ජීවිතයට මනෝවිද්‍යාව

in srilankanssinhalis •  2 years ago  (edited)

echo chamber යනු පුද්ගලයෙකුට තමාගේම මතයන් පිළිබිඹු කරන සහ ශක්තිමත් කරන තොරතුරු හෝ මතයන් පමණක් මුණගැසෙන පරිසරයකි. Echo chambers මගින් වැරදි තොරතුරු නිර්මාණය කළ හැකි අතර පුද්ගලයෙකුගේ ඉදිරිදර්ශනය විකෘති කළ හැකිය, එබැවින් විරුද්ධ දෘෂ්ටිකෝණයන් සලකා බැලීමට සහ සංකීර්ණ මාතෘකා සාකච්ඡා කිරීමට ඔවුන්ට අපහසු වේ. අපිට තොරතුරු විවිධ මූලාශ්‍රවලින් සහ දෘෂ්ටිකෝණවලින් පැමිණිය හැකිය. නමුත් ඔබ එකම දෘෂ්ටිකෝණයකින් සහ අදහස් නැවත නැවතත් ඇසෙන විට, ඔබ echo chamber ලෙස හඳුන්වන දෙයක සිටිය හැක.

සාමාන්‍යයෙන් අපි හිතන පතන ආකාරයට සරිලන විදිහට තමයි අපි වටේට හැදෙන සමාජ මාධ්‍ය බුබුල නිර්මාණය වෙන්නෙ. සවිඥානිකව අපි ඇතිකරගන්න පුද්ගල සබඳතා, නැඹුරුතාවන්ට අමතරව ඒ නැමියාවන් අධ්‍යනය කරන සිස්ටම් එක අපිට suggest කරන දේවල් වලින් , ක්ලික් එකක්, අකුරක් පාසා මේ බුබුල හැම තිස්සෙම පෝෂණය වෙනවා. මේ මොහොත වනවිට ඔබගේ ෆේස්බුක් ෆීඩ් එකේ ඉතාම ඍණාත්මක දේවල් ඔබට පෙනෙනවා නම් එයට හේතුව ඔබ විසින් ක්ලික් කරපු හොයාබලපු දේවල් මත හැදුනු සිස්ටම් එක එයට හේතුවයි. එය කෙසේවත් ඔබේ මානසික සෞඛ්‍යයට හිතකර නොවේ.

පවතින විශ්වාසයන් ශක්තිමත් කරන තොරතුරු වලට දිගින් දිගටම අනුග්‍රහය දැක්වීමේ ප්‍රවණතාවය මත තහවුරු කිරීමේ පක්ෂග්‍රාහීත්වය මගින් අපගේ අදහස් අර්ධ වශයෙන් පෝෂණය වේ. උදා- ඔබ එක්තරා දේශපාලන මතයකට ලැදි අය පමණක් ඔබගේ මිතුරන් කරගන්නේ නම් හෝ ඔබ ෆලෝ කරන පේජ් හෝ ගෲප් එම දේශපාලන මතය පිලිහිඹු කරන ඒවා නම් ඔබගේ දේශපාලන මතය තදබල ලෙස ඔබට ග්‍රහණය වනු ඇත. එය නිරන්තරයෙන් ඇහෙන්න දකින්න වන තරමට ඔබේ මොළය තුල බුද්ධිමය වැරදි හෙවත් මනෝවිද්‍යාව තුල විස්තර වන ප්‍රජානන වැරදි ( Cognitive errors) ඇතිවිම වේගවත් වේ. ඉන්පසු ඇතිවන්නේ ඔබට වෙනත් මතයක් ඉදිරිපත් වුවහොත් එය සාකච්ඡා කිරිමට තියා චින්තනය මෙහෙයවා හරි වැරදිද කියා විමසීමටවත් මොළය උත්සාහ නොකිරීමයි.

