ඉතින් යාළුවනේ ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලාා හිතනවා.දවස් දෙක තුනකට පස්සේ අමුතුම විදියේ ෆිල්ම් එකක් ගැන ලියන්න තමයි අද යන්නේ.මේ ෆිල්ම් එක මටත් දුන්නේ යාලුවෙක්.ගොඩක් පරණ වගේම කලු සුදු ෆිල්ම් එකක් නිසා මුලින් බලන එක ටිකක් අදිමදි කරල තමයි තිබුණේ. ඒත් ආයෙත් පාරක් යාළුවා බලන්න කියලා බල කරපු නිසාම අකමැත්තෙන් බලන්න ගත්ත ෆිල්ම් එකක් තමයි මේක.මොකද යාළුවා ෆිල්ම් එක ගැන ලොකු හැදින්වීමක් කරල තමයි මට බලන්නත් කිව්වේ.මේ ෆිල්ම් එක තමයි ලෝකයෙන්ම හොදම පස්වෙනි තැනට තියනන ෆිල්ම් එක.ඉතින් ඒ නිසාම ඔයාට ප්‍රශ්නෙකුත් ඇති මේ වගේ පරණ කළු සුදු ෆිල්ම් එකක් කොහොමද ලෝකෙන්ම හොඳම පස්වෙනි ෆිල්ම් එක අතරට ආවේ කියලා.imdb 9 ක ඉහළ අගයක් මේ ෆිල්ම් එකට ලැබිල තියෙනව.හරි ඉතින් වෙනද වගේම ෆිල්ම් එක ගැන පොඩි අදහසක් ගමු.
තමන්ගේ තාත්තව පිහියෙන් ඇනලා ඝාතනය කරා කියලා තරුණ පිරිමි ළමයෙක්ව අත්අඩංගුවට ගන්නවා.ඉතින් මේ ළමයා ඝාතනය කළ බවට ප්‍රබල සාක්ෂි කිහිපයකුත් තියෙනවා.ඉතින් මේ හා සම්බන්ධ නඩුව හා චෝදනාව උසාවියෙ යන ගමන් තමයි තියෙන්නේ.ඉතින් අවසානයේ උසාවිය මේ නඩුව ජූරියකට බාර දෙනවා.ජූරියේ පුද්ගලයන් දොළොස් දෙනෙකුගෙන් සමන්විතයි.ජූරිය දොළොස් දෙනාම මේ තරුණයා සම්බන්ධයෙන් තියෙන සියලු සාක්ෂි සලකලා බලලා ඒකමතික තීරණයකට එන්න ඕන.ඒ කියන්නේ ජූරියෙ ඉන්න සාමාජිකයන් සියල්ල තීරණය කරන්න ඕනෙ එක්කෝ මේ තරුණයා වැරදිකරු හෝ නිවැරදිකරු කියලා.ඉතිං ඔයාලා හිතනවද පළමු ඡන්ද විමසීමෙන්ම මේ ප්‍රබල සාක්ෂි දෙක නිසා සියල්ලන්ම මොහු වැරදිකරු කියලා තීරණය කරනවා කියලා.පොඩි ඉඟියක් දෙන්නම් එහෙනම් ඔයා වැරදියි.ෆිල්ම් එක පුරාවට යන්නේ කුතුහලය දනවන සහ සුපිරිම ආකාරයේ කතාවක්.ඒ නිසා ෆ්‍රී වෙලාවක් තියෙනවා නම් බලන්න සුපිරිම ගණයේ ෆිල්ම් එකක් තමයි මේක.