මහ වැස්සෙන් දැඩි පීඩා

in hive-133716 •  25 days ago 

1000123079.jpg
source

ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා,මේ දවස් නම් ශ්‍රී ලංකාවාසීන්ට එච්චර හොඳ දවස් නෙවෙයි.මොකද කාලගුණය දැඩි ලෙස වෙනස් වෙලා තමයි තියෙන්නෙ.දිගින් දිගටම තියෙන වර්ෂාව නිසා මිනිස්සුත් ගොඩක් අසරණ වෙලා ඉන්නෙ.ඉතින් මට හිතුණා අද ඒ ගැන ලියන්න.නොවැම්බර් දෙසැම්බර් මාසය කොහොමත් සීතල වගේම බැස්ස සාමාන්‍ය ආකාරයෙන් තියෙන මාස දෙකක් වුණත්, මෙවර නම් ඒක ගොඩක් දුරට වෙනස් වෙලා තියෙන්නේ.ඒක කොච්චර දුරට වෙනස් වෙලා තියෙනවාද කිය්ල කියනවනම්, අපිට වැඩිය අහන්න දකින්න ලැබෙන්නෙ නැති දිස්ත්‍රික්කවල අධික වර්ෂාව නිසා ගංවතුර තත්ත්ව ඇතිවෙලා තියෙනවා.ඒ අතරේ යාපනය අම්පාර යන දිස්ත්‍රික්ක කැපී පෙනෙනවා.ඒ වගේම පොළොන්නරුව,මාතර යන දිස්ත්‍රික්කයත් දැඩි ලෙස අධික වර්ෂාව ගංවතුර තත්ත්වයන්ට පත්වෙලා තියෙනවා.

ඉතින් මේක කොයිතරම් දුරට මිනිස්සුන්ට බලපානවද කිව්වොත් ඔයාලට ගොඩක් ප්‍රවෘත්තිවල අහන්න දකින්න ලැබෙන්න ඇති,මිනිස්සු කොයිතරම් මේ කාලගුණයත් එක්ක අසරණ වෙලාද කියලා.ඒවගේම ජීවිත ආනිත් අපිට මෙයත් එක්ක අහන්න ලැබිල තියෙනව.ඒ වගේම ඊයේ හද කම්පා කරවන ප්‍රවෘත්තියක් අහන්න ලැබුණේ කුඩා ළමුන් රැගෙන ගිය ට්‍රැක්ටර් රථයක් පෙරළී ළමුන් එකොළොස් දෙනෙක් සැඩ පහරකට ගලාගෙන ගොස් තිබුනා.ඉතින් ළමුන් හය දෙනෙක් බේරගන්න සමත් වෙලා තිබුණත් අවාසනාවකට ළමුන් පස් දෙනෙක් තවමත් අතුරුදහන් වෙලා තියෙනවා.ඉතින් ඒ වගේම මේ පාලගුණ තත්ත්වයත් එක්ක තවත් ජීවිත හානි ආරංචි වෙලා තියෙනවා.බදුල්ල දිස්ත්‍රික්කයේ නාය යෑම් වලින්, පාරවල් ගෙවල් වලටත් දැඩි හානි සිදුවෙලා තියෙනවා.ඉතින් මෙවර නම් කාලගුණය ගොඩක් දරුණු වෙලා තියෙන නිසා ඔයාලත් ගොඩක් පරිස්සමෙන් ඉන්න කියලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @ayesha98,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community

coment team 2.jpg
Curated by @cymolan