source
අපි 1917 (2019) චිත්‍රපටයේ Cinematography ගැන කතා කරමු. මේ චිත්‍රපටයේ කැමරාකරණය සිදුකර ඇත්තේ ලෝකප්‍රසිද්ද කැමරාකරණ ශිල්පියෙකු වූ Roger Deakins . බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වූ මොහුගේ වයස අවුරුදු 74 ක් වූවත් මොහු සිනමාකරණයේ ප්‍රබලයෙක්. හු සිනමාකරණය සිදුකළ චිත්‍රපට ලෙස Fargo, The Shawshank Redemption, 1917, Blade runner ආදිය දක්වන්න පුලුවන් . Blade runner ,1917 යන චිත්‍රපට දෙක සඳහාම ඔස්කාර් සම්මානය හිමි වෙලා තියෙනවා. සෑම් මෙන්ඩිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද 1917 චිත්‍රපටයේ කතාව ගෙතිලා තියෙන්නේ පළමු ලෝක සංග්‍රාමයේදී බ්ලේක් සහ ස්කොෆීල්ඩ් නම් සොල්දාදුවන් දෙදෙනකු සතුරු ප්‍රදේශයට ගොස් ඔවුන්ගේ මිත්‍ර පාර්ශිකයන්ගේ අණදෙන නිළධාරියාට පණිවිඩයක් ලබා දීමේ මෙහෙයුමක නිරත වන ආකාරය පිළිබඳවයි.
source
මෙම චිත්‍රපටයේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ චිත්‍රපටය පුරාවට ම කැමරා ශිල්පියා පූර්ණ අවධානය යොමු කරන්නේ මෙම සොල්දාදුවන් දෙදෙනාට වීමයි. මෙම චිත්‍රපටයේ කැමරාකරණය ප්‍රධාන ම ලක්ෂණයක් වන්නේ චිත්‍රපටය එක දිගට රූගත කිරීමක් ලෙස පෙනීමයි. මෙහිදී වැඩි වශයෙන් one take shot භාවිතා කරලා තියෙනවා. නමුත් ප්‍රේක්ෂකයාට නොදැනෙන සේ ඉතා දක්ෂ ලෙස shot cut වන අවස්ථාද පවතිනවා . ඔහු මෙලෙස one take ආකාරයෙන් රූගත කර ඇත්තේ චිත්‍රපටයේ වෙත ප්‍රේක්ෂක අවධානය රඳා පවත්වා ගැනීමට උපක්‍රමයක් වශයෙන් ද සොල්දාදුවන් සිදුකරන මාරාන්තික මෙහෙයුම පිළිබඳව අවධාරණය කිරීමට.මෙම චිත්‍රපටයේ භාවිතා කර ඇති කැමරා ලෙස Arri Alexa Mini , Arri Alexa LF, කැමරා සහ Arri Signature Prime Lens ආදිය දක්වන්න පුලුවන්.
source
මෙම චිත්‍රපටයේ වැඩි ප්‍රමාණයක් 40 mm කාචයෙන් රූගත කර ඇති අතර උමං තුළ දර්ශන 35 mm කාචයෙන්ද රූගත කරලා තියෙනවා. එසේම ඔහු මෙම කාච තෝරාගැනීමට හේතුව වන්නේ ස්වභාවික ආලෝක ප්‍රභවය යටතේ රූගත කිරීමට ඇති පහසුව නිසා. මෙම චිත්‍රපටයේ බොහෝ කැමරා shots ලබාගෙන තියෙන්නේ ගිම්බල් එකක් ආධාරයෙන් කැමරාව අතින් රැගෙන ඇවිදිමින්, දුවමින් හෝ ජිප් රථ, යතුරුපැදි, දොබකර සහ ඩ්‍රෝන යානා පවා භාවිතා කරමින්. මෙම චිත්‍රපටය ආරම්භයේ සිටම ප්‍රධාන චරිත දෙක යුද අගල තුළට යාම දක්වාම ගිම්බල් ආදාරයෙන් කැමරාව අතේ රැගෙන යමින් one take දර්ශනයක් ආකාරයෙන් රූගත කරලා තියෙනවා. බංකරයේ තුළ සිතියම දර්ශනය වන ආකාරය අඳුර හා ආලෝකය භාවිතා කරමින් ඉතා අලංකාර ලෙස පෙන්වනවා. චිත්‍රපටිය පුරාවටම ප්‍රධාන චරිත දෙක center වන ආකාරයට කැමරාව මෙහෙයවමින් දර්ශන ලබාගෙන තියෙනවා . සොල්දාදුවන්ට යාමට ඇති දුෂ්කර මාර්ගය හොඳින් පෙන්වීමට කටුකම්බි වැටවල් ආදියට මෙපිට සිට ඒවා අතරින් රංගන ශිල්පීන් පෙනෙන සේ රූගත කරලා තියෙනවා . මෙම ලක්ෂණය කැමරා ශිල්පියා චිත්‍රපටය පුරාවටම විවිද ආකාරයෙන් භාවිතා කරනවා. එසේම බොහෝ අවස්ථා වලදී ප්‍රධාන චරිත දෙක අංශක 360 කෝණයෙන් දර්ශනය වනසේ one take shots මගින් රූගතකරලා තියෙනවා .
