කූරගල යනු ක්‍රිස්තු පූර්ව 2 වන සියවසට අයත් යැයි සැළකෙන බෞද්ධ ආරාමයකි.
කූරගල යනු ප්ලයිස්ටොසීන යුගයේ අග භාගයේ මුල් මානව ජනාවාසයකින් සමන්විත වන ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා භූමියක් වන අතර ශ්‍රී ලංකාවේ බලංගොඩ ප්‍රදේශයේ ක්‍රි.පූ 2 වැනි සියවසට අයත් පුරාණ බෞද්ධ ලෙන් විහාර සංකීර්ණයේ නටබුන් වේ. විහාර සංකීර්ණය බළන්ගොඩ නගරයේ සිට ආසන්න වශයෙන් 30 km ක් පමණ දුරින් බලංගොඩ - කල්තොට මාර්ගයේ පිහිටා ඇත. මෙම ස්ථානය ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස රජය විසින් නිල වශයෙන් පිළිගෙන ඇත. කූරගල අතරමැදි කලාපයෙන් හමුවන පැරණිතම පුරාවිද්‍යා ස්ථානය ලෙස සැලකේ.
කුරගල අතීතය එසේ ලියවෙද්දී කූරගල වර්තමානය 2020 අග බාගය වනවිට වෙනස්ම ආකාරයකින් ලිවීමට නෙල්ලිගල හාමුදුරුවන් මුලපිරුවේය. ඉතාම කෙටි කලක් ඇතුලත මුඩු බිමක්ව පැවති කූරගල පුදබිමක් කිරීමට නෙල්ලිගල හාමුදුරුවන් සමත්විය. වර්තමානය වනවිට කූරගල පුදබිම යනු බැත්ගිමතුන්ගෙන් පිරීගිය බෞද්ද පුජණිය ස්ථානයකි. ඔබත් මෙම පුජනිය ස්ථානය දැකබලා ගැනීමට සංචාරය කරන්න. පුදබිම අවට ගම්ප්‍රදෙශයද ඉතාම මනරම් ප්‍රදේශයකි.
පුදබිම අවට ඔබට සංචාරය කිරීමට බොහෝ ස්ථාන ඇත. දුහුවිලි ඇල්ල,බුදුගල,හුනුදිය පොකුණ,දියවිනි ඇල්ල,මනරම් වැව් ,වලව හා වේලිඔය ගංගාවන්,අලින් ඇතුළු වනසත්වයන් මින් කිහිපයකි. ඔබද එහි සුන්දරත්වය විදගන්න. පරිසරයට හානියක් නොවන ලෙස.