හිංදු ආගමික විශ්වාසයන්ට අනුව සොබාදහමට අයත් ගස් වැල් හා සතුන් විශාල භක්තියෙන් යුක්තව වන්දනාමාන කරති.සත්වයකු ලෙස ගවයාත් ,ගසක් ලෙස කෙසෙල් ගසත් ඒ අතර ප්‍රධානය.ගස් ,දෙවියන් ලෙස භක්තියෙන් යුක්තව සෑම ගසක්ම හා සතෙකුම හිංදු දෙවියන් හා සෘජුවම සම්බන්ධවන බවද විශ්වාස කෙරේ.කෙසෙල් ගස හා එහි පත්‍ර හිංදු ආගමේදී විශ්වාස කෙරෙන්නේ ශුද්ධ වස්තූන් ලෙසය.
කහ වර්ණය සව්භාග්‍යයේ හා සුභ මූර්තයේ වර්ණය බව පිළිගන්නා හින්දුන් තම නිවසේ පැවැත්වෙන විවාහ මංගල්‍යයන් ප්‍රධාන කොටගත් සියලුම ආකාරයේ උත්සවවලදී කෙසෙල් කැණ හා මුව සහිත පූර්ණ කෙසෙල් ගස් දෙකක් නිවස ඉදිරිපිට සිටුවා ඔවුහු අපේක්ෂා කරන්නේ විවාහයෙන් පසු දරුවන් ලැබ පවුලක් ලෙස සිටීමයි.විවාහ උත්සවවලදී මගුල් පෝරුව හෙවත් 'මනමේඩෙයි' ඉදිරිපසද කෙසෙල් ගස් සිටුවා තබති.
මංගල අවස්ථාවලදී කෙසෙල් ගසට අමතරව තුල්සි ,පීපල් ,නීමි ,ආටි,අශෝක,බිල්වපනා,නරියාල්,අඹ,යන ශාක හා ශාක පත්‍ර වලටද වන්දනාමාන කෙරේ.කෙසෙල් ගස ලේසියෙන් විනාශ නොවී පදුරු දමමින් වර්ධනය වන ආකාරයටම තමන්ගේ සව්භාග්‍යය හින්දුන් අපේක්ෂා කරති.බ්‍රහස්පතින්දා දිනයේදී විශ්ණු හා ලක්ෂ්මී දෙවියන්ට කෙසෙල්ගෙඩි පූජා කරනු ලබන යුවලකට ප්‍රීතිමත් හා සාමකාමී විවාහයක් හා ජීවිතයක් හිමිවන බවට විශ්වාසයයි.
මෙම කෙසෙල්ගෙඩි පූජාව සදහා හොදම කාලය ලෙස සැලකෙන්නේ වසරේ දීප්තිමත්ම කාලය ලෙස සැලකෙන දෙසැම්බර් ජනවාරි කාලය අතරේ ඇති 11 වන දිනයයි.බ්‍රහස්පති ග්‍රහදෝශ වලින් පීඩා විදින උද්විය සෑම බ්‍රහස්පතින්දාවකම කෙසෙල් ගසට නමස් කාර කිරීම ආරම්භ කලයුතු අතර අයහපත් බලපෑම් මගහරවා ගැනීමට මැණික් ගලක් පැලදිය යුතුය.
මැණික් ගලක් පැලදිය නොහැකි නම් කෙසෙල් ගසේ මූල කොටස් පැලදිය හැකි බව ද පැවසේ.කෙසෙල් ගෙඩි විශ්ණු දෙවියන්ට පූජා කරනු ලබන්නෙ පවුලේ සතුට හා සාමය පතා ආශිර්වාද ලබාගැනීමටය.
එමෙන්ම ආහාර පූජාව සදහාද පත්‍ර භාවිතා කරන අතර කෙසෙල් කැන් සහිත ගස් හින්දු කෝවිල් ඇතුලු ආගමික ස්ථානයන්හි ඇතුලු වීමේ දොරටුව සැරසීමට යොදාගනු ලබන්නේ එම ස්ථානයට වඩින දෙවියන් පිළිගැනීම සදහාය.විවාහ ශාලාවක හෝ නිවසක දෙපස පූර්ණ කෙසෙල් ගස් දෙකක් සිටුවන්නේ මනාලයා හා මනාලිය නියෝජනය කරමිනි.
හින්දු ආගමිකයන් ජෝතිර්වේදයට අනුව කෙසෙල් ගසට වන්දනාමාන කරති.කෙසෙල් ගසට වතුර දැමීම හා වන්දනාමාන කිරීම කලයුතු වන අතර සෑම බ්‍රහස්පතින්දා දිනකම නව වතාවක් කෙසෙල් ගස වටා ගොස් එහි මුල් වලට ජලය වක් කල යුතුය.සෑම බ්‍රහස්පතින්දා දිනකම එය පුරුදු කිරීමෙන් පුද්ගලයන්ට බ්‍රහස්පති ග්‍රහලෝකයෙන් ප්‍රථිලාභ ලබාගැනීමට හැකිය.
කෙසෙල් ගසට අමතරව හින්දුන් පොදු සිරිතක් ලෙස නිවසේ හෝ කෝවිලේ චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරන අවස්ථා වලදී අඹ කොල මාලයකින් දොරටු අලංකාර කිරීමද සිදු කරයි.ඊට හේතුව අඹ කොල පූජනීය ඒවා ලෙස හින්දුන් සැලකීමයි.ඕනෑම උත්සව අවස්තාවකදී අඹ කොළ පහකින් කලයක් සරසා එහි 'සින්දූර්' ආලේප කිරීම සිරිතකි.අඹ කොල මාලයක් එල්ලීමේ වැදගත්ම අරමුණ වන්නේ අඹ වලට ඉතා ඇලුම් කල පාර්වති දේවථාවියගේ හා ශිව ගණපති හා මුරුගන් දෙවියන් සංකේතවත් කිරීමයි.
හින්දුන් බොහෝවිට ආහාර ලබාගන්නේ බිම හිදගෙනය.ඉන් වැඩි අවස්තාවකදීම ආහාර ගනු ලබන 'පිගාන' බවට පත්වන්නේ කෙසෙල් කොලයයි.එහෙත් පාරිශුද්ධත්වයට හා වන්දනාමානයට පත්වු කෙසෙල් කොළයට ඔවුන් බෙදාගනු ලබන්නේ එළවලු ආශ්‍රිත ආහාර පමණි.මස්,මාලු,වර්ග කෙසෙල් කොලයට බෙදා නොගනී.ඒවා කෙසෙල් කොලයට භාහිරින් තබාගෙන අනුභව කරති.හින්දුන් බිම වාඩි වී කෑම අනුභවයද කෙසෙල් කොළයට දක්වන ගවුරවයක් සේ සැලකේ.
එසේ කෙසෙල් ගස් සොයාගැනීමද අද ඉහළ මිලක් ගෙවිය යුතු කාරණාවක් බවට පත්ව තිබේ.උත්සවයකට අවශ්‍ය කෙසෙල් ගස් දෙකක් සොයා ගැනීමට රුපියල් පන්දහසක් පමණ වැය වේ.හින්දුන් විසින් කෙසෙල් ගසෙන් මෙතරම් ප්‍රයෝජන ගනිද්දි රටේ බහුතර ජනතාව කෙසෙල් ගස් 'කැණ' කපා ගැනීමෙන් පසුව ඉතිරි සියල්ල ප්‍රයෝජනයක් නොගෙනම ඉවතට දමයි.හින්දු ආගමිකයින් පෙන්වන මෙම පූජනීය ශාකයේ වටිනාකම බොහෝ දෙනෙකු විසින් හදුනාගත යුතුව ඇතැයි පෙන්වා දිය යුතුය.
විශේෂයෙන්ම කෙසෙල්,හින්දු මිනිස්සු වැඩි වශයෙන් උත්සව වලට යොදා ගන්න ගස් ජතියක්..
ම්ම්...නියමයි,අලුත් දෙයක් දැනගත්තා.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Sthuthi.aluth aluth de igenima api kaatath watinawa
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit