Image source
කොහොමද යාලුවනේ. අදත් මං ආසම මාතෘකාවක් හැමෝම ලියන විදිහෙන් ටිකක් ව්ව්නස් විදිහකට ලියන්න හිතුනා. සති අන්තයේ නිවාඩු නිසා ටිකක් නිදහසකුත් ලැබුනා. ඒ අස්සෙ නවසීලන්ත ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය පටන් අරන්. කාලෙකට පස්සෙ ගෙදර ඉඳන් කකුල් දෙක පුටුවක් උඩින් තියන් මැච් එකක් බලන්න අවස්තාවක් ලැබුනා. අවාසනාවට වගේ අන්‍තිම මොහොතෙ අපිට ජයග්‍රහනය මගහැරුනත් ඒක අපිට දිනන්නම තිබුනු මැච් එකක් කියලා ඊයෙ රෑ නිදාගන්න ගියාමත් මට මතක් වුනා. ඉතින් මම කිව්වනෙ ටිකක් වෙනස් විදිහට මේක ගැන කියනවා කියලා. ඉතින් ඔන්න එහෙනම් කවියෙන්ම තරග සාරාංශය කියන්නයි මේ සූදානම.
හිටියත් උණැති කවියෝ
නැත ක්‍රිකට් නැවට නැවියෝ
නොබැලු තැන දෙවියෝ
අදත් දුන්නා දොඹෙන් කිවියෝ
බෝලෙ ගත්තා සිතා වාසිය
රැම්බො ගද්දි හේරා ආසිය
අපිත් හිතුවා පුහුල් දෝසිය
පලමු ඕවර දහයට
එරිලා හිටියේ උනුත් නහයට
මැද පෙලින් දුන් සහයට
ලකුණු හැරුනා දිනන පැහැයට
රිදුනා හෙමිහිට හිතුත් ඉත්තෑ
කලු තොප්පි කාරයෝ රොත්තෑ
ගැහුවා එකසිය දෙකක් සැත්තෑ
අපේ මෙන්ඩිස් පැතුම් දෙන්නා
ගොනුන් වාගේ හොඳට ඇන්නා
විකට් නැතුවම සීය පන්නා
මොහොතකට සහනයක් දුන්නා
යන්න බැරි වුනි උඩට විස්සෙන්
යක්ස වේගෙට බෝල වැස්සෙන්
හැලුනි දිනුමත් අතට අස්සෙන්
ලොකෙ නම් දැරු යෝධ රටකින්
දිනුම මිස් වුනෙ ලකුනු අටකින්
මේ වගේ තව අකුරු වැටකින්
නැවත හමවෙමු සොඳුරු හෙටකින්
ඔන්න ඔහොමයි යාලුවනේ ඊයේ පැවති ශ්‍රී ලංකා නවසීලන්ත පලමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අවසාන වුනේ. ඉතින් ක්‍රිකට් වලට ආදරය කරන ශ්‍රී ලාංකිකයින්ට ගොඩක් කනගාටු හිතුනු දවසක්. අතේ තිබුනු ජයග්‍රහනය තමයි නවසීලන්ත කණ්ඩායම උදුරා ගත්තේ. ඒ වගේම අපේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකගෙ ශතකයත් ලකුනු දහයක් පිටු පසින් ඉද්දි අහිමි වෙලා යනවා. මේ තරගය බැලුවම මට සිංහල ජනවහරෙ එන උපහැරනයක් මතක් වුනා. මේකට කියන්නෙ "අතට ගත්තු දේ කටට දා ගන්න පින නෑ" කියලා. කොහොමින් කොහොම උනත් මගේ රටේ නම ජාත්‍යන්තරයට අරන් ගියපු ඒ ක්‍රීඩාවට මම ගොඩක් ආදරෙයි. ඊලඟ තරගයට හදවතින්ම සුබ පතනවා කොල්ලනේ.