දේශපාලන ව්‍යාපාර විසින් ගිලගත් කම්කරු දිනය..

in hive-102306 •  3 years ago  (edited)

image.png

වර්ෂ 1886 ඇමරිකාව තුළ දින 8ක වැඩමුරයක් ඉල්ලා කම්කරුවන් විසින් සිදුකළ මහා කම්කරු සටන ලොව සිදුවූ පළමු කම්කරු සටන නොවුනත් නොසිතූ ලෙස සිදු වූ ලේ වැගිරීම නිසා .ඉතිහාසයට එක් විය.

නමුත් ශ්‍රී ලංකාවට පළමු වරට කම්කරු දිනය සැමරීමට 1927 දී අවස්ථාව හිමි විය.එහෙත් පළමු මැයි රැලිය 1933දී මෙහෙයවන ලදී .
මැයි දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කෙරුණේ 1956 දීය.

ඔන්න යාලුවනේ හරබර කාරණා පැත්තක තියලා මං කියන්න යන කාරණයට එන්න හදන්නේ.ඊට කලින් කියන්න ඕනේ මේ අවුරුද්දේ කම්කරු දිනය සමරන්න අපිට පවතින කොරෝනා තත්ත්වයත් එක්ක බැරි වුණා .වෙලාවකට හිතෙනවා ඒකට කවුරුවත් දුක් වෙන්න ඕනිද.මම නම් හිතන්නෙ දුක් වෙන්න දෙයක් නෑ .

රටක ජනතාවගෙන් අති මහත් බහුතරය වන කම්කරුවන් එක්කෙනෙක් වත් එක්කෙනෙක්වත් මේ දිනය සමරන්න හම්බවුණේ නැහැ කියලා දුක් වෙනව ඇති කියල මම නම් හිතන්නෙ නෑ.

ඔයාල දැකල තියනවද කවද හරි මැයි දින පෙළපාලියක නැත්තං කම්කරු දින සැමරුම ක සැබෑ කම්කරු නායකයෙක් කතා කරනවා.සැබෑ කම්කරුවන් ගේ අයිතියක් ගැන කතා කරන, එහෙනම් මොකක්ද මේ වෙලා තියෙන්නෙ කූඨ දේශපාලන බලාධිකාරය විසින් කම්කරු දිනය අත් පත් කරගෙන ඔවුන්ගේ පටු පරමාර්ථ ඉෂ්ට කරගන්න ඒ දිනය යොදා ගන්නව.

මම උදාහරණයකට කියන්නම්.
ඔයාලා දකින්න ඇති මම කලින් පෝස්ට් එකක දැම්මා මස්කෙළිය යනවා. මගේ හොඳ දෙමළ යාලුවෙක්ගෙ ගෙදර.ඒ වතු වල එන්න මිනිස්සු හරිම අහිංසකයි ඒ වගේම හරිම හොඳයි.ඒ මිනිස්සු දැන් අවුරුදු ගාණක් තිස්සේ පැවති රජයන් කිහිපයකින්ම පොඩි ඉල්ලීමක් කරනවා මොකක්ද දන්නවද
දිනක වැටුප රුපියල් රු.800 ඉඳන් රු.1000 වෙනකන් වැඩි කරන්න කියලා. ඒ කියන්නේ රුපියල් දෙසීයක් වැඩි කරල ඉල්ලන්නේ.
කොයි තරම් අහිංසක ඉල්ලීමක් ද කියලා ඔයාලට ඔයාලාට තේරෙනවා ඇති.වතු හිමියන්ගෙන් එන දොළපිදේනි නිසා ඉල්ලීම කවදාකවත් ඉෂ්ට කර ගන්න බෑ එ අහිංසක මිනිස්සුන්ට .

download (1).jpg

කම්කරු දිනයක් ආවා කියලා ඔය ඉල්ලීම් ලැබෙනවා ද. කම්කරු දිනයට පෙළපාලි ගියාම එදා වැඩ කරන්න වෙන්නේ නැති නිසා එදා පඩියක් ඒ මිනිස්සුන්ට නැති වෙනවා . වතුකම්කරුවන්ට විතරක් නෙමෙයි හැමෝටම තියෙන තත්ත්වය ඔන්න ඕකයි.

හැබැයි දේශපාලුවෝ ස්ටේජ් එක උඩට නැගලා උන්ගේ ප්‍රශ්න කම්කරුවෝ ටික ඉස්සරහට තියාගෙන අපූරුවට කියවනව.

image.png

ජීවිත විශාල ප්‍රමාණයක් බිලි අරගෙන ලබාගත්ත කම්කරු දිනය කපටි විදිහට ඔන්න ඔහොමයි කම්කරුවන්ගෙන් උදුර ගත්තේ.

ස්තුතියි.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

International Workers'Day 2022: Labour Dar 2022 or May Day2022.

https://www.urworldthings.com/2022/04/may-day.html