අලුතෙන් පටන් ගමුsteemCreated with Sketch.

in hive-133716 •  10 months ago 

photo_2023-12-31_13-08-00.jpg

2023 ත් දන්නෙම නැතුව ඉවර වේගෙනයි යන්නේ.මේ අවුරුද්දෙ මම හිතුව තරන් මට සාර්ථක වෙන්න බැරි උනාදෝ කියල මට හිතෙනව. අවුරුද්ද අන්තිම වෙද්දි මගේ ග්‍රැෆික් වැඩ ටික කරගන්න පුලුවන් තරමෙ ලැප් එකක් ගන්න පුලුවන් වෙච්ච එක ලොකු ජයග්‍රහනයක් විදිහටයි මම හිතන්නෙ. මෙච්චර කල් කරගන්න බැරුව නතර කරල තිබුන ග්‍රැෆික් සොෆ්ට්වෙයා ටික ට්‍රයි කරල බලන්න ඒකෙන් මට පුලුවන් උනා. ලැප් එක ගන්න සල්ලි දුන්න තාත්තවත් මතක් කරන්නම ඕන. ඒ ඇරුනම ඉතින් කැම්පස් එකේ වැඩ ටික එහෙම ගානට කරගෙන යන්න පුලුවන් උන එකට මට සතුටුයි.බැච් ෆිට් එක ගැන එහෙම කැම්පස් එන්නත් කලින්ම අක්ක කිව්ව අනාවැකිය මට හොදටම තේරුනේ මේ අවුරුද්දෙ.ඇත්තටම ඉතින් එහෙම ලමයි එකාට එකා හොදින් ඉන්න ඕන කියල එකකුත් නෑ.ඒ ඒ අය හැදුන වැඩුන පවුල් පරිසර එක්ක එයාලාගෙ හීන එක්ක එයාල ගමනක් යනවා. අත්‍යවශ්‍යම වෙලාවක ඇරෙන්න ඉතින් හැමෝම එකතු වෙන්න ඕනත් නෑනෙ. හැමදේම සාපේක්ෂයි කියල තේරුන අවුරුද්දක් විදිහටත් මේ අවුරුද්ද ගනන් ගන්න පුලුවන්. එහෙම බැලුවම අපි අපේම ලෝකෙ නිවැරදි කාරයෙක්. මේ අවුරුද්දෙ මගෙ ස්ටීම් අකවුන්ට් එක හොරු ගත්තා.ඒකෙ තිබ්බ ස්ටීම්, ට්‍රෝන් එහෙම වැඩි හරියක් මට නැති උනා. ආයෙ අකවුන්ට් එක අරගන්න උදව් කරපු මගෙ අක්කටත්,හරිත් අයියටත් බොහොම ස්තූතියි. ඒ වගේමයි මේ අවුරුද්දෙ මම ආටිකල් බොහොම අඩු ප්‍රමානයක් ත්මයි ලිව්වේ. නමුත් මෑතක ඉදන් ආයෙමත් ටික ටික ආටිකල් වැටෙන්න ගත්තා කියල ඔයාල දකින්න ඇති. වැඩිපුරම දාන්නෙ අසයිමන්ට්ස් තමයි.හැබයි ඒවයෙන් ඔයාලට ෆිල්ම් එකක්,ස්ක්‍රිප්ට් එකක වෙන්නෙ මොකක්ද කියලා ලොකු අවබෝදයක් ගන්න පුලුවන් වෙනවා.ලබන අවුරුද්දෙ ඉදන් වෙනද වගේම මගේ අත්දකීම් ඔයාල එක්ක බෙදාගන්න මන් පොරොන්දු වෙනවා.

photo_2023-12-31_13-07-56.jpg

මේ අවුරුද්දෙ අවසාන හරියෙ අපිට් හරි ලස්සන අසයිමන්ට් එකක් ලැබුනා. අපිට කරන්න තියෙන්නෙ ,ටීවී හරි යූ ටියුබ් හරි ටාගට් කරන් ප්‍රෝගෑම් එකක් කරන්න. ඒකට කැමරා තුනක් පාවිච්චි කරන්න ඕන වගේම ඒ කැමරා තුනෙන් එන විශුවල් එක ස්විච් කරන්න එහෙමත් නැත්තන් mix කරන්න ඕන.ඔයාලා ටීවී එකේ දකින ගොඩක් ප්‍රෝග්‍රෑම්,හරියට නුග සෙවන,සිරසෙ පෙන්වන වැඩසටහන් වගේ වැඩක් තමා කරේ. බැක්ග්‍රවුන්ඩ් එක ලස්සනට හදලා, ලයිට්ස් ,කොලර් මයික් එහෙම පාවිච්චි කරලා තමයි ඒ වැඩේ කරන්නේ. ඒක අපි අතින් ලියන අසයින්මන්ට් එකකට වඩා වෙනම ලෙවල් එකක්.

photo_2023-12-31_13-07-55.jpg

අපිට උඩ බැච් එකවත් එහෙම දෙයක් කරල නෑ කියලයි දැනගන්න ලැබුනෙ.ඉතින් කන්ඩායම් 10 ක් ලමයි 6 දෙනා ගානෙ එකතු වෙලා ,සල්ලි එකතු කරලා ඒවයෙන් මයික් ,ලයිට් රෙන්ට් කරලා ඒ වගේම ආරාධිතයො එක්කන් අවිල්ලා හරිම ලස්සනට වැඩ ටික කරා.තමන්ගෙ ගෘප් එකේ නෙවෙයි කියල නෑ අනිත් ගෘඋප් වල අයත් ඒ ඒ ප්‍රඩක්ශන් යන දවසට ඇවිල්ලා සෑහෙන මහන්සි උනා.බැච් ෆිට් එක කියන්නෙ ඒක මම දකින විදිහට.ඒ අතරම පොඩි ගැටුමක් නිසා කැම්පස් එකම වහල දැම්ම කියලත් මුලු රටම දන්නව ඇති. ඒව නිසා ඉතින් සමහර ප්‍රඩක්ශන් කල් ගියා.නමුත් හැමෝම ලස්සනට වැඩේ කරගත්තා.

photo_2023-12-31_13-07-59.jpg

අලුත් අවුරුද්දට කරන්න ප්ලෑන්ස් ගොඩක් තියෙනව.මේ අවුරුද්දෙ මම මගේම දැකපු අඩු පාඩුත් හදාගෙන හොද ගමනක් යන්න හිතන් ඉන්නවා.පහුගිය ටිකේම ආටිකල් විදිහට අරන් ආවෙ මම ලියපු අසයින්මන්ට්ස් තමයි. ඒත් ඒවයෙනුත් ඔයාලට දැනගන්න ගොඩක් දේවල් තියෙන්න ඇති කියලා මම හිතනවා.ඉතින් මේක තමයි මේ අවුරුද්දෙ මගේ අවසාන ආටිකල් එක.ආටිකල් එක පුරාවට දකින්න ලැබෙන ෆොටෝ ඔක්කොම අර් මම කලින් කිව්ව අසයින්මන්ට් එක කරද්දි ගත්තු ඒවා.ඉතින් එහෙනම් ඊලග අවුරුද්දෙ හම්බෙමු. හැමෝටම ජය වේවා.

photo_2023-12-31_13-07-57.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!