ඉතින් යාළුවනේ ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනවා.අද ලියන්න යන්නේ ඉන්දියාවෙන් නිෂ්පාදනය කළ movies වලින් මට කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති , ඒ වගේම මම ආසම ෆිල්ම් එක ගැන.KGF කිව්වම ෆිල්ම් බලන කෙනෙක් නම් ගොඩක් වෙලාවට බලලා නැතිවෙන්න විදිහක් නම් නෑ.Tamil , Hindi ෆිල්ම් වලට වැඩි කැමැත්තක් නැති අය පවා ආසාවෙන් බලපු ෆිල්ම් එකක් තමයි KGF කියන්නේ.ඒ වගේම ෆිල්ම් එක පුරාවටම කුතුහලය වගේම action බලාගන්න පුළුවන්.ඒ වගේම ප්රධාන චරිතය විදිහට Yash කරන සාධාරණය නම් අති විශිෂ්ටයි.ඒ නිසාම මේ ෆිල්ම් එකට imdb 8.2ක ඉහල අගයකුත් ලැබිල තියෙනව.හරි ඉතින් ෆිල්ම් එක ගැනත් පොඩි හැඳින්වීමක් කරන්නම්.
රාමිකා සිං කියන්නේ 1970 වකවානුවේ ඉන්දියාවේ අගමැති ලෙස කටයුතු කල අගමැතිනිය.ඉතින් ඇය විසින් රුකීව දකින්නේ රාක්ෂියක් විදියට සහ ලොකුම අපරාධකාරයා විදියට. ඒ නිසාම ඇය විසින් රොකී සහ KGF එක සම්පූර්ණයෙන්ම අතීතයේන් අතුගාල දානව.ඒ ගැන ලියන කිසිම දෙයක් ලියන්නවත් කියවන්නවත් බැරි විදිහට තහනමක් දානව.ඒවගේම රොකීට විරුද්ධව මරණ වරෙන්තුවකුත් නිකුත් කරනවා.රොකීට සහ KGF එකට විරුද්ධව ඉන්දියාවේ මුළු හමුදාවම යොදවනවා.ඉතින් කවුද මේ රොකී මොකක්ද මේ KGF එක කියන්නෙ.මේ ඉතිහාසගත කතාව ඇත්තක්ද?ඒක ගැන දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.ඉතින් බලලා නැත්නම් ඉක්මනටම බලන්න ආරාධනා කරනවා මේ සුපිරිම ෆිල්ම් එක.