ලෝක යුද්ධයක් කියන්නේ ඇත්තටම විහිළුවට ගන්න දෙයක්ද?

in hive-133716 •  2 years ago 

ලෝක යුද්ධයක් කියන්නේ ඇත්තටම විහිළුවට ගන්න දෙයක්ද? ඇත්තටම තුන්වෙනි ලෝක යුද්ධය ඇති උනොත් මොකක් වෙයිද? 😮

image.png

ලංකාවේ ජීවත්වෙන අපි ඕනම දෙයක් විහිළුක් බවට පත්කරලා Meme එකක් හදලා විනෝද වෙලා ඉන්න දක්ෂයිනේ. තුන්වෙනි ලෝක යුද්ධයත් බැරිවෙලාවත් පටන් ගත්තොත් ඇමරිකාවයි රුසියාවයි විශේෂයෙන් යුද්ධ කරනකොට අපිට පොප්කෝන් කකා film එකක් බලනවා වගේ මේක බලන් ඉන්න පුළුවන් කියලා තමයි ලංකාවේ 99%ක්ම මිනිස්සු හිතන් ඉන්නේ. හැබැයි දැන් ලෝකෙ තියන තාක්ෂණය එක්ක එහෙම කරන්න බෑ. ඒකට හේතුව වෙන්නෙ පළවෙනි ලෝක යුද්ධය මිනිස්සු සාමාන්‍ය අවි වලින් සටන් කළාට දෙවනි ලෝක යුද්ධයේ අවසානයේ ඉඳන් මිනිස්සු න්‍යෂ්ටික ආයුධ වලට යන්න පටන් ගත්ත එක.

ඇමරිකාවයි සෝවියට් සමූහාණ්ඩුවයි අතරේ ඒ කාලේ ඒ කියන්නේ සීතල යුද්ධය පැවතුණ කාලේ හැමදේකටම තරගයක් තිබුන හින්දා, ජපානයට න්‍යෂ්ටික බෝම්බ දැම්මට පස්සේ ඇමරිකාව දිගට හරහට තව න්‍යෂ්ටික බෝම්බ හදන්න පටන් ගත්තා. හරියටම කිව්වොත් එක්දහස් නවසිය අසූ ගණන් වෙනකොට ඇමරිකාවට න්‍යෂ්ටික යුධ ශීර්ෂ 23,000ක් විතර වගෙයි සෝවියට් සