ඉතින් කොහොමද යාලුවනේ ඔයාලට,හැමෝම හොඳින් ඇති කියලා හිතනවා.මම මේ ලියන්නේ ගොඩක් කාලෙකට පස්සේ,එක එක වැඩත් එක්ක ලියන එක ඇත්තටම මට මගහැරුණා. ඒත් මං දැන් ආයිත් ලියන්න පටන් ගත්තා😊
ඉතින් මම අද ලියන්න යන්නේ ගොඩක් කාලයක් ආසාවෙන් බලන් ඉඳලා ඉඳලා ගියපු අපේ family ට්‍රිප් එක ගැන.ට්‍රිප් එක ගිහිල්ල නම් දැන් ටිකක් දවස්.ඒත් ඉතිං ලියන්න ගත්තේ අද නිසා මං හිතුවා මුලින්ම ඒකේ අත්දැකීම් ඕගොල්ලත් එක්ක බෙදාගන්න.
ට්‍රිප් එක ගියේ අපේ පවුලෙම අය. අපි ගියේ නුවරයි නුවරඑළිය.මම මීට කලින් නුවරඑළිය ගිහිල්ල නැති නිසා ට්‍රිප් එකට හරි ආසාවෙන් හිටියේ. අපි ඉතින් ගොඩක් උදෙන්ම ගියේ නෑ. ගෙදරින් හයට විතර තමයි අපි ගියේ.
ගමන ආරම්භ කරලා අපි ටිකක් දුර ගිහිල්ලා උදේට කෑම ගත්තා.උදේ කෑම අපි ගෙදරින්ම හදාගෙන තමයි ගියේ. ට්‍රිප් එක පටන් ගත්ත ගමන් නම් කට්ටියගේ කිසිම ජොලියක් තිබුණේ නෑ. සින්දුවක්වත් කියන කට්ටියට උවමනාවක් තිබුණේ නෑ. හැබැයි චුට්ටක් වෙලා යද්දි නම් කට්ටිය සින්දු කියන්න පටන් ගත්තා.
අපි මුලින්ම ගියේ අලි කොට අර වැව බලන්න.ඒ වෙලාවේ එතන හොඳටම රස්නෙ.ඉන්න බැරි තරමට අව්ව.ඒක නිසා අපි ගොඩක් වෙලා එතන රැඳුනේ නෑ.චුට්ටක් වෙලා ඉඳලා ෆොටෝ දෙක තුනකුත් ගහගෙන අපි ආවා. ඊට පස්සේ ඉතින් ආයි ගමනේ. පස්සෙ අපි රාවණා ඇල්ල ලගත් නතර වුණා. එකත් බලල තමයි අපි ගියෙ.
ඊට පස්සේ අපි ගියා නයින් ආච් බලන්න. ඒකත් මම බලන්න ගිය මුල්ම වතාවම මේ. එතන නම් කට්ටිය ගොඩක් පිරිලා. එතනදි අපිට මාර වැඩක් තමයි වුණේ. අපි ගියේ වෑන් එකකනෙ.ඉතින් අපි ටිකක් දුර යද්දි අපිට කට්ටියක් කිව්ව ඔතනින් එහාට යන්න බෑ වාහනේට බැහැලා තමයි යන්න ඕනේ කියලා. එතකොට ඉතිං අපි නයින් ආච්වල ඉදල සැලකිය යුතු දුරකින් තමයි හිටියේ. ඒත් අපට ඈතින් වෑන් ගිහින් ආයෙ එනවත් පේනව. පස්සේ අපි ආයේ කෙනෙකින් අහල බැලුවා අපට කිට්ටුවට යන්න පුළුවන්ද කියලා. ඒ කෙනා කිව්වා අපිට වෑන් එක ඒ කිට්ටුවටම යන්න පුළුවන් කියලා. පස්සෙ බැලින්නම් වෙලා තියෙන්නේ එතන වෙනම society එකක් තියෙනවා ටුක් ටුක් society කියලා. ඒකෙන් තමයි මගින් බහින අයව එක්කන් යන්නෙ. ඇයි වාහනවලට යන්න බෑ කිව්වම මිනිස්සු වාහන නවත්තනවනෙ. පස්සෙ ගොඩක් දුර නිසා පයින් යන්නත් බෑ. එතකොට එර society එකේ ටුක් ටුක් එකකින් තමයි යන්නෙ. ඒ යන්න තියෙන පාර ටිකක් පටුයි. වාහන දෙකකට යන්න බෑ එක පාර. ඉතිං එයාල කැමති නෑ වෑන් වගෙ ඒව යනවට. මොකද එපාර එයාලට ඉක්මනට යන්න බැරි වෙනවනෙ. පාරෙ ඉඩ මදි වෙනවනෙ. එතන තියෙන්නෙ පුදුම තරගයක්. ඒක ඒගොල්ලොන්ගෙ job එක තමයි. ඒත් බොරු කියල අනිත් අය මුලා කරන එක නන් වැරදි. කොහොම හරි අපි වෑන් එකෙන් කිට්ටුවටම ගියා. එතන ගොඩක් අය අපි යද්දි. කට්ටිය ඉතිං photo ගහන එක තමයි කරන්නෙ. Drone යවන අයත් හිටිය. අපිත් ඉතිං ටිකක් වටපිට බලල, photo ටිකකුත් අරගෙන ආවා. මොකද අපිට බඩගිනි වෙලා තිබ්බෙ.
අපි දවල්ටත් කෑම හදාගෙන ගියෙ. පස්සෙ මගින් නවත්තල අපි කෑම කෑවා. ඒ පැත්තනන් ටිකක් සීතලයි. මම නන් ඉතිං එතනදිම jersey දා ගත්තා.😶🌫️
ඔන්න ඉතිං අපි ඊළඟට ගියෙ එඩිසන් බංගලාව බලන්න. එතනත් මට නන් හරිම හීතලයි. ටිකට් අරන් අපි කට්ටිය ගියා ඇතුලට. අපෙ කට්ටිය ඉතිං photo ගහන එකම තමයි වැඩෙ. මල් ගස් වටේ ඉඳගෙන. ඒ බංලගාව මට මතක විදියට 1937 වගෙ හදල තියෙන්නෙ. හරියටම මතක නෑ ඉතිං. අපිට බලන්න තිබුණෙ ඒ අය පාවිච්චි කරපු බඩු ටිකක් තමයි. Sofa දෙකක් තිබුණා. ඒ බලංගලාවෙ ඉදපු සුදු ජාතික කාන්තාව ඇඳපු චිත්‍ර තිබුණා. ඒව නම් ලස්සනයි. අපිට බලන්න තියෙන්නෙ පොඩි ප්‍රමාණයක්. ඒ වුණාට බංගලාවෙ තව කාමර ගොඩක් තියෙනවලු. අපිට කැමති නන් ඒවගෙ නතර වෙන්නත් පුළුවන් කියල තමයි කිව්වෙ. තව එතන තියෙනව පුජකතමන්ල පුහුණු කරන වෙනම කාමරයක්. ඒක නන් බලන්න බෑ කාටවත්. බංගලාවෙ වටපිටව ලස්සනයි. කට්ටිය එක්ක photo ගහල, වටපිට බලල අපි එතනිනුත් ආව.
පස්සෙ අපි කෙලින්ම නතර වෙන තැනට තමයි ගියෙ. ඒ අතර මගදි ඉතිං අපි එක එක දේවල් කාල බීල තමයි ගියෙ. කොහෙම හරි නවාතැනට එද්දි නන් හරිම මහන්සි. ඒ වගේමයි සීතල.🥶 අම්මෝ හරිම සීතලයි. ඒත් ඉතිං wash🛀 එකක් එහෙම දාල තේ බීල අපි කෑම හැදුව රෑට. ඊට පස්සෙ තමයි අපි සිංදු කියන්න පටන් ගත්තෙ. කට්ටිය එක්ක සිංදු කිය කිය නැටුව💃 අපි පාන්දර එක විතර වෙනකම්ම. ඒ වෙලාවෙ තමයි කාලා නිදා ගත්තෙ🛌. ඔන්න ඔහොම තමයි පළවෙනි දවස ඉවර වුණෙ.🙃