මැටි බිම සිමෙන්ති වලින් වැහුනා
සිමෙන්ති කඩලා ටයිල් ඇල්ලුවා
සල්ලි කාරයෝ ටෙරාසෝ කරා
අඩියේ ටයිල් අඩි දෙකක් දික් උනා
දෙක හතර උනා
ටයිල් උඩ ඉඳන් සිමෙන්ති වල ගුණ කිව්වා
කළු පාට රතු පාට සිමෙන්ති පොලිෂ් කරලා ගත්තම තියන සනීපෙ….
ෂඃ ඒක මේ ටයිල් වල කොහෙද….
සිමෙන්ති උඩ ඉඳන් මැටි වල හොඳ කිව්වා
මැටි පොළවක බූරු ඇඳක් උඩ කොස් ටිකක් තම්බන් කාල නිදාගන්න එක තමයි ජීවිතේ…….
පොලව දියුණු වෙලා…..
ඒත් අපි තාමත් බිම…..