දුවෙක්ට තාත්තෙක් ඕනෙමයි…

in hive-133716 •  6 months ago 

happy-father-daughter-laughing-together-outdoors.jpg
source

අද ලියන්න යන්නේ ටිකක් දැනෙන දෙයක්, අනික මේක එකපාර ලියන්න හිතුන මාතෘකාවක්.කොහොමහරි ලියන්න ලැබෙන අවස්ථාවෙන් මම කැමති දේවල් ලියන්න ආස නිසා මේකත් ලියන්න හිතුනා.දෙවිවරු ගැන ලොකුවට කියලා තිබ්බට මම දෙවිවරු සියැසින් දැකලා නැහැ , මම හිතනවා ඔයාලත් එහෙම ඇති කියලා, ඒවගේම ඕන දෙයක් දෙන්න පුළුවන් රජවරු ගැන මං අහල තිබ්බට මම ඔවුනුත් දැකලා නැහැ මට උන් හම්බවෙලත් නැහැ.නමුත් දෙවිවරුන්ට සමාන රජවරුන් වගේ තුන්දෙනෙක් මට ජීවිතයේ හම්බවෙලා තියෙනවා.ඒ මගේ අම්මයි, තාත්තයි ,අයියයි.මම ඒකෙ කොහොමටවත් වෙනසක් දකින්නේ නැහැ මොකද මට ජීවිතේ ඕනම දෙයක් , ගන්න හිතුණු කැමතිම දෙයක්, ආසාවෙන් බලන් හිටපු දෙයක් මම ඔවුන්ගෙන් ඉල්ලන්නත් කලින් ගොඩක් වෙලාවට මට හම්බවෙනවා.අයියයි තාත්තයි දෙන්නම මට තාත්තට දෙන්නෙක් වගේ, මොකද දෙන්නගෙම මට ලැබෙන ආදරේ රැකවරණය දෙකම එක වගේ.වෙනසකට තියෙන්නෙ තාත්තා ටිකක් හරි ඒක පිටින් පෙන්නුවත් අයිය නම් පෙන්නන්නෙම නෑ.ඒත් එහාට ජීවිතයේ ලබාගන්න බැරි වුණු ගොඩක් දේවල් මට ලබා ගන්න එයා කන කට්ට මට හොඳටම පේනවා , ඒ හින්දම මගේ තියෙන ආදරයත් දවසින් දවස වැඩි වෙනවා.ඉතින් ඒ තමයි අයියා කියලා මම කතා කරන එක තාත්තා කෙනෙක් ❤️.

මම පොඩි කාලේ කරේ චිත්‍ර.ඇත්තටම ඒක මම ආසාවට තෝරගත්ත දෙයක් නෙවෙයි,ඉතින් අකමැත්තෙන් උනත් අවුරුද්දක් විතර මට චිත්‍ර ඉගෙනගන්න සිද්ධ වුණා.ඉතිං ගොඩක් වෙලාවට ඇඳන් එන්න දෙන චිත්‍ර අඳින්නේ නම් මම නෙවෙයි තාත්තා.මගේ ජීවිතයේ මමත් දැකපු සුපිරි වීරයෙක් තමයි තාත්තා,මොකද මම ඔහුගෙන් ඉල්ලපු කරන්න කියපු කිසි දෙයක් ඔහු බැහැ කියලා නෑ.ඔව් එයා තාමත් එහෙමයි, ඕන දෙයක් එයාට පොඩ්ඩක් හරි පුළුවන්, ඉතින් ඒක පටන් ගන්න, ගන්න උත්සාහය එයා කොහොමත් සාර්ථක කරගෙන තමයි ඉවර කරන්නේ.ඉතින් මගේ ජීවිතයේ ඕන දෙයක් කරන්න පුළුවන් සුපිරි වීරියක් තමයි මගේ තාත්තා.ඕනම දුවෙක්ගේ පළවෙනි ආදරය වෙන්නේ තාත්තා, ඒ වගේම ඔහුගෙන් ලැබෙන රැකවරණය තරම් එකක්, මම හිතන්නේ නෑ දුවෙක්ට කිසිම කෙනෙක්ගෙන් නැවතත් ලැබෙනවා කියලා.ඉතින් දුවෙක්ට සමාජයේ කෙලින් හිටගන්න තත්තෙක්ගෙ රැකවරණය නම් අත්‍යවශ්‍යම තමයි.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @ayesha98,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community