මම ජීවිතේ ලබපු හොදම හා වටිනම දේ තමයි බෞද්ධාගමික වීම.මම ඒකෙන් අනිත් ආගම් වලට ගරු නොකිරීමක් හෝ නිග්‍රහ කිරීමක් කරනව් නෙවෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනාකරල තියෙනව තමන් විසින් හැමදේම හොයල බලල විශ්වාස කරන්න කියල, උන්වහන්සේ කියූ පමණින්වත් ඒ දේ එකපාර විශ්වාස කරන්න එපා කියලත්. මම ඒ දේ සෑහෙන්න ගරු කරනව.මම බෞද්ධ ධර්මය ගැන පරතෙරට දන්ණෙ නැති උනත් සීමාවකට උන්වහන්සේ දෙසූ ධර්මය ඉගෙනගෙන තියෙනව. ඒ අතරින් භාවනා ක්‍රම ගැන, සිත ගැන , ආර්‍යාශ්ඨාංගික මාර්ගය , සතර සතිපට්ඨානය වගේ ප්‍රබල මාතෘකා ගොඩක් දුරට අද කාලයට්ත් ඕනම කෙනෙක්ට ගැලපෙන වටින දේශනා වලින් කිහිපයක්.අනික ඉතින් මේ කීපයක් විතරයි. හරි ඉතින් මේක නෙවෙයි අද මාතෘකාව මම ඔයාලට කලින්ම කිව්වනෙ කලින් මාතෘකාව ටිකක් ගැබුරු නිසා එක කොටසකින් ඉවර කරන්න අමාරුයි කියල. ඉතින් මේ ඒකෙ දෙවෙනි සහ අවසාන කොටස.
ප්‍රශ්නය තියෙන්නෙ ආගම ටිකෙන් ටික මුදල් මත පදනම් වෙන එකයි.අනෙක් එක හාමුදුරුවරු සෑහෙන්න තරම් දුරට දේශපාලනීකරණය වීමයි.මේ හේතු දෙක මත බුදුරජාණන් වහන්සේ දෙසූ ගැඹුරු ධර්මය බොහෝ දුරට නැඹුරු වෙන්නේ අපි හිතන්නෙවත් නැති පැත්තකට.මුදල් මත පදනම් වීම මුලින්ම කාරණයට ගමු.මුලින්ම පෞද්ගලිකව දැක ගන්නට ලැබුණු උදාහරණයක් ගන්නම්.මල් වට්ටි වෙන්දේසියක් තියලා පන්සලක් දියුණු කරන්න තරම් තත්ත්වයකට මිනිස්සුන්ගේ හිත නිවන තැනක් වන පන්සල දාලා තියෙනවයි කියන්නෙ අපි හිතනවට වඩා බරපතළ කාරණයක්.අනෙක් හේතුව කිසිම තැනකින් වැඩ ඉවර වුණු පන්සලක් ගැන අපිට අහන්නට නොලැබීම.මිනිස්සුන්ට ඔවුන්ට එදා වෙලා හම්බ කරගන්න බැරි කාලෙක පන්සලක් නඩත්තු කරන්න ඕනවට වඩා ඔයාලගෙ ගෙවල්වලට දායක සභාවෙන් ඉල්ලීම් එන්නෙ නැද්ද?ඉතින් මිනිස්සු ඔවුන්ගේ අඟහිඟකම් පැත්තකින් තියලා ඒකට මුල් තැන දෙනවා පන්සල කියලා හිතලා හිතලා, ආගම කියලා හිතලා, පින කියලා හිතලා.ඔහු ඇත්තටම පිනක් තමයි ඒ උනාට, මේ කාලය ඒකට නෙවෙයි, මොකද මිනිස්සු එදාවේල කන්නෙත් මාරම අමාරුවෙන් නිසා.මීට වඩා අනන්තවත් උදාහරණ ඔයාලට පෞද්ගලිකව අහන්න ලැබිලත් ඇති.අනිත් කාරණාවටම එමු, දේශපාලනීකරණය වීම.වර්තමානයේ හොඳින් දක්නට ලැබෙන දෙයක් තමයි හාමුදුරුවරු ඕනෑවට වඩා දේශපාලනය වෙත නැඹුරු වීම.එක් පක්ෂයක් අල්ලගෙන ඔවුන්ට පුළුවන් තරම් කඩේ යන එක විතරක් නෙවෙයි ඒකට බුදුදහමත් ඈඳගන්නවා.ඉතින් මේක කොච්චර දුරට සාධාරණද කියලා මිනිස්සුම තේරුම් ගන්න ඕන.මේ හේතූන් නිසාම මිනිස්සුන්ට ආගම කෙරෙහි තියෙන පැහැදීම ටිකෙන් ටික අඩු වෙන එක තමයි වෙන්නේ.