මේ අවුරුද්දෙ මම මටම පොරොන්දු වුණ දේවල් කිහිපයක් තියෙනවා. එකක් තමයි සතියකට වතාවක් වත් එළියෙ හුළං වදින තැනක වාඩි වෙලා ඉන්න ඕනෙ කියලා. ඒක මං ආසම දේවල් වලින් එකක්. ලේසිම ළඟම තැන ගෝල්ෆේස්. කොච්චර සෙනඟ ගැවසෙන තැනක් වුණත් මං එතනට ආසයි.
ඉතින් අද අහස කලු වෙලා තියෙනවා පේනෙද්දිත්, වහිනව කියලා දැනගෙනම හිටියත් මං හිතුව තෙමුණත් ඕක ප්‍රශ්නයක් කරගන්න යාලුවො නෑනෙ කියලා ගිහින් එන්න. ඇත්තටම ඉතින් ටික ටික තෙමෙන්නත් වුණා.
කොහොම හරි වෙනද වගෙම ගියපු ගමන් ඉස්සො වඩේ අරගෙන අහස, මුහුද පේන තැනකින් වාඩි වුණා. අද වෙනදට වැඩියෙන් කෑවා. ඒ වෙනකොට වැස්ස නම් නැවතිලා.
ඊට පස්සෙ තව ටිකකින් අපි තීරණය කළා නෙස්කැෆේ බොන්න. ඉතින් ඒ වෙලාවෙ එතන ඩියුටි හිටිය ආරක්ශක අංශයේ අන්කල්ටත් අපි නෙස්කැෆේ එකක් අරන් දුන්නා.අපි ඔක්කොටම සීතලයිනෙ!
ලොකූ වැස්සකට පස්සෙ ගෝල්ෆේස් අහස
අන්තිමට කොටුවෙන් අටට තියෙන ට්‍රේන් එකේ ලේසියෙන්ම බෝඩිම ගාව තියෙන ස්ටේශන් එකේ බැහැගන්න පුලුවන් නිසා අපි ඒකෙ එන්න තීරණය කළා. ගෝල්ෆේස් එකේ ඉඳන් කොටුවට පයින් ඇවිදගෙන එන්න මං හරිම ආසයි. කතා කර කර නිදහසේ. මේ ළඟදි දවසක දෙමටගොඩ ඉඳන් නාරාහෙන්පිටටම පයින් ආවා. රෑ ට පයින් ඇවිදින්න පුදුම ආසාවක් තියෙන්නෙ. ඒත් ඒකට ගොදුරු වෙන මගෙ හොඳම යාලුවා ගැන නම් කියන්න තියෙන්නෙ පව් කියලා තමයි!
ඉතින් බෝඩිමට ඇවිත් අපි හෙට බෝඩිමෙන් යන බව බෝඩිමේ අයිතිකාරයට දැනුම් දුන්නා. දැන් ඉතින් තියෙන්නෙ බඩු පැක් කිරිල්ල තමයි. ඒක නම් ඉතින් ලේසි වැඩක් වගේ පෙන්නෙ නෑ. තට්ටු තුනක් පහළට අදින්නත් එපැයි. ඔක්කොම දුක් කරදර අවුරුද්දකින් ඉවර වෙයි කියලා හිතාගෙන මේ අවුරුද්දත් ගෙවාගන්න තීරණය කරලයි ඉන්නෙ.
ඔන්න ඔහොමයි ඒ වැසි වැටුණ හවස ගෙවුණෙ..!
තවත් දිනයක් මෙසේ නිමවිය.
"!uvf_info"
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
UVF Info.
Sponsor Balance:0
Sponsored Balance:5.000000
UVF Total:5.000000
Next upvote Balance:0.009806
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Math asama deyak tamai e dura awidina eka. Hodatama mahansiyinm witarai bus ekak ganne.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ලස්සන තැන් වල එකතු කරපු මතක.... අමතක කරන්න අමාරුයි... උවමනා උනත්...මට...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit