වීරවිල පොඩි පැල්පතක් ළඟ
රටාවට අතුගාපු මිදුලක
බංකුවක් උඩ වරල සනසන
රුවැති කන්‍යාවියක හිස මත
සෙවන වූ මම
පාන්දර සිට දුර කතර ගෙවමින
වන්දනා එන නඩේ පිරිසක
ගිමන් නිමවා පවන් සලසා
උදේ භෝජන සංග්‍රහය වෙත
සිහිල වූ මම
හවස පාසල වෙතින් නික්මී
රංචු ගැසෙමින් දුවපු රෑණක
ඒ අහිංසක කවි කතාවට
රහසින් කන් දෙමින් තනියම
හිනා වුන මම
තිස්ස වෙහෙරෙන් හැමදාම හවසට
වැවට මුදුනින් වා තලය අතරින්
රාව දුන් ඒ පිරිත් අනුහස
නිසොල්මනයේ පුරා විඳිමින්
තවත් තර වූ මම
තොරක් නොමැතිව නිමක් නොමැතිව
ජීවිත මාවත පුරාවට
හැරී බලු පසු කිසිත් නොපෙනෙන
වෙහෙස ගමනක් දුවන උන් හට
ඉක්මනින් හයි වේ එකෙන් ඇවිදින්
පාස් එක ගෙන, PR එක යූස් කර
කිරි වෙහෙර පාදම ලඟට කර
reverse කරලම park කරලා
හදිසියේ පින් කරන් යන්නට
ෂෝර්ට් කට් රෝඩ් එකක් එලනා
අත යටින් ගානක් පූජ කර
කොන්ත්‍රාත්තුව reserve කරගත්
මහලු කොන්ත්‍රාත් කාරයෙකුගේ
පොරෝ පාරෙන් මැෂින් පාරෙන්
දෙකට වෙන්වී යන්නට බියැතිව
සිහින් නොවී ධජ පතාක අයුරින්
මා මවපු ඒ අරුම දෙවිඳුට
කන්නලව් කරමින් සිටින විට
පුංචි බොකුටු කටු පැලයකට
ඉරිසියා කරන මම