source
ඇතැම් දර්ශන යුද භූමියේ දිගු වපසරියක් පෙනෙන සේ කැමරාගත කර තිබේ . සොල්දාදුවා බිදුනු පාලමේ ගමන් කරන ආකාරය ඔහුගේ පාද හොදින් පෙනෙන පරිදි දොබකරයක කැමරාව රැදවීමෙන් රූගත කරලා තියෙනවා. සොල්දාදුවා ගගට පනින ආකාරය සහ වතුරෙහි ගසාගෙන යන දර්ශනය සමීප දර්ශනද සහිතව සිත්ගන්නා සුළු ලෙස රූගත කර ඇත. හමුදා සෙබළුන් යාච්ඤා කරන ස්ථානයේ දර්ශනයද වන one take shot එකක් මගින් නිර්මාණශීලී ලෙස කැමරාගත කර ඇත. යුද පිටිය හරහා දුව එන දර්ශනය ද one take එකක් ආකාරයට කැමරාව වාහනයක රඳවා රූගත කර තියෙනවා.මෙම චිත්‍රපටයේ කැමරාකරණයෙහි සාර්ථකත්වයට ආලෝකකරණය ද බලපාලා තියෙනවා. මෙම චිත්‍රපටය සඳහා කැමරා ශිල්පියා ප්‍රධාන ආලෝක ප්‍රභවය ලෙස යොදා ගෙන තියෙන්නේ ස්වභාවික ආලෝකය. යුද අගල තුළ සහ බංකරය තුළ රූගත කිරීම් පවා සිදුකර ඇත්තේ ස්වභාවික ආලෝකයෙන් . එයට හේතුව අදුර මගින් බිය කුතුහලය දැනවීමට හැකිවීම සහ කැමරාව අංශක 360 ක් චලනය වන විට කෘතිම ආලෝක ප්‍රභවද රූ ගත විය හැකි බැවින්. රොජර් මෙම චිත්‍රපටයේ බොහෝ දර්ශන සෙවනැලි සහිතව රූගත කරමින් නිර්මාණයට අලංකාර බවක් එක්කර ඇත. නිදසුනක් ලෙස අතහැර දමන ලද යුද කඳවුරේ දර්ශනය පෙන්වා දෙන්න පුලුවන් . එහිදී භාවිතා කර ඇත්තේ ඔවුන් දෙදෙනාසතු විදුලි ලාම්පු ආලෝකය. එම කඳවුරෙන් පිටතට පැමිණෙන දර්ශනයේදී කදවුර තුළ ඇති අදුර සහ දොරටුවෙන් පිටත පෙනෙන ආලෝකය නිර්මාණශීලී ලෙස යොදාගනිමින් කැමරාකරණය සිදුකර ඇත. රාත්‍රියේ දර්ශන බොහොමයක් රූගත කර ඇත්තේ ගිනිදැල්වල කහ පැහැති ආලෝකය භාවිතා කරමින්. සෙවනැලි නිර්මාණය කිරීම සඳහා කෘතිම ආලෝක ප්‍රභව ද භාවිතා කරලා තියෙනවා .මෙම චිත්‍රපටයේ ඇතැම් අවස්ථාවල golden point, golden ratio, rule of thirds ආදී ශිල්ප ක්‍රමද භාවිතා කරඇත. සොල්දාදුවන් දෙදෙනා කැඩුණු බිත්තියක දොර දෙපස සිට ඈත බලා සිටින දර්ශනය frame by frame ආකාරයට රූගත කරඇත. සතුරු ගුවන් යානා පියාසර කරන ආකාරය බලා සිටින දර්ශනය rule of thirds යටතේ රූගත කර ඇත. යුධ රථ පෙළ වක්‍ර රේඛාවක් සේ යොමු දිශාවක් සහිතව රූගත කර ඇත.කැඩුණු ජනේලයේ අතරින් සුන්බුන් ගොඩනැගිලි සෙවණැලි සහිතව පෙනෙන දර්ශනය ඉතා අලංකාර ලෙස කැමරාකරණය කරඇත. ආරුක්කුව අතරින් ගිනි ගන්නා ගොඩනැගිල්ල පෙනෙන දර්ශනය frame by frame කැමරාගත කර ඇති අතර එහි කුරුසය golden point හි පිහිටන සේ කැමරාකරණය සිදුකර ඇත. මෙම චිත්‍රපටයේ ආරම්භයේ සිට අවසාන දක්වාම වැඩි වශයෙන් දැකගත හැකි වන්නේ one take දර්ශනයි. අලුත් ආටිකල් එකකින් අපි ඉක්මනටම හම්බවෙමු.
This post has been upvoted by @italygame witness curation trail
If you like our work and want to support us, please consider to approve our witness
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hi @ashen99,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit