දුක සතුට ලග රැදෙන ආදරණීයන්

in hive-133716 •  2 months ago 

1000108713.jpg
අද ලියන්න යන්නේ එක පින්තූරයක් පාදක කරගෙන.මොකක් පින්තූරයක් පාදක කරගෙන.ඔව්, ඔයාල මේ දකින පින්තූරය
ලෝකයේම බොහෝ සම්මාන වලට ඇගයීම් වලට ලක්වෙච්ච පින්තූරයක්.මේ පින්තූරය හැංගිච්ච ලොකු කතාවක් තියෙනවා.ඒ වගේම අපිටත් මුළු සමාජයටත් ලොකු කතාවක් මේ පින්තූරෙන් කියනවා.හරි අපි මුලින්ම මේ පින්තූරය ගැන කතා කරමු.මේ කුරුලු පැටියා කූඩුවෙන් වැටෙන්න යනකොට කුරුලු අම්මා උඩ ඉඳන් පැටියාව වැටෙන්න නොදී අල්ලන් ඉද්දී කුරුලු තාත්තා යට ඉඳන් පැටියාව උඩට තල්ලු කරනවා. ඡායාරූප ශිල්පියා කියන විදිහට අම්මායි තාත්තායි කොහොම හරි පැටියාව වැටෙන්න නොදී ආපහු කූඩුවට දාගත්තාලු.ඉතින් මොකද්ද මේකෙන් අපිට තියෙන වැඩේ.මම හිතන්නේ දැනටමත් ඔයාට ඒ ගැන හොඳ අදහසක් තියෙනවා.

මතක තබා ගන්න. මුලු ලෝකයම බලන් ඉන්නේ ඔයාට රිද්දන්න. මුලු ලෝකයම බලන් ඉන්නේ ඔයාව වට්ටන්න. ඒත් ඔයාගේ අම්මායි තාත්තායි ඔයාට කවදාවත් වැටෙන්න දෙන්නේ නෑ. ඒ දෙන්නා හැමදාමත් ඔයා වෙනුවෙන් ඉන්නවා.අපේ ජීවිතයේ අපේ සතුටෙදි දාහක් මිනිස්සු හිටියත් අපේ දුකේදී, අපි වැටුන තැන් වලදී අපි ළඟින් ඉන්නේ අපිට හයියක් වෙන්න ඉන්නේ අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන් පිරිසක්.ඒක ඔයත් මමත් හොඳට දන්නා කරුණක්.ගොඩක් යාළුවො නෑදෑයො ඉන්නේ වාසියට විතරයි.අපේ දුකේදී අපි ළඟින් ඉන්න ආදරණීයන් බොහෝ දුරට දෙමාපියන් විතරක් වෙන්න පුලුවන්.මොකද අනිත් අය ගැන විශ්වාසය තියන්න එතරම් පහසු නැහැ.නමුත් ඕන වෙලාවක විශ්වාස කරන්න පුළුවන් ඔයාගේ ඕනම දුකකදී දෙමව්පියන් සෙවනැල්ල වගේ ඔයාගේ පස්සෙන් ඉන්නවා කියලා.ඒ වෙලාවට ඔවුන් තමයි අපිට ඉන්න එකම විසඳුම සහ එකම හයිය.අම්මෙක්ගේ තාත්තෙක්ගේ වටිනාකම හොදටම තේරෙන්නේ ඔයා ඒ පදවියට ආවම.ඉතින් එයාලව ඉන්න කාලෙදි සතුටින් නොතිය අපිව හැරගියාට පස්සෙ කොච්චර දේවල් කරත් වැඩක් ඇති කියල මමන්ම් හිතන්නෙ නෑ.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

මෙහෙමයි. සමහරු ඕක තේරුම් ගන්නේ නැහැ. පස්සේ මුණ ගැසුණු යාලුවෝ සහ අනෙක් නෑදෑයෝ ලොකු කරගෙන අම්ම තාත්තට නොසලකන දරුවෝ ඕන තරම් ඉන්නවා ලෝකේ.

ඔව් ඒක ඇත්ත

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @ayesha98,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community