වර්තමානයේදී මහාවංශය සැලකෙන්නේ සෑම සිංහලයකු විසින්මත් සෑම බෞද්ධයකු විසින්මත් අනිවාර්යයෙන්ම කියවිය යුතු ඉතා වටිනා ග්‍රන්ථයක් විදියටයි.
එනිසා පෞද්ගලික පුස්තකාලයක පවා මහාවංශය තිබිය යුතු යැයි කිසිවකුට රෙකමදාරු කරන්නට පුළුවන්.
විකිපීඩියා වෙබ් අඩවියෙන්;
ලඟකදියි මහාවංශයක් අප සතු වුණේ. මා මේ කියවමින් සිටින්නේ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් සම්පාදිත සරල සිංහල අනුවාදයක්.මෙය මහාවංශයේ ප්‍රථම භාගයේ දෙවන සංස්කරණය.
විජය රජුගේ සිට මහසෙන් රජුගේ පාලන සමය දක්වා පමණක් මහානාම හිමියන් විසින් රචිත මෙම ප්‍රථම භාගය තුල විස්තර අඩංගුය.පසුව වෙනත් හිමිවරුන් විසින් ඉනික්බිති ඇතිවූ පාලන සමයන් පිළිබඳව ලියවී තිබෙනවා.
පිටු 527ක පරිච්ඡේද 37කින් සමන්විත මේ විසල් පොත හෙමි හෙමින් කියවන අතරතුර ඒ ගැන යමක් ලිවිය යුතුයි කියා හිතුණා. එහෙත් මෙවන් පෝස්ටුවකින් දීර්ඝ විස්තරයක් කිරීම දුෂ්කරයි.
පටුන පහත දක්වමි.
පොත ඇරඹෙන්නේ ගෞතම බුදුන් වහන්සේ විවිධ ආත්මභාවවලදී විවිධ බුදුවරුන්ගෙන් නියත විවරණ ලැබූ අයුරු විස්තර කිරීමෙන්.
සම්බුද්ධත්වයෙන් නව වැනි මාසයේදී ලක්දිවට වැඩම කර ඉර්ධි බලයෙන් මහ වැසි, සුළං, ඝනාන්ධකාරය සහ ගිනි ජාලාවන් මැවූ අයුරු චිත්ත රූප මැවෙන ලෙස සවිස්තරව සඳහන් කර තියෙන අයුරු අපූරුයි.
එසේම ජය සිරි මහා බෝධියේ දකුණු ශාඛා වහන්සේ ගැනීම මෙසේය.
මෙසේ අප යන්තමින් අසා ඇති කතාන්දර සවිස්තරව කියවන්නට ලැබීම වෙනස්ම වින්දනාත්මක අත්දැකීමක්.
පොතේ ප්‍රස්ථාවනාවේ සඳහන් පරිදිම මෑතක් වනතුරුම මහාවංශය නිරවද්‍ය ඓතිහාසික මූලාශ්‍රයක් ලෙස නොසැලකුණි.
බොහෝ විට එය පක්ෂපාතී මහා විහාරික භික්ෂූන් විසින් මනහ්කල්පිත අදහස් පුරවා ලියන ලද ව්‍යාජ ඉතිහාස කතාවක් බවට මතයක් පැවතුණා.අද වනවිට මතු කරගත් පෞරාණික සෙල් ලිපි යනාදී සාක්ෂි මත ඒ මතය වෙනස් වී තියෙනවා.
තවමත් යාවත්කාලීන වන එකම ඉපැරණි ග්‍රන්ථය මහාවංශයයි. පසුගිය යුද සමය ගැන ලියවුණු මහාවංශ පරිච්ඡේදය වැරදි සහගත බව මෑතක දී පාර්ලිමේන්තුව තුලදීත් කතාබහට ලක්වුණ බව මතකයි.
අදත් අපට ආඩම්බර වන්නට ඉතිරිව ඇත්තේ ශ්‍රී ලංකාවේ අතීත ශ්‍රී විභූතිය පමණයි. එනිසා හැකි වූ දිනෙක මෙම අපූරු ග්‍රන්ථය කියවන්නැයි ඔබට මින් ඇරයුම් කරන්නෙමි.
ඉතිහාසය කියන්නේ ඉස්කෝලෙදි මං ආසම නැති විශයක්..ඒ වුනාට ඉතිහාසය ගැන කතාවක් වගේ කියනකොට අහන් ඉන්න මං හරි ආසයි..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
විෂයක් විදියට ඉගෙන ගන්න එක එපා වෙනව තමයි. මතක තියාගන්න ලේසිත් නෑ. නිදහසේ කියවන එක සතුටක්.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
eka nam aththa.
ada maha wanshe monwa liyawenawa athda.. api nodannawa unata issarath rajayata pakshawa thamai godak karunu liyawenna aththe
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අනිවාර්යයෙන්. රාජාණ්ඩු නිසා වන්දිභට්ටයින්, ප්‍රශස්ති ගයන්නන්, "එසේය මහරජ" කියන මැති ඇමැත්තන් වට කරගෙන රජා ඉන්නැති.😁.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ස්කෝලේ පුස්තකාලේ තිබුනා.සම්පූර්ණයෙන්ම කියවන්න ලැබුනේනම් නැහැ.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
විවේකිව කියවන්න ඕනැ පොතක්.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
mahawanshaye dewal igena gattata e potha kiyawala na. meka dakkama kiyawanna tibunanm hituna. samahara welawata lipi wala kiyawala tiyenawa, tiyena okkoma toraturu atta washayenma ganna ba kiyala. api itin danne nane e kale monawa unada kiyala 😬.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒකත් එහෙම තමයි. 😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Man thama kiyawala naha. kiyawanna oni aniwarayenma.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඉඩක් ලැබුණම කියවන්න.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
කියෙව්වට කමක් නෑ..ඕකෙ තීන දේවල් ඒ හැටියටම පිලිගන් එපා..ඕක අතිශෝක්‍ති වර්ණනාව උපරිම කරල මහානාම හාමුදුරුවො ලියල තීන්නෙ.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව්.👍😁
අද වගේම වන්දිභට්ටකම් කල සංඝ රත්නය ඒ කාලෙත් ඉන්න ඇති.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
කාලෙ විතරයි වෙනස් පුද්ගලයො වෙනසක් නෑ..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව්, ආයෙම ඉපදිලා ඉන්නෙත් එයාලම ද දන්නෙ නෑ.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
වෙන්නත් බැරි නෑ..😃😃😉
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit