Sandakada Pahana

in expatriation •  8 days ago  (edited)

නැෂනල් ඩබල් ස්පීකර් සෙට් එකක
හැමදාම රෑට දිගට යන සින්දු
රතු පාට කැසට් පීස් එකක
එක උඩ එක රෙකෝඩ් කර කර
පාඩම් කරා
සිංහල , ගණන් , විද්‍යාව, ඕවා මේවා

ඒ පාඩම් කර නිසා කාලයක් යද්දී
තමුසෙ රස්සාවකට ගියා
ඒ රස්සාවේ ලොකු ලොකු ඒවා කරා

ඒවයින් මට කිව්ව ලොකුම එක වැලිගම හොටෙල් එක හදපු එක
ඊට පස්සේ ලොකුම එක රබීන්ද්‍රනාත් තාගෝර් එක
එකේ AC system එක ……

අද අපි ඔක්කොම ඒ AC එක යට සඳකඩ පහණ අහද්දී
එකෙක් ලෝකේ අල්ලන්න ගිහින්.

මෝඩයෙක්;

ලෝකේ තියෙන්නේ මෙතන;
නැතුව වෙන කොහේවත් නෙවෙයි.

අර කැසට් පීස් එක තාම මගේ ළඟ ……

සුනිල් එදිරිසිංහ අද මෙතන මේ AC එක යට සින්දු කිව්වත්

ඒ තරම් ලස්සන නෑ …….

IMG_4870.jpeg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!