source
අපි අද ආටිකල් එකෙන් කතා කරන්නේ ලේඛකයෙකු, නිර්මාණකරුවකු වගේම මාධ්‍යවේදීයෙකු වූ මාර්ටින් වික්‍රමසිංහ ගැන.
1890 මැයි මස 29 වන දින කොග්ගල, මලලගම දී ඉපදුනා. 1895 වසරේ දී ඔහු මුලින්ම අන්දිරිස් ගුරුන්නාසේගෙන් අකුරු කියවූ අතර 1897 වසරේදී ඔහු ගාල්ල බොනවිස්ටා පාසලට ඇතුලත් කරන ඇත. එහි වසර දෙකක් පමණ අධ්‍යාපනය හදාරණ විට ඉංග්‍රිසි භාෂාව හා ලතින් භාෂාව ඉතා චතුර ලෙස ලිවීමට කියවීමට ඔහු සමත් විය. 1901 වසරේ ඔහුගේ පියා වන ළමා හේවගේ දෙන් බැස්ටියන් වික්‍රමසිංහයන්ගේ අභාවයෙන් පසු සමඟ ආර්ථික අපහසුකම් වැඩි වීම නිසා පාසලෙන් අස් වී කොග්ගල ධීරානන්ද හිමියන් වෙතින් සිංහල, පාලි සංස්කෘත ඉගෙනගෙන ඇත. පාසල් අධ්‍යාපනය අඛණ්ඩව නොලැබුණද පොත පත කියවීමට මෙන් ම හැදෑරීමට එතුමන් ලොකු කැමැත්තක් දක්වලා තියෙනවා. 20 වන සියවසේ මුල් කාලය තුළ මෙතරම් පොත පත පරිශීලනය කළ තවත් සාහිත්‍යධරයෙකු සිටියාද යන්න පවා ප්‍රශ්නාර්ථයක්.
source
මාර්ටින් වික්‍රමසිංහ විසින් ළමා කෘති හතරක්ද, ජීව විද්‍යා කෘති හයක්ද, අතිරේක කියවීම් පොත් හතරක්ද, නවකතා දාහතරක්ද, කෙටි කතා එකොළහක්ද, නාට්‍ය හතරක්ද, ” තේරී ගී” නමින් පද්‍ය කාව්‍යයක්ද, විචාර ග්‍රන්ථ විසි තුනක්ද, ජීව විද්‍යාත්මක ග්‍රන්ථ විදේශ සංචාර පාඨශාලා පොත් ආදී වශයෙන් ග්‍රන්ථ රාශියක් ලියලා තියෙනවා. ඔහු කුඩා කල සිට පරිශීලනය කළ පොත් 6000 පමණ සුවිශාල පුස්තකාලයක් ඔහු සතුයි. එහි ප්‍රතිඵලය වූයේ මහා ගත් කතුවරයෙකු බිහිවීමයි. මාර්ටින් වික්‍රමසිංහයන් සිය ලේඛණ දිවිය ආරම්භ කරන්නේ 1914 දී ලියවෙන ලීලා නවකතාව හා නවකථාව සහ සාහිත්‍ය විචාර ලිපි සංග්‍රහයක් වූ ශාස්ත්‍රීය ලේඛන (1919) යන කෘතීන් එළිදක්වමිනි.
source
1920 පමණ පත්තරකලාවට යොමු වීමත් ලේක්හවුස් ආයතනයේ සේවය කිරීමත් හේතුවෙන් තව දුරටත් විවිධ ක්ෂේත්‍ර පිළිබඳ නිරන්තරව යාවත්කාලීන වන දැනුම් සම්භාරයක් රැස්කර ගැනීමට ඔහු සමත් විය. ඔහු රචනා කල සාහිත්‍යෝදය කතා (1932) විචාර ලිපි (1941) ගුත්තිල ගීතය (1943) සිංහල සාහිත්‍යයේ නැගීම (1945) ඔහුගේ සාහිත්‍ය නවකතා, කෙටිකතා, විද්‍යාත්මක කතා, සතුන් පිළිබඳ කතා, විචාර ආදී විවිධ තලයන් ඔස්සේ හඳුනා ගත හැකිය. නූතන සිංහල සාහිත්‍යයේ පියා වශයෙන් ඔහු හඳුනා ගන්නේ එබැවිණි.1944 දී පල වූ ගම්පෙරළිය නව කතාව නූතන ලෝක සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ නවකථාවන් සමග සැසඳිය හැකි ප්‍රථම සිංහල නවකථාව විය. ඒමඟින් මෙරට එතෙක් තිබූ නවකතා සාහිත්‍යය වෙනස් මගකට යොමු කිරීමට සමත් වු අතර මාර්ටින් වික්‍රමසිංහ සිංහල යථාර්ථවාදී නවකතාවේ පුරෝගාමියා වශයෙන් ද හඳුනාගනු ලැබේ. ඉන් අනතුරුව එහිම දිගුවක් වශයෙන් “යුගාන්තය” සහ ” කලියුගය” යන තුන් ඈදුතු නවකතා බිහි විය.සාම්ප්‍රදායික වැඩවසම් සමාජ ක්‍රමය සමතික්‍රමණය කරමින් ධනේශ්වර සමාජ ක්‍රමය වර්ධනය වීමත් ඉන් අනතුරුව නාගරික පදනමක් සහ ව්‍යාපාරික පෙළඹුමක් සහිත නාගරික පන්තියේ වර්ධනයත් ඒ සමඟ සිදුවන කම්කරු ව්‍යාපාරයේ සහ සමාජවාදී දර්ශනයේ ආරම්භයත් අවසානයේ නව සමාජ ක්‍රමයක් පිළිබඳ අපේක්‍ෂාවත් මෙම නවකථා ත්‍රිත්වයෙන් ඉදිරිපත් කිරීමට වික්‍රමසිංහයන් සමත් වේ. 1956 දී පළ කරන ලද “විරාගය” නවකතාව වික්‍රමසිංහයන්ගේ විශිෂ්ඨතම මෙන්ම කලාත්මක නවකතාක් වේ. තවත් ආටිකල් එකකින් අපි ඉක්මනටම හම්බවෙමු.