රට වහමුද

in hive-133716 •  3 years ago 

Capture.PNG

ඡායාරුප

ඇත්තටම මම මේ වෙලාවේ උත්සාහ කරන්න මගේ අදහස ට වඩා බහුතර දෙනාගේ කැමැත්ත මොකක්ද කියලා කතාබහක් ඇති කරන්න .මටත් පැහැදිලිවම හිතාගන්න බැහැ මේ වෙලාවේ රට වහන එක හොඳයි දැන් නැද්ද කියන එක ගැන .
අපි කවුරුත් දන්නවා මීට පෙර අවස්ථා දෙකකදී පලවෙනි පාර මාස තුනකට ආසන්න කාලයක් ,දෙවෙනි පාර මාස එකහමාරකට ආසන්න කාලෙකුත් රට වැහුවා .මගේ පෞද්ගලික මතය නම් මේ අවස්ථා දෙකේදිම අපේක්ෂිත ප්‍රතිඵලය අපට ලැබුණේ නෑ .ඊළඟ කාරණය ඒක නිසා ආර්ථිකය ගොඩක් අඩාල වුණා .

මේ සැරේ ආයෙ රට වහනවා නම් එහෙම වහන කාලය තුළදී සාර්ථක එන්නතක් සියලුම දෙනාට ලබාදීම තුළින් යම් හෝ සාර්ථකත්වයක් උදා කරගන්න පුළුවන් .චීනයේ සිනොෆාම් එන්නතක් දෙනවනං අදාල මාත්‍රා දෙකම දෙනතුරු රට විවෘත නොකර තියන්න ඕන . අවාසනාවට කාරණාව නම් සිනොෆාම් එන්නතේ ගැටළු තියෙන බව බොහෝ පිරිස් පැවසීම .එහෙම නම් ඒකට අදාල හරියන එන්නත භාවිතා කරන්න වෙනවා .

Sinopharm_COVID-vaccines-768x512.jpg

ඡායාරුප

එහෙම නැතිනම් අපට පුළුවන් ජන හා නිවාස සංගණනය කරනවා වගේ හැම ගමකම ඉන්න ග්‍රාමසේවක, සංවර්ධන නිලධාරි , සමෘද්ධි නිලධාරි ,පවුල් සෞඛ්‍ය සේවිකාව ,වගේ අය යොදා ගෙන දින තුනක් වගේ පොඩි කාලයක් ඇතුළත රටේ සියලුම දෙනාගේ ඇන්ටිජෙන් පරීක්ෂණ කරන්න .මෙතන්දි රෝගය ඇති හා නැති අය පැහැදිලිව වෙන්කර ගන්න හැකි වෙනවා .

දැනට සංචරණ සීමා ලෙස හඳුන්වන දේ තුළින් කිසිම ප්‍රතිඵලයක් නෑ කියන එක තමයි මගේ පෞද්ගලික මතය .

කොහොම වෙතත් රටේ සිද්ධවෙන දේවල් වෙනස් කරන්න අපිට බෑ හැබැයි අපිට පුළුවන් කතිකාවතක් ඇති කරන්න .ඉතින් ඔයාලගෙ අදහසුත් කියාගෙන යන්න .

සියලු දෙනාටම වසංගතයෙන් ආරක්ෂා වීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !!

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

මේ වෙලාවේ කළ යුතු හොඳම දේ විදියට මට නම් හැඟෙන්නේ තම තමන් තමන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න එක. මොකද ඔබ කිව්ව වගේ අපිට බෑ ඉහළින් ගන්න තීරණ වෙනස් කරන්න . සියලු දෙනාම බුද්ධිමත්ව තීරණ ගන්න ඕන හොඳම අවස්ථාව තමයි මේ එළඹිලා තියෙන්නේ.

ඇත්තටම මගේ post එක කියවපු එකට ස්තුතියි .ඔබ කියපු දේට මං සම්පූර්ණ එකඟයි.

1st Option - 100% lock down.
2nd option - Work as normal, who got infected treated as normal case. what we are doing right now is bullshit. No use of it.

Of course you have to take what you say

මොනව කරත් මොනවා කිවත්
මේක තින්නේ අපේ අතේ
අපි අපේ පණට ආදරේ නම් එලියට නොයා ඉන්න බලන්න ඕන. යනකොට ඒ විදිහට යන්න ඕන. ඒක වට් හරියට කරන්නේ නෑ නේ ඉතින් 😅

ඔව් ඇත්තෙන්ම ගොඩක් අය සෞඛ්‍ය නීති අනුගමනය කරනවා අඩුයි.අපි ඒවා හදා ගත්තොත් වටිනවා .

මොන දේ කරත් නොකරත් තම තමන්ගේ ආරක්ෂාව තමන් සලස ගන්න ඕන. තාමත් ඉන්නවා මාස්ක් එකවත් හරියට දාන්නේ නැති අය. කොයි දේ වුණත් ස්වයං විනයක් හදාගන්න ඕන.

ඔව් මමත් බොහෝ විට දැකලා තියෙනවා මාස්ක් හරියට නොපළඳින අය.ලංකාව විනය අතින් පහළම තැනක ඉන්නේ.