අමුතු දොස්‍තර

in hive-133716 •  last month 

1000136400.jpg
source

ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා. අද ලියන්න යන්නේ සිංහල කෙටි ටෙලි කතා සිත්තමක් ගැන.අපි රටේ විකාශ වන ගොඩක් ටෙලිකතා වලින් ඉතා කිහිපයක් පමණයි මගේ රසාස්වාදය අනුව නම් අපිට විඳින්න පුළුවන් ටෙලිකතා තියෙන්නේ.අනිත් ගොඩක් ඒව වල යන්නේ කිසිම තේරුමක් නැතිව බොරුවට කතාව ඇදගෙන යාමක් විතරයි.සමාජයට හෝ ර්සාස්වාදයටවත් ගැළපෙනවද කියලා වෙලාවකට හිතෙන විදියෙ කතාත් , මිනිසුන්ගේ මනස දූෂණය වෙන කතාත් දැනටමත් මාධ්‍යවල විකාශනය වෙමින් පවතිනවා.ඉතින් අද මම ලියන්න යන්නේ ටිකක් වෙනස් විදියෙ කතාවක් ගැන.මේකෙ නම අමුතු දොස්තර, ඒ වගේම විකාශය වෙන්නේ ජාතික රූපවාහිනියෙ.

කතාව ගැන පොඩ්ඩක් පැහැදිලි කරොත් දැනටමත් මේක විකාශනය වෙමින් පවතින කතාවක්.ඒවගේම රටට, වර්තමාන සමාජයට, නූතන පරපුරට වගේම , රටේ දැනට තිබෙන සෞඛ්‍ය සේවාව ගැනත් හොඳින් පැහැදිලි කරන නාට්‍යයක් විදිහට තමයි මටනම් මේක පේන්නේ. ඉතින් මේ කතාවේ ප්‍රධාන නළු භාවිතයට රංගනයෙන් දායක වෙන්නේ කෝරලගේ සමන් කියන දක්ෂ නළුවා.ඒ වගේම කලණි දොඩන්තැන්නත් කතාවට රංගනයෙන් දායක වෙනවා.දැනට නම් කතාවට imdb 9.3ක අගයක් ලැබිලා තියෙනවා.මම මේ කතාව ගැන ලියන්න හිතුවේ සමාජයට හොඳ පණිවිඩයක් කතාව පුරාවට ලබාදෙන නිසා.ඉතින් ඔයාලත් වෙලාවක් තිබුණොත් බලන්න වටින කතාවක් විදිහට මම මේක recommend කරනව.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

This is a teledrama that my mum also watches, so I also get some glimpses from it. Plot is actually better than most of the current teledramas.

Yes it is ❤️