතා කරනු ලබයි.වගා කරන ප්‍රදේශයේ මුහුදු මට්ටමේ සිට උස අනුව රසයද වෙනස් වෙයි.
IMG-20211118-WA0002.jpg
ලංකාවේ ලියාපදිංචි තේ කර්මාන්තශාලා ගණන 700ක් පමණ ඇත.මේ වනවිට ඉන් 500ක් පමණ ක්‍රියාත්මක වේ.මේ වසරේ අප්‍රෙල් මාසයේ සිට රසායනික පොහොර භාවිතා නොකිරීමට රජය ගත් තීන්දුව නිසා තේ වගාවේ අස්වැන්න අඩු වූ බව කුඩා තේ වතු හිමියෝ පවසයි.කර්මාන්තශාලාවලට අවශ්‍ය දෛනිකව සැපයෙන අමු තේ දලු ප්‍රමාණාත්මකව නොලැබෙන බව තේ කම්හල් පරිපාලනය කියති.ගුණාත්මක බවින් ඉස්තරම් තේ යනුවෙන් මෙතෙක් තිබූ සන්නාමය ලෝකවෙළදපොලෙන් ලංකාවට අහිමිවී යාමේ අවදානමක් ඇති බව තේ අපනයන කරුවන් පවසනු ලැබේ.
කොවිඩ් වසන්ගතය හමුවේද තේ කර්මාන්තය නොනැවතී ක්‍රියාත්මක වීම නිසා එම ශේෂ්ත්‍රයේ පුරවැසියන් රජයට බරක් නොවීය.ඒ නිසා එවැනි මහා ආපදාවන්හිදි පවා තේ කර්මාන්තය මහා වෘක්ෂයක් සේ නොසැලී රටට සෙවණ දුන්නේය.ගෙවුන අවුරුදු දහයක කාලය තුල අපේ රටේ වාර්ෂික නිමි තේ නිෂ්පාදනය කිලෝ මිලියන තුන්සියය ඉක්ම වුවා.නමුත් 2020 අවුරුද්දේ ඇතිවු නියගය හේතුවෙන් වාර්ෂික නිමි තේ නිෂ්පාදනය කිලෝ මිලියන 270 දක්වා පහළ බැස්සාය.ඒ කියන්නේ 2020 වර්ෂයේ දී නිමි තේ කිලෝ මිලියන තිහක අඩු වීමක් වී ඇති බවය.
IMG-20211118-WA0000.jpg
තේ වගාවට අවශ්‍ය රසායනික පොහොර නොමැතිකමින් තේ ගස දලු කහ පාටයි.දලු අඩුයි කඩන්න අමාරුයි.හයියයි.කලට වෙලාවට ගස් කප්පාදු නොකළොත් වල් මර්දනය නොකළොත් මොන පෝර දැම්මත් වැඩක් නෑ.ඒ වගකීම තේ වතු හිමියා සතුයි.එහෙම වුනාම කලින් කඩපු ප්‍රමාණයට වඩා බාගෙට බාගයක් අඩුව තමා දලු කැඩෙන්නේ.සතියකට වරක් කඩන දලු දවස් දහයකට පසුව කඩනවා පසුව සති දෙකකට වරක් මෙසේ කැඩෙන වාර ගනන අඩු වීමක් තමා සිදු වන්නේ.
මෙසේ කාලයක් යනවිට ශ්‍රී ලාංකික තේ කර්මාන්තය සිලෝන් ටී සන්නාමය නැතිවීමේ අවදානමක මේ වන විට ඇති බවනම් පැහැදිලිය.රසායනික පොහොර තහනම නිසා දැන් වී ගොවීහු පාරට බැස උද්ඝෝෂණ කරති.තවත් මාස කිහිපයක් යනවිට තේ ගොවියා පමණක් නොව තේ කර්මාන්තයෙන් යැපුණු ලක්ෂ විසිපහක් පමණ වු ජන කොටසක් පාරට බැස උද්ඝෝෂණය කිරීම් වළක්වාගන්නට රාජ්‍ය පාලකයන් සැලසුම් සකසන්නන් තීන්දු තීරණ ගන්නන් ක්‍රියාකල යුතුව ඇති බව තේ කර්මාන්තයේ යැපෙන්නන්ගේ විශ්වාසයයි.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

tea gardens are economic pursuits in our city, but tea is more lively in cold cities, such as takengen cities in our country

මේ හැමදේටම මුල කමිශන් බලාපොරොත්තවෙන් පාලකයින් තීරණ ගැනීමයි.

Ow,ape wattet wenada kadana quantity 1 dan dalu kadanna be.ehema unama tea pela walatat honda na