
සුබ අලුත් අවුරුද්දක් වේවා මගේ ස්ටීමිට් යාළුවො හැමෝටම. අලුත් අවුරුද්දෙ කරන පලවෙනි පලකිරීම තමයි මේක. මම අද ලියන්න යන්නෙ රස වෑහෙන සජීවී අත්දැකීමක් ගැන. ඔයාලා අහලා ඇති ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව ගැන. එදිරිවීර සරත්චන්ද්‍රයන් වැනි පතාක යෝධයින්ගේ පහසින් සුපෝශිත වූ නාට්‍ය කලාවේ රන් සලකුණු ලෙස සිංහබාහු, මනමේ, පේමතො ජායතී සෝකො වැනි නාට්‍ය ද නූතන නාට්‍ය තුළ දක්නට ලැබෙන නරි බෑනා , කැළණි පාලම , සුභ සහ යස , ඇන්ටික් කඩයක මරණයක් , සුද්දෙක් ඔබ අමතයි, බල්ලෝ බුරති යනාදී නාට්‍ය ද ඒ අතරින් සුවිශේෂී වේ. සමාජ මාධ්‍යයේ නැගී සිටීමත් සමඟ මේ නාට්‍ය කලාවට සමජයේ එතරම් නැඹුරුතාවයක් දක්නට නොලැබුණි. ඊට මූලික වශයෙන්ම හේතුවූයේ ප්‍රේක්ශකයින් අඩුවීම, නාට්‍ය කලාවට අනුග්රහකයින් නොමැති වීම හා රංගන ශිල්පීන්ට සමාජයේ පිලිගැනීමක් නොමැති වීමයි. වේදිකා නාට්‍ය රසවින්දනය තුරන් වී යන මේ වගේ කාලයක ඉතාමත් රසවත් වේදිකා නාට්‍යක් බලන්න මට අවස්ථාව ලැබුනා. ඒ තමයි " චරිතෙ හොරු අරන්" කියන ප්‍රහසන නාට්‍යය. අද ඒ ගැනයි දිගහරින්නට සූදානම් වෙන්නෙ.
මෙය රවින්ද්‍ර ආරියරත්න ප්‍රවීණ අධ්‍යක්ෂකවරයාගේ තවත් සුවිශේෂී නාට්‍ය අධ්‍යක්ෂණයකි. සරත් කොතලාවල , කුමාර තිරිමාදුර ,ගිහාන් ප්‍රනාන්දු වැනි දක්ශ රංගන ශිල්පීන් රඟන ප්‍රහසන වේදිකා නාට්‍යයකි. මහ නගරාධිපති තුමා හා විපක්ශ නායක යන චරිත දෙක මූලික කරගනිමින් රඟ දැක්වෙන නාට්‍යයේ වර්තමාන දේශපාලනයේ ප්‍රසිද්ධ රහස්, හා එහි යථා ස්වරූපය ප්‍රහසනය තුලින් ඉස්මතු කර ඇත. ශිල්පීන්ගේ තාත්වික රංගනය තුලින් එම උත්සාහය තවදුරටත් සාර්ථක වී ඇති බව නම් කිව යුතුමය.
මම මේ කියන මා නැරඹූ නාට්‍ය දර්ශනයට නාට්‍යයේ අධ්‍යක්ශක වරයාද පැමිණ සිටියේය. සරත් කොතලාවල, හා ගිහාන් ප්‍රනාන්දු යන රංගන ශිල්පීන් මේ අවස්තාවට පැමින සිටි අතර කුමාර තිරිමාදුර ශිල්පියා සහභාගී නොවුනි. එහෙත් ඔහු වෙනුවට රඟපෑ ශිල්පියා එහි අඩුවක් නොවන්නට වග බලා ගත් බව නම් කිව යුතුය. අවාසනාවට එම ශිල්පියා කවුරුන්දැයි මා හඳුනන්නේ නැත. අනෙකුත් රංගන ශිල්පීන්ගේද නොමසුරු සහයෝගය මැද සතුට සිනහව පිරි හෝරා දෙකක් පමණ අපට තිළිණ කරන්නට ඔවුන් සමත් වූහ.
ජනවාරි මස හතර වනදා බද්දේගම වෘත්තීය පුහුණු ආයතන රංග පීඨයේදී මෙම නාට්‍යය ප්‍රදර්ශනය කෙරුණි. සාමාන්‍ය ටිකට්පතක් රු 500ක පමණ මුදලකට අලෙවි කල අතර සඳළුතල ප්‍රවේශ පත්‍රයක් රු 1000ක් පමණ විය. කෙසේ වෙතත් රංග පීඨය පිරී උතුරා යන්නට ප්‍රේක්ශකයින් පැමිණ සිටි අතර සංවිධායකයින්ගේ ප්‍රචාරණ කටයුත්ත අති සාර්ථක බැව් පෙනෙන්නට තිබුනි. මෙහි සංවිධයක මණ්ඩලය වූයේ බද්දේගම වෙලඳ සංගමයයි. මේ ජායාරූපයේ සිටින්නේ රංගන ශිල්පී කණ්ඩායමයි.
ඔන්න ඔය විදිහට මටත් කාලෙකට පස්සෙ නාට්‍යයක් බලන්න අවස්ථාව ලැබුනා. මේ අධ්‍යක්ෂක තුමාගේම "බල්ලොත් එක්ක බෑ" නාට්‍යය නැරඹීමෙන් පසුව මා නැරඹූ එකම නාට්‍යයද වන්නේ මෙයයි. ප්‍රිය බිරිඳ සමඟ කාලය ගත කරමින් නිදහසේ නාට්‍යය රස වඳින්නට හැකියාව ලැබුනා. ඉතින් රටේ නාට්‍ය කලාවේ උන්නතිය වෙනුවෙන් බද්දේගම වෙලඳ සංගමය ගත් මේ උත්සාහය අගය කල යුතුමයි. ඔවුන්ට තවත් මෙවැනි සමාජ සත්කාර කිරීමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ලිපිය අවසාන කරනවා.