source
හෙන්රි ජයසේන ප්‍රචලිත ග්රන්ථ රචකයෙක් වගේම දක්ෂ සිනමා රංග ශිල්පියෙක්. ඒ වගේම ඔහු ටෙලි නාට්‍ය නලුවෙකි. ඒ සියල්ල අභිබවා ඔහු දැවැන්ත වූයේ ලාංකේය වේදිකා නාට්‍ය ක්රේෂ්තයේය. හෙන්රි ජයසේන සිනමාවට අවතීර්න වූයේ1959 නිශ්පාදනය කල ශ්‍රී 296 චිත්‍රපටයෙනි. සිනමා රංගනයට වඩා හෙන්රිගේ වැඩි ප්‍රිය මනාපයට තිබුනේ නාට්‍ය කරනයටය. එහෙයින් මේ මුල් චිත්‍රපට පෙල වූ ගැහැණු ගැට,වෙන ස්වර්ගයක් කුමටද?, සුහද සොහොයුරෝ ,හෙට ප්‍රමාද වැඩියි,සීගිරි කාෂ්‍යප වැනි සිනමා පට වල හෙන්රි රගපෑවේ ඕලාරීක චරිතය. රගපෑම් ද නාට්‍ය ශෛලීයගතය. එහෙයින් මුල් සිනමාවේදි හෙන්රි ජයසේන කැපී පෙනී නැත. ගම්පෙරලිය චිත්‍රපටයේ දී එහී ආ නන්දා, පියල්, ජිනදාස චරිත,ද ඒහා සමානව ජනප්‍රිය විය. ලෙස්ටර් ජේම්ස් පීරිස් ගම් පෙරලිය කෘතිය චිත්‍රපටයට නංවන්නට මුල පිරූ අතර එහී මුඛ්‍ය චරිතය වූ පියල් ගේ චරිතය හෙන්රි ජයසේන ට පැවරිනි. එය ඔහුගේ සිනමා රංගන ජීවිතයේ,හැරවුම් ලක්ෂනය බවට පත්විය. සිනමා ප්‍රේක්ෂක විචාරකයන්ගේ සිත්තුලට හෙන්රිට රිංගන හැකිවුනේ පියල් හරහාය. නාට්‍ය කරුවා සම්භාවනීය සිනමා නලුවෙකු ලෙස පරිවර්තනය වී ඇත්තේ එසේය. ඔහුට දැඩිපිලිගැන්මක් තිබුනේ නාට්‍ය ක්රෙෂ්තය තුලය. නමුත් ගම්පෙරලිය සිනමා පටයෙන් හෙන්රි හොද නලුවෙකු ලෙස ප්‍රසිද්ධ විය.
source
සිනමාව තුල ඔහුට පෙම්වතෙක් වීමට නොහැක. හෙන්රි ගේ ස්වරූපය සිනමා සම්ප්රදායානු පෙම්වතාට ගැලපෙන්නේ නැත. එය සනාථ වූයේ ගම් පෙරලියට පසුව තිරගතවූ දහසක් සිතුවිලි චිත්‍රපටයෙනි. එහී ඔහු රගපෑවේ පරාජිත පෙමිවතාගේ චරිතයයි. 1964 න් පසු හෙන්රි නැවත සිනමාවට සම්බන්ධ වූයේ 1967 තුල තිර ගත කල සැඩොල් කදුලු චිත්‍රපටයටය. එයද දෙබස් රචකයෙක් හැටියටය.එතැනින් පසු හෙන්රි සිනමාවෙන් ඉවත්වී තම ප්‍රියතම ක්රෙෂ්තය වූ නාට්‍ය කරනයේ අතී සාර්ථකව යෙදී සිටියේය. අව්රුදු 10යක් යන තෙක් හෙන්රි සිනමාවට නොපැමිනියේය. ටයිටස් තොටවත්තගේ ඉල්ලීම පරිදි හෙන්රි ජයසේන නැවත සිනමාවට පැමිනියේ 1977දීය.ටයිටස් හෙන්රි ගේ දෙවන සිනමා ගමන ආරම්භ කලේ ටයිටස් තොටවත්තගේ මරුවා සමග වාසේ චිත්රපටයෙන්ය. ඒ ඉන්ස්පෙක්ටර් වරයෙකුගේ චරිතයකිනි. එම අව්රුද්දේම වසන්ත ඔබේසේකරගේ පලගැටියෝ චිත්‍රපටයේ මුද්‍රණාලයක මුදලාලි කෙනෙකුගේ ප්‍රධාන භූමිකාව රගපා ඇත. එය හෙන්රිගේ සිනමා ගමනේ දෙවැනි හැරවුම් ලක්ෂය විය.
source
පලගැටියෝ ආන්දෝලාත්මක චරිත කීපයක් වටා ගෙතීමත්, ලිංගීකත්වයට වැඩි බරක් තිබීමත් නිසා ජනප්‍රිය විය. එහී හෙන්රි ජයසේනගේ රගපෑම් ප්රශස්ත මට්ටමක තිබී ඇත. හෙන්රි ජයසේන ටයිටස් තොටවත්තගේ හදයා චිත්‍රපටයේ රගපා ඇත. ඒ බේබදු පියෙකුගේ චරිතයක් ඇතුලත් ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවු හොදම ලමා චිත්‍රපටය වූ හදයාය. හදයාද 1979 වසරේ තිර ගතවිය. එහි හෙන්රි ජයසේනයන් විශිෂ්ට ලෙස චරිතයට අවතීර්ණ වී තිබු අතර, හදයා ආදායම් වාර්තා තබමින් තිරගත වීමෙන් හෙන්රි ජයසේන ජනප්‍රිය මෙන්ම ප්රබුද්ධ සිනමා රංග වේදියකගේ තත්වයට පත් විය. එම වසරේ හොදම සහය නලුවා සම්මානය හදයා චිත්‍රපටය දිනාගන ඇත. ඉතින් එහෙනම් තවත් ආටිකල් එකකින් අපි හම්බවෙමු.