Panthera Pardus Kotiya

in nature •  6 years ago  (edited)

යුරෝපය කාර්මික විප්ලවය වැනි සිදුවීම් ඔස්සේ් ධනවත් රාජ්‍යයන් බවට පත් වූ අතර ඒ සමඟ සිදු වූ පරිසර හානියද අතිමහත්ය.දැන් ඔවුනට නැරඹීමට තරම් ස්වභාවික පරිසරයක් නොමැත.ඇත්තේ නම් ඒ රටවල් කිහිපයකට පමණි.ඔවුන් දැන් නරඹන්නේ වෙනත් රටවල්වල අලංකාරයයි.ඒ මුදල් වියදම් කර විදෙස් සංචාර යාමෙනි.

      ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටක් වන අතර සැලකිය යුතු තරම් අඟනා අලංකාර ස්වභාවික පරිසරයක් ඇත.දියුණුව යැයි පවසමින් මිනිස් ජනාවාස ඉදිකිරීම,මංමාවත් ඉදිකිරීම ආදිය අක්‍රමවත් ලෙසත් පටු අදහස් හා අරමුණු ඔස්සේ සිදුකිරීමත් නිසා සිදුවන වන විනාශය අතිමහත්ය. 

      මේ ඔස්සේ සතුන්⁣ට ජීවත්වීමට වාසස්ථාන අහිමි වන අතර ඔවුන් ගම් වැදීම දැන් දැන් බහුලව සිදුවේ.නමුත් එවැනි සිදුවීම් සඳහා පැලැස්තර ඇලවීම මිස තිරසාර විසඳුම් සෙවීමට තරම් පාලකයන්ගේ ද ජනතා⁣වගේද ආකල්ප දියුණු නැත. 

      විල්පත්තුව වන විනාශය,නකල්ස් වන විනාශය,ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතනය,ආසන්නතම සිදුවීම කිලිනොච්චියේදී දිවියෙකු අමානුෂික ලෙස ඝාතනය කීරිම ආදිය සිදු වූ හානිවලින් හෙලි වූ ඒවා පමණකි.සිදුවන හානිය ඊට වඩා දස දහස් ගුණයකින් වැඩි ය. 

මේ සඳහා ගත යුතු පියවර මොනවාද??සිදුකළ යුත්තේ කුමක්ද? තීරණය ඔබ සතුයි...

      © CM [2018.06.22]
Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Hey @chamaram, i see you like nature as much as we do,
and we would love to invite you to our Discord server.
On our discord you can find more people that like nature and countless other things.
And it is possible to promote yourself. Keep on posting ;)
http://discord.gg/B6CxGGS