Hello Everyone !..
ඉතින් අවුකන ගමනෙ දෙවෙනි කොටස තමා දැන් පටන් ගන්න යන්නෙ.අපි අවුකන විහාරයෙන් එලියට ඇවිල්ල එලියෙ කඩේකට ගිහින් හොද සීතල බීම එකක් බිව්ව.ඒක හොද දොඩම් බීම එකක්.ඉතින් ඊටපස්සෙ අපි කතා උනා කලාවැව බලන්න යන්න.එතන ඉදල පයින් යනව නම් 4km විතර තියෙනවා.ඒ නිසා අපි ආයෙම මහපාරට ඇවිත් බස් එක්ක යමු කියල කතා උනා.කොහොමහරි බස් එකක් හම්බෙලා කලාවැවට ටිකට් එහෙමත් අරගෙන යන්න පිටත් උනා.එක තැනකදී හම්බුනා ලොකුම ලොකු වැවක්.අපි හිතුවෙම ඒ කලාවැව කියල.ඇත්තටම ඒකට කියන්නෙ බළල් වැව කියල.එතනිමුත් ටිකක් දුර ගියාම තමා කලාවැව හම්බෙන්නෙ.ඉතින් කලාවැව ලගින් බැහැල අපි ගියා වැව් ඉවුරට.
හිතාගන්න බැරිතරම් විශාල වගේම ලස්සන වැවක් ඒකනම්. අපේ රටේ මිනිස්සු මෙච්චර දක්ශයිද කියල මට හිතුනා.ඇත්තටම ඒ වගේ වාරි තාක්ශනයක් එක්ක ඒ වගේ විශාල වැව් පද්ධතියක් නිර්මාණය කරපු අපේ පැරැන්නන්ට අපි ගරු කල යුතුමයි.නාන්න ඇදුම් අරං ගියෙ නැතිනිසා නාගන්න නම් බැරිඋනා. කොහොම නමුත් වැව දිහා බලාගෙන ගොඩක් වෙලා අපි එක එක දේවල් කතා කර කර හිටිය.එතන ඉද්දි හිත නිදහස් වෙනව ගොඩක්.කපල් එක්කට නම් කියාපු තැනක්. ඒ වගේ බංකුත් තියෙනවා වැව රවුමෙ බලල් වැව පැත්තට වෙනකම්ම. එතන ඉදල අපි ආපහු එන්න පටන් ගත්තා.
මොකද වෙලාවට කැම්පස් එකට එන්න ඕනි නිසා.පයින් එනව එනව විතරයි මතක පැයක් විතර යනකම් බස් එකක් නම් ආවෙ නෑ. අන්තිමට අපිට ගල්නෑව නගරයට එන්න බස් එකක් හම්බුනා.මේ පැතිවල තියන ලොකුම අවුලක් තමා මගීබස් වැඩ කරන්නෙ නැතිඑක.හවස් වරුවෙන් පස්සෙ ගොඩක් පැති වලට බස් යන්නෙ නෑ.අපිටත් උනේ ඒ දේම තමා. ගල්නෑවෙ ස්ටෑන්ඩ් එකට කොච්චර කලින් ආවත් බස් එකක් තියෙන්නෙ හවස 6ට කිව්වා.ඒකත් විශ්වාස නැහැ කිව්ව. මොනා කරන්නද පුලුවන් විදිහට වාහනයකට හරි අතදාලා යනව කියල හිතල පයින්ම යන්න අපි තීරනය කලා.ගල්නෑවෙ ඉදල කැම්පස් එකට 12km විතර තියෙනවා.දවසම ඇවිදලා තව ඇවිදින්න තිබ්බම නියමයි තමා.
පොඩි පොඩි බයිට් පැකට් ටික්කුත් අරගෙන පයින් ආව අපි පැයක් විතර.ඔන්න එතකොටම වගේ බස් එකක් ආව. ඒකෙ නැගල බුල්නෑව කියන තැනට ආවා. තවත් 5kmට වඩා යන්න තියෙනවා.අමාරුවෙන් අමාරුවෙන් පයින් ඇවිදිනකොට සීයා කෙනෙක් ආවා අත්ට්‍රැක්ටරයක.ඒ වෙලාවෙ හැටියට නම් ඒක හිතුනෙ කාර් එකක් වගේ. ට්‍රැක්ටර් එකේ නැගල කැම්පස් එක ලගටම වගේ ආවා අපි.ඒ සීයට පින්සිද්ද වෙන්න වෙලාවට කැම්පස් එකට එන්න පුලුවන් උනා.හවස2 විතර වෙනකොට එන්න ගියපු අපි අන්තිමට ආවෙ හවස 6ත් පහුවෙලා.
නියම කට්ටක් තමයි සෙට් උනේ.හැබැයි හරි විනෝදයි. ඊලග දවසෙ academic තියෙනවා කියල හිතාගෙනම මහන්සියෙන් ඇදට වැටුන.
ඉතින් ඕක තමා අපේ කලාවැවේ කතාව.අලුත් කතාවක් අරගෙන එනකම් හැමෝම පරිස්සමින් ඉන්න.
ස්තූතියි 🙏🏻🙏🏻