ආවා,ආවා,මෙන්න මේ දිනවල මුලු ලොව පුරා සුප්‍රසිද්ධ ජීවන ච්ත්‍රපටය දැන් තිරගතවේ.
පීඩිතයන් තලාපෙලා, පාලකයන් වැජඹෙන ලෝකය හමුවේ,අසාධාරණකම් රජයන සමාජක්‍රමය ලොව වැජඹී ඇත.නීතිය හමුවේ මංමුලා වන, පීඩිත පන්තිය චූදිතයන් ලෙස හංවඩු ගැසේ.නීතිය වල් වැදී ඇත.පීඩිතයාගේ ගැලවුම දෙවියන්ටම ඔප්පු උනාවේ.අනේ ජීවිතේ හැටි.අන් අයගේ ජීවිත දිහා බලලා තවකෙක් හූල්ලාවී. ඒත් කිසිවකුටත් කිසිවක් වෙනස් කළ නොහැක.
එකිනෙකා පරයා නැගීසිටීමට, උත්සහ කරන ලෝකයේ දයානුකම්පාව පොත පතට පමණක් සීමාවී ඇත.
උපන් පොළවේ අයිතිය පතන කිරි දරුවන්ට,සරණක් සොයන මිනිසුනේ,අහෝ මොනතරම් කේදජනකද,අද උපන්බිමේ අයිතිය හෙට කාහට ව්කුණා තිබේදැයි සැකසහිතය.සල්ලි කොළයට හිසනමා දණගසන හිස් වල,කය මිස හිත නැත.කොයි තරම් විකට රංගනයක්ද මේ හුදු ලෝකය.
දහම විකෘති කර දෙසන මෙවන් කලක නලු නිලියන් විසූක දස්සන මවා පාමින් දුටුවන් නෙත් මායාවෙන් පුරවා යථාර්ථය මකා දැමීමට වෙර දැරීම මොන තරම් නම් අසෝභනද.රාගය රජයන සමාජයක,කාමුක පිසාචයින් ඉබාගාතේ සමාජය පුරා සැරිසරන්නේ පිළිලයක් මෙනි.මෙවන් සමාජයක කුඩා දරුවකුට වත් සැනසීමෙන් හුස්ම පොදක් ගැනීමට නොහැකි කාලකණ්ණි සමාජයකි.එවන් වූ පැටවුන්ට කුමන නම් ආරක්ෂාවද?
බිම් අගලකට මිනීමරා ගන්නා නොමිනිසුනි, මේ මහ පොළවේ අයිතිය පතා ලේ වගුරපු, පෙර කළ මහා පාලකයන් හෝ උන්ගේ අංශු මාත්‍රයක් හෝ අද ඉතිරි වී ඇතිද කියා සිතා බැලීමට හෝ තොපිගේ මොළ මොටවීද?
අහෝ කාළකන්නි කමක මහත ,උපන් පොළව අදහන්නැති අදම මිනිසුන් ,අද වන විට සද,ග්‍රහ තරු අල්ලා ඉන් අස්වැසීමක් ලබන්න සූදානම් වීම මොන තරම් විහිලු සහගතද.
කුසින් ඉපදෙන කිරි දරුවා ලෝකය සිත්තම් කරන්නේ පියවරෙන් පියවර ඔහුගේ මොළය නැමති හිස් පිටුවට සුන්දර වර්ණ යොදමිනි.නමුත් ඒ සුන්දර ලෝකය දවා අලු කරන්නේ ඔහු වටා ඇති පරිසරයත්,මේ කෘර සමාජයත් එක්ව නොවේද?
අද මොන තරම් අධ්‍යාපනයෙන් ඉහළ තැනක මිනිසා සිටියත්,මොන තරම් ඉහළ තාක්ෂනයක් තිබුනද,සැමදා ලෝකය පාගා,ලෝකයක් දිනන්නට හදන පාලක නලුවන්ම රජයති.දුප්පතා මිරිකා උන් උන්ගේ සාරය උරා බොති.
මේ සියල්ල මෙසේ සිදුවද්දි,මෙවර සොබාදර්මය නැමති ධර්ම මාර්ගය,මානව හිතවාදී උතුම් ධර්මතාවයන්ගේ දහම සනාථ කරමින්,එයින්ද පරයා ගොස් සියල්ලන්ගේම මුව "මුකවාඩම් "වලින් වසා දමන ලදි.සියලු නොදැමුනු මිනිස් ක්‍රියාකාරකම්ද අඩපණ කොට ඇත.එවන් වූ ලෝකය නැමති අඩඅදුරේ එළි දක්වන රංග මණ්ඩලය දස අතින්ම ගිණි ගෙන දැවෙන මෙවන් මොහොතේ පවා,කණාමැදිරි නලු නිලියන් ලෙස අප සියල්ලෝම තවමත් රගමු,හෙටක් ගැන අවිනිශ්චිතවම.එතෙක් මා නවතිමි.
안녕하세요 wasana님
랜덤 보팅!!
소소하게 보팅하고 가요
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you friend.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මේහි පලවිපාක අපි අද ඕනෑවටත් වඩා භුක්ති විදිමු. කොච්චරද කියනවනම් ඔයත් කිව්වා වගේ හෙටක් ගැන අවිනිශ්චිත ලෝකයක් වෙලා පෘථිවිය 😥
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මොන දේ උනත් මිනිසුන් විදියට අපි ආගමිකව ජීවත් උනොත් අපිට පුංච් හරි සැනසුමක් ලැබේවි.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
minissu sobadahama rakinne nati wenakota sobdahama wisinma taman rakaganiwi. dan apita muna denna wela tiyenne ekata.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මිනිසා කියන්නේ සොබාදහමේ,එක නිර්මාණයක් විතරයි කියලා ඇත්තටම මිනිසාට තවම තේරුම් ගන්න බැරි එකට බලවත් කණගාටුව.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit