සියලුදෙනාටම ලස්සන දවසක් !
මම අපේ ගමෙන් පිට දකුණු පලාතට ආවෙමි.දකුණු පලාතට අයත් ඇල්පිටිය මහමෙව්නා භාවනා අසපු සංචිතයෙන් එක අසපුවකට.
මේ ඇල්පිටිය මහමෙව්නා භාවනා අසපුවේ ධර්ම ශාලාවෙහි පිහිටි ප්‍රදාන බුද්ධ ප්‍රතිමා වහන්සේ වේ.
ගාල්ලෙ , රත්තගම නලින් මල්ලිගෙ ඉල්ලීමට මෙම අසපුවේ බෝධි ප්‍රාකාරයේ ඉදිකිරීම් සඳහා මම මෙහි පැමිනියෙමි. මෙම මහමෙව්නා භාවනා අසපුව මීට අවුරුදු දෙකට කලින් ඉදිවූවෙකි.මෙය ඇල්පිටිය අවට මිනිසුන්ගේ සුභ සිද්දිය උදෙසා මනා රුකලක් ගෙන දෙන්නෙකි.
මෙම මහමෙව්නා භාවනා අසපු සංචිතයෙහි ප්‍රදාන මහමෙව්නා භාවනා අසපුව කුරුනෑගල නගරයට ආසන්න පොල්ගගවෙල පිහිටා ඇත. මෙහි ශාකා විශාල ප්‍රමාණයක් ලංකාව පුරා විසිරී ඇත. ලෝකයේ රටවල් 10 ක තවත් ශාකා පිහිටා ඇත.ලෝකයේ මිනිසුන්ගේ පිනට පහල වූ ස්ථානයක් ලෙස මෙය හැදින්විය හැකිය.මෙම මහමෙව්නා භාවනා අසපු වටා සිල්වත් මිනිසුන් දශලක්ෂ ගනින් සම්බන්ද්ධවී විශාල වශයෙන් පින් රැස්කකරගනිති. මටද මෙහි ඉදිකිරීම් වලට සහභාගීවීමට ලැබීමද මට මහත් සතුටකි. මෙලොවටත්, පරලොවටත් යහපතක් සැලසේ.එම නිසා මම බොහෝ සතුටින් මෙහි ඉදිකිරීම් වලට සහභාගි වෙමි.
මෙහි ප්‍රදාන අනුශාසක අපගේ පින්වත් ලොකු ස්වාමීන්වහන්සේ මෙකල ජනාතාවගේ පිනට පහලවූ හිමි නමක් වේ. අසත්‍යයෙන් සත්‍යය දැනගැනීමට අප හට නිවැරදි ධර්ම දේශනා කියා දී අපිව යහපත් මාර්ගයට ගෙන ඒම සඳහා අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මහත් වෙහෙසක් දරමින් සිටී.උන් වහන්සේට මෙම ධර්ම ප්‍රචාරය සඳහා මෙවැනි අසපු ඉදිකිරීමට සහය වීමට ලැබීමද මටද මහත් භාග්‍යයක් වේ.
මමත් නලින් මල්ලිත් මීට අවුරුදු 10 පෙර පොල්ගගවෙල මහාමෙව්නා භාවනා අසපුවේ සම්බුද්ධරාජ මාලිගාවේ ඉදිකිරීමේදී දැන හදුනා ගත්තෙමි. මේ අවුරුදු 10 තුල මෙවැනි භාවනා අසපු සංචිත විශාල ප්‍රමානයක ඉදිකිරීම් සඳහා අපි දෙදෙනා සහභාගී ඇත්තෙමු.අපගේ යහලුවන් ලංකාව පුරා විසිර වෙහෙර විහාර සාදමු. අද මම මේ පැමින සිටින ඇල්පිටිය මහමෙව්නා භාවනා අසපුවට ආසන්න නරගයක් වන බද්දේගම වැලිවිටිය පන්සලක මහා සෑයක් තැනුවේද මාගේ යහලුවෙකු වන ඇඹිලිපිටිය සුරන්ග මල්ලී විසිනි.
ජීවිතේ අවසන්කාලය වනතුරු අපගේ සම්බුද්ධ සාසනනය වෙනුවෙන් යමක් කිරීමට මට හැකියාව ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි. අදට මාගේ ලිපිය අවසන් කරමි. ඔබ සියලුදෙනාටම තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !