Kataka Live in Concert 🔥🖤

in steemit •  2 months ago 

Hello Everyone! මම හිතනවා හැමෝම හොදින් ඉන්නවා කියලා. ඊයේ ඉදන් තාමත් හොදටම වැස්ස අපිට. ඒ නිසා නිවාඩු දවසෙ කොහෙවත් යන්න විදිහක් නෑ. ඉතිං කම්මැලිකමේ ගෙදරට වෙලා ඉන්න නිසා කරන්නම දේකුත් නැති එකේ මොනාහරි ලියන්නම හිතුනා. මේ සීතලේ ඉන්න වෙලාවේ මගේ ඔලුවට ආවේම ඇග රත්වුනු දෙයක් ගැන ලියන්නමයි. ඇග රත්වෙනවා කිව්වාම කවුරු හරි බලයි ඒ මොකක් ගැනද කියලා. හැබැයි ගොඩක් අයට මේක විශේෂ නැති දෙයක් වෙන්න පුලුවන්. ඒ වුනාට මට නම් මේක මගේ ජිවිතේ ගොඩාක් වටින දෙයක්. ඉතින් එහෙම ඇග රත්වෙනවා කියලා මං කිව්වේ ඒක Concert එකක්. එක හැබැයි නිකන්ම නිකන් Concert එකක් නෙමෙයි, රැප් Concert එකක්. ඒකත් නිකන්ම නිකන් Rap Concert එකක් නෙමෙයි, 100% Live Concert එකක්.

IMG_7967.jpeg

Drill Team කිව්වාම ගොඩක් අය දන්නවා වෙන්නත් පුලුවන්, ගොඩක් අය දන්නේ නැති වෙන්නත් පුලුවන්. Drill Team කියන්නේ Rap Crew එකක්. ලංකාවේ ඉන්න පරණම Rap Team එක කිව්වත් මං හරි වෙන්න පුලුවන්. ඉස්සෙල්ලම මම Rap එකක් කියලා ඇහුවේ ඉස්කෝලේ යන දවස් වල Drill Team ලගේ දෙවියන්ගේ බාරේ Rap එක. ඉස්සෙල්ලම ඒක අහපු පාර පොඩි කික් එකක් ආවා. ඊට පස්සේ මම කලේ මෙයාලගේ තව සිංදු තියෙනවද කියලා හොයපු එක. එහෙම හොයන කොට මට තව Rap කිහිපයක්ම හම්බුනා. පස්සේ වුනේ දන්නෙම නැතුව ඒවට ඇබ්බැහි වුන එක.

IMG_7968.jpeg

ඉස්සර ඉස්කෝලේ යන කොට හැමදාම උදේට ඇදුම් අයන් කරද්දි මම කාමරේ ඉදන් Drill Team ලගේ Rap අහනවා. ආපහු ගෙදර ආවාම හවසටත් හයියෙන් ඕවා Play කරනවා. හැබැයි අපේ අම්මට නම් ඒක හරි ගියේ නෑ. එයා අහන්නෙම "මොනාද බං ඔය අහන සිංදු, ඕවගේ තේරුමවත් දන්නවද, මෙලෝ දෙයක් තේරෙන්නැ" කියලා 😂 අපේ අම්මලට ඉතින් රැප් තේරෙන්නේ නැනේ. ඒ හින්දා ඉතින් වැඩිය මං ගණන් ගන්නෑ ඒ කියන දේවල්.

IMG_7870.jpeg

කොහොම හරි ඉතින් කාලය ගත වෙලා යන කොට ටික ටික එකදිගට රැප් අහන එක අඩු වෙලා ගියා. ඉස්සර හැම එකක්ම වගේ කට පාඩමෙන් තිබුනා. ඒ උනාට දැන් නම් එච්චර වචන මතකත් නෑ. මට දැං තමා කල්පනා වෙන්නේ ඒ දිග රැප් වල වචන කොහොම මතක තියාගත්තද දන්නෑ, මොකද ඒ දවස් වල ඉගෙන ගත්තු දේවල් මතක තියාගන්න කොච්චර නම් ගේමක් දුන්නද 😂 කොහොම හරි ඉතින් ඔහොම කාලය ගියා, දැං මාස දෙකකට කලින් මං දැක්කා Drill Team ලා එයාලගෙම Concert එකක් කරන්න යනවා කියලා. මට ඉතින් ඒක දැක්කම පිස්සු වගේ නිකන්. අවුරුදු ගානක් බලන් ඉදලා Live Perform කරනවා බලන්න පුලුවන් වෙනවා කිව්වාම. කොහොම හරි මං ටිකක් ටිකත් කලින්ම Order කරා.

IMG_7505.jpeg

එයාලා අපිට කොච්චර Surprise එකක් දුන්නද කියනවනම්. Online ටිකට් Order කරාට එයාල අපිට ගෙදරටම Invitation එකකුත් එව්වා. ඒක ඇතුලේ තිබුනේ කාඩ් එකකුයි, Hair Band එකකුයි. ඒක ඇති හැමදාටම මතක තියෙන්න.

අන්තිමට Concert එකේ දවසත් ආවා. එදා Intro එකේ ඉදන්ම තනිකරම එතන පිස්සුවක්. Location එක Design කරලා තිබුන විදිහ, Sounds, Music, Performance ඔක්කොම 1000% කින් සුපිරි. මගේ ජිවිතේ මං බලපු සුපිරිම Concert එකත් අන්තිමට ඒක උනා.

" Manasick කියන්න එපා Drill Team කියන්න, Drill Team නැත්නම් Manasick නෑ" 🔥

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!