ඔබ ශේයා කරන්නේ දුක්මුසු ආදරය විරහව දැනෙන පෝස්ට් නම් ඔබට ඒවා වැඩි වැඩියෙන් suggestion වශයෙන් ප්‍රදර්ශනය කිරීම ස්වංක්‍රීයව සිදූවේ. මෙමගින් echo chambers බොහෝ වැඩි වන අතර ඒවාට ඔබේ අවධානය පහසුවෙන් ලැබේ.

අන්තර්ජාලයේ ෆිල්ටර් බුබුලක් ලෙස හඳුන්වන අද්විතීය ආකාරයේ echo chamber එකක් ද ඇත. පෙරහන් බුබුලු සාදනු ලබන්නේ ඔබ ක්ලික් කරන දේ නිරීක්ෂණය කරන ඇල්ගොරිතම මගිනි. ඔබ දැනටමත් ක්ලික් කර ආසාව ප්‍රකාශ කර ඇති දේට සමාන අන්තර්ගතයන් මූලිකව ඔබට පෙන්වීමට වෙබ් අඩවි පසුව එම ඇල්ගොරිතම භාවිතා කරනු ඇත. මෙය ඔබට අන්තර්ජාලය හරහා නව අදහස් සහ ඉදිරිදර්ශන සොයා ගැනීම වැළැක්විය හැක.

ඔබ කිසියම් echo chambers හසුවී දැයි හඳුනා ගන්නේ කෙසේ ද?

Echo chambers හදුනාගැනිමට එකවර අපහසු අතර ඒවා හදුනාගැනිමට උපක්‍රමශීලී විය යුතුය. විශේෂයෙන් ඔබ ෆලෝ කරන පුද්ගලයෙක්, සමාජ කණ්ඩායමක් හෝ වෙබ් අඩවියක් echo chamber එකක් විය හැකිදැයි ඔබ කල්පනා කරන්නේ නම්, නැවතී ප්‍රශ්න කිහිපයක් ගැන සිතන්න:

ඔවුන් කිසියම් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් එක් ඉදිරිදර්ශනයක් පමණක් දීමට නැඹුරු වේද?

එම දෘෂ්ටිකෝණයට ප්‍රධාන වශයෙන් සහාය වන්නේ කටකතා හෝ අසම්පූර්ණ සාක්ෂිද? උදා- ඒවා ගොසිප් සයිට් ද? ඔහුන් එම තොරතුරු ඉදිරිපත් කරන්නේ කොහෙන් හරි අහුලගෙන ද? යන්න

එම මතයට පටහැනිව යන සෑම අවස්ථාවකම කරුණු නොසලකා හරිනවාද? උදා- යම්කිසි පේජ් එකක් හෝ ඔබ ෆලෝ කරන පුද්ගලයෙක් එකම මතයක් පමණක් ඉදිරිපත් කරන අයෙක් ද? ඒවගේම ඔහුන් ඇත්ත කරුණු ඉදිරිපත් වි තිබිය දි පවා ඒවා සගවමින් හෝ වෙනත් කතාවන් ඉස්මතු කරනවා ද? ඔහුන් ඉදිරිපත් කරන්නේ එකම මතයකට පක්ෂපාති කාරණා ද?

ඔබ මෙම ප්‍රශ්නවලින් එකකට ඔව් යැයි පිළිතුරු දුන්නේ නම්, ඔබට echo chamber එකක් හමු වී ඇත. එසේ නම් එය අන්ෆලෝ කිරීමේ වගකීම ඔබට බාර දෙමි.

echo chambers වළක්වා ගැනීම

echo chambers වළක්වා ගැනීමට පරිපූර්ණ ක්‍රමයක් නොමැත, නමුත් ඔබට නිවැරදි මාර්ගයේ සිටීමට උපකාර කළ හැකි උපදෙස් කිහිපයක් මෙන්න.

ඔබට සම්පූර්ණ, වෛෂයික තොරතුරු ලැබෙන බව සහතික කිරීම සඳහා බහු ප්‍රවෘත්ති මූලාශ්‍ර පරීක්ෂා කිරීමේ පුරුද්දක් ඇති කරගන්න.

විවිධ දෘෂ්ටිකෝණයන් සහිත පුද්ගලයින් සමඟ අන්තර් ක්‍රියා කරන්න, සහ කරුණු, ඉවසීම සහ ගෞරවය සමඟ නව අදහස් සාකච්ඡා කිරීමට වග බලා ගන්න.

ඔබට යමක් සත්‍ය වීමට අවශ්‍ය වූ පමණින් එය සත්‍ය නොවන බව මතක තබා ගන්න.

ඔබේ මතවලට විරුද්ධව කරුණු ඉදිරිපත් කරන අදහස්වලට ද අවධානය දෙන්න. විද්‍යාඥයෙක් ආකාරයට තොරතුරු හොයන්න. ඔහුන් එක් මතයක ඇලිගැලි නැත. නිරික්ෂණය පර්යේෂණ මගින් තොරතුරු සත්‍යතාවය අසත්‍යතාවය සොයාබලයි.

කිසිදෙයක් දැඩිව අල්ලා ගැනිමෙන් වලකින්න. විවිධ අදහස් ඇති ෆෝස්ට් නිව්ස් මෙන්ම ජෝක් ෆෝස්ට් හෝ කතා ද බලන්න.

නිතරම දුක ප්‍රමෝට් කරන, තරහ අවුස්සන වෛරය ඇතිවන ඒවා ශේයාකරන හෝ බෙදාහරින පේජ්, නිව්ස් චැනල්, පුද්ගලයන්ව අන්ෆලෝ කරන්න.
උදා- උදේට ලංකාවේ වෙන්නෙ මොනාද බලන්න නිව්ස් ෆීඩ් එක බලනවා. උඩ ඉඳන් පහළටම නෙගටිව්. ආයෙ බලන් නෑ කියලා යනවා. පස්සෙ ආයෙම බලන්න හිතෙනවා මොන මගුලක් වෙලාද දන්නෙ නෑ දවසක් දෙකක් යද්දි කියලා.සමහර වෙලාවට නෙගටිව් වයිබ් එක අයින් කරගන්න තේරෙන් නෑ එහෙම ගෘප්, මිනිස්සු අන්ෆලෝ කලත් ඒකම තමා ෆීල් වෙන්නේ.එක්කො ඒවා දැක්කම තරහා යනවා නැත්තන් දුක හිතෙනවා. දවස තුල ඔබට මැවෙන්නේ ඔබ සෝෂල් මිඩියාවල උදේට දැක්ක දේ. ඒ නිසා පුලුවන් නම් නැගිට්ට ගමන් සෝෂල් මිඩියා හෝ ප්‍රවෘත්ති බලන්නේ නැතිව ඔබ දවසේ ඉලක්ක කරගත්ත ඒවා මෙනෙහි කරන්න. ලියන්න. සැලසුම් හදන්න. උදේ පැයෙන් පස්සේ අවශ්‍ය නම් විතරක් ෆෝන් එක ගන්න.

හැකිනම් ටික දවසකට සමාජ මාධ්‍යයෙන් ඉවත් වෙන්න.

ඔබේ මානසික සෞඛ්‍ය සදහා ඔබ අසාකරන subject වලට අදාල pages Follow කරන්න. ඔබව දිරිගන්වන, ධනාත්මක වෙනසක් ඔබේ මනස තුල ඇතිකරන , අලුත් මානයන් පෙන්වන පේජ් හෝ ගෲප් ෆලෝ කරන්න.

( මන් මේක ලියන්න ගොඩාක් දවස් ඉදන් හිතන් හිටියා නමුත් පෙරෙදා විශ්වවිද්‍යාල ගැහැණු ලමයගේ මරණෙන් පස්සේ ආයේ ලියන්න හිතුනා. පෙරේදා ඊයේ අද දවස් තුනේම යන්නේ මාධ්‍යවල යන්නේ ඒ මරණය. ඇත්තටම මේක අපේ මානසික සෞඛ්‍යයට හොදම නැහැ.)

තාරු පරණවිතාන

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!