ඉතින් යාලුවනේ අද ලියන්න යන්නෙ මගේ කාමරේ ගැන. මොකක්ද මගේ කාමරේ ගැන ලියන්න තියෙන්නෙ. ම්ම්ම් මට කාලයක් තිස්සෙ කාමරේ පොඩි වෙනසක් කරන්න උවමනාවක් තිබ්බ. ඒත් කොහොමද ඒක කරන්නෙ කියල මට හරි අදහසක් තිබ්බෙ නෑ.ඒ හින්ද කාමරේ බඩු තියෙන තැන් එක එක තැන් වලට මාරු කරලත් බැලුව, එක සතියක් ඇද තියෙන තැන මාරු කරා , පස්සෙ අල්මාරිය , පොත් මේසය එහෙම තියෙන තැන් වෙනස් කරල් බැලුවත් මගේ හිතේ හැටියට දැනෙන වෙනසක් ඒව වලින් ලැබුනෙ නෑ.ඒ නිසාම එක එක්කෙනාගෙන් අදහස් ගන්නත් මං අමතක කරේ නෑ. ඒ ව්දියට මම අයියගෙන් , අම්මගෙන් , තාත්තගෙන් එක එක විදියෙ අදහස් ගත්තත් ඒවත් මන් හිතූ තරම් ඵලදායී වුනේ නෑ. අන්තිමටම නංගි අපේ ගෙදර ආපු දවසක මම එයාගෙන් ඇහුව මොකක් කරොත් හොදයිද කියල.
එයා ටික වෙලාවක් කාමරේ දිහා බලන් ඉදල කිව්ව අපි චිත්‍රයක් අදිමු කියල. මගේ කාමරේ බිත්තියත් සුදුපාටට තීන්ත ගාල තියෙන නිසා කලුපාටින් ඇන්දම ලස්සනට තියෙයි කියලත් එයා කිව්ව.එයා ගෙදරත් ලස්සනට එයාගෙ කාමරේ අයියගෙ කාමරේ චිත්‍ර ඇදල තියෙනව මන් දැකල තියෙනව. ඉතින් ඒ හින්දම මන් එයාටම කිව්ව පුලුවන් වෙලාවක ඇවිත් ලස්සන චිත්‍රයක් ඇදල දෙන්න කියල.ඒ විදිය්ට් ආපු එයා ලස්සන චිත්‍ර ටිකක් පෙන්නල මගේ අදහසත් අරගෙන දෙන්නම කැමති එකක් තෝරගෙන අදින්න පටන් ගත්ත. ඒ විදියට දවසක් පුරාම ඇදල ඇදල 90%ක්ම වගේ ඉවර කරන්න එයාට පුලුවන් උනා. කෙල්ලට හොද ගනන් හවස් වෙද්දි. අනිත් එක පරිස්සමට කරන්න ඕනවැඩක් නිසා ගොඩක් හෙමින් තමයි කරන්නෙත් ඒ වගේම ලොකු ඉවසීමක් තියෙන්නත් ඕන කියල එයා ඒක අදිද්දි මට තේරුනා.ඉතින් ඒ විදියට මේ වගේ ලස්ස්න චිත්‍රයකින් කාමරේ අමුතුම වෙනසක් ගේන්නත් එයාට පුලුවන් උනා.
This post has been upvoted by @italygame witness curation trail
If you like our work and want to support us, please consider to approve our witness
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hi @ayesha98,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Wall arts in the room give a different kind of relaxation
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Yes it is
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit