Clue (1985)
My Rating - 4/5
ඔයාලා අගතා ක්‍රිස්ටි ගේ පොත් කියවලා ඇතිනේ..අභිරහස් (mystery) ටයිප් එකේ කතන්දර ලියන ලේඛකයන්ගේ නම් අතර බහුලව කතා වෙන නමක්. මෙයාගේ ගොඩක් පොත් ගෙතෙන්නෙ Whodunnit කියන අභිරහස් කතන්දර රටාව උඩ. ඒ කියන්නේ, අර කොටින්ම, 'කවුද මේක කරේ?' කියන එක. ඉතින් මේ සංකල්පය සෑහෙන්න පොත්වල වගේම චිත්‍රපට වලත්, ඊටපස්සේ ටෙලි සීරීස් වලත් කථාවස්තු ගොතන්න පාවිච්චි කරනවා. Sherlock Holmes වගේ අයිකනික් චරිත බිහිවෙන්නෙත් මේ හරහා. චිත්‍රපටවලට හොඳම උදාහරණයක් තමයි ඔය ලඟකදී ආව Knives Out කියන ෆිල්ම් එක. බලන්නා එක්ක හොඳ සෙල්ලම් ටිකක් කරනවා ඒකෙ ඩිරෙක්ටර් මහත්තයා. ඒක සාර්ථක වෑයමක් කියල හිතුනේ මේ වගේ whodunnit ඒවා වලදී පොත් කියවද්දී ඉමැජිනේෂන් එකෙන් එන ආතල් එකට ලංවෙන්න චිත්‍රපටයකින් එන ශ්‍රව්‍ය දෘශ්‍ය මෙව්වා එකට තරමක් අමාරු නිසා.
මං විතරක් නෙමෙයි, ගොඩක් අයට පොඩි කැමැත්තක් තියනවනේ අභිරහස් කතන්දර වලට. Sherlock Holmes ට පින් සිද්ද වෙන්න අපිට ආපු දෙයක් වෙන්නත් බැරි නෑ. කොහොමහරි, Clue බලන්න ප්‍රධානතම හේතුව තමයි ඒක. ඊට අමතරව, මගේ කොහොමත් නැඹුරුවක් තියනවා අසූව දශකයේ හොලිවුඩ් ෆිල්ම් වලට. ඒක වෙනම වයිබ් එකක්. උන් හොඳට අඳුනනවා එන්ටටේන්මන්ට් කියන්නේ මොකද්ද කියලා. මං පස්සේ දැනගත්ත දෙයක්, මේ ෆිල්ම් එක හදල තියෙන්නෙත් මගේ ෆේවරිටක් වෙච්ච My Cousin Vinny (1992) හදාපු මහත්තයමයි. Friends ටීවී සීරීස් එකේ chandler bing රඟපාන පොර හදපු ෆිල්ම් එකකුත් බලන්න අදහස් කරන් ඉන්නවා ඉස්සරහ කාලෙක.
එනිවේ, මේ Clue එකේ සිද්දවෙන කතන්දරේ දිහා බැලුවම සෑහෙන සමානකමක් තියෙනවා And Then there were None, එහෙමත් නැතිනම් පස්සේ කාලෙක 'දඬුවම ලුහුබැඳ' කියල පරිවර්තනය වෙච්චි අගතා ක්‍රිස්ටිගේ කතාව එක්ක. ඔයාලට මතක ඇති එකේදී වෙන්නේ මතක විදියට දහදෙනෙක් වගේ මිනිස්සු ගානකට දූපතකට සුවපහසු දින කීපයකට ආරාධනා ලැබෙනවා. නමුත් ඒ ගිය දහදෙනාට තේරුම් යනවා තමන්ව කවුරුන් හෝ හිතාමතා දූපතේ හිරකරලා කියල. ඒ විතරක් නෙමෙයි, දින ගතවෙද්දී ඔවුන්ගෙන් එකින් එක අතුරුදහන් වෙන්න ගන්නවා. මේකෙදි වෙන්නේ එක්තරා මනුස්සයෙක්ගෙන් මිනිස්සු කීපදෙනෙකුට ආරාධනාවක් ලැබෙනවා රෑ කෑම සාදයකට. ඔය කියන්නේ 'Dinner Party' කියලා. පාටිය අතරතුරදී පාටිය සංවිධානය කරපු host මහත්මයා අභිරහස් විදියට මරණයට පත්වෙනවා. එතනින් නොනැවතී ආරාධිතයනුත් එකින් එකා මරණයට පත්වෙනකොට ඉතුරු අයට තේරුම් යනවා මිනීමරුවා අල්ලන්න ඔවුන්ට වැඩි වෙලාවක් නැති බව. ඉතින් ඔව් මේ කතන්දර දෙකම සෑහෙන්න සමානයි තමයි. මේ මිනිස්සු දහදෙනාගේ චරිතවල විවිධත්වය සෑහෙන ලොකු ආයුධයක් කරගන්නවා කතාව ගොඩනගන කොට.
හැබැයි Clue එකේ තියෙන පැහැදිලි වෙනසක් තමයි ඒකට ඔබවලා තියෙන කොමඩි element එක. මං අර කලිනුත් කිව්වා වගේ, අගතා ක්‍රිස්ටිගේ පොතක් ඒ හැටියටම output එකක් එන්න සිනමාවට හරවන එක පට්ටම අමාරු වැඩක්. ඒ නිසා ඒ වැඩේට වෙන පැත්තකින් ඒ මට්ටමට ලංවෙන්න ට්‍රයි කරනවා වගේ වැඩක්. ෆිල්ම් එක බලල ඉවර උනාම අගතා ක්‍රිස්ටිගේ පොතක් මේකට පාදක කරගන්න ඇත්තේ කියල හිතුනත් හොයල බලනකොට මේකට පාදක වෙලා තිබුනේ Cluedo කියල Board Game එකක්. ඒ ගැන නම් වැඩි දැනුමක් නෑ.
මේකේ ප්‍රධාන චරිතය කියල අඳුනගන්න පුළුවන්, එහෙම නැතත් 'හොඳ' ෆිල්ම් එකක් බවට පත්වෙන්න ලොකු සාධකයක් තමයි ඒ පාටියේ 'බට්ලර්' වරයගේ චරිතය රඟපාන Tim Curry. මේ මනුස්සයා තමයි Home Alone 2: Alone In New York කියන පොඩි කාලේ බලපු ෆිල්ම් එකේ කෙවින් නවතින හෝටලේ ප්‍රධාන සේවකයා විදියට රඟපාන්නේ. මේ චරිතේ මතක් උනොත්, ඔයාලට මතක් වේවි මේ නළුවට තියෙන්නේ ගොඩක් යුනික්, අත්භූත වගේ මුහුණක් කියලා. අන්න ඒ සාධකයයි පොරගේ ඒ තරමටම යුනික් වොයිස් එකෙනුයි සෑහෙන ප්‍රයෝජනයක් ගන්නවා මේ ෆිල්ම් එකේදී. එන්ඩින් එක හරියේදී පොර කරන monologue එක එහෙම හොඳම උදාහරණයක්.
මේක රිලීස් උනාම වැඩි ප්‍රශංසාවක් ලැබුනේ නැති බවයි ආරංචි. Box Office අතින් ෆ්ලොප් එකක්, ඒ වගේම විචාරකය්න්ගේනුත් ලැබිල තියෙන්නේ මිශ්‍ර අදහස්. පස්සේ කල් ගතවෙනකොට Cult Following එකක් හැදිලා තියෙනවා. මේ Cult Following එක එක්ක තමයි පසු කාලෙක කට්ටිය මේ වගේ ෆිල්ම්ස් Cult Classics කියල හඳුන්වන්නේ. මේ Cult සීන් එක කියන්නේ මොකද්ද කියල මගේ ඔලුවේ අදහසක් තිබුනට ඒක පොයින්ට් කරලා කියන්න බැරි සීන් එකක් තියෙනවා. අතින් අල්ලන්න පුළුවන් හෝ ඇහැට දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. කොහොමහරි, ඔය ෆැක්ට් ටිකෙන් විස්තර වෙනවා මේකේ ස්වභාවය ගැන. මේක අගතා ක්‍රිස්ටි වගේ ඒ තරමට සස්පෙන්ස් එකක් බලාපොරොත්තුවෙන් බැලුවොත් ඩිසපොයින්ට් වෙන්න ඉඩක් තියෙනවා, මොකද මේක කරන දේ තරමක් වෙනස්. ඒ අපි කියවල තියෙන අගතා ක්‍රිස්ටි කතන්දරයක් දිහා වෙනස් විදියකට බැලීමක් තමයි Clue කරන්නේ. Comedy යත් එක්ක එන cheesy, silly ගතියක් තියෙනවා, නමුත් ඒකම තමයි පොයින්ට් එක.
Agatha christie ge poth kiyawanna nm mn godak kamathi🤗
oy films gana nm no idea😵🤐
btw article eka kiywanna asa hithena widihata liyala thiynwa
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thanks mate!
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මොකක්? 😳
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
වටින පොස්ට් එකක් මමත් ආසම කැටගරි එකක් තමා ඔය ලස්සනට ලියලා තියනවා ❤
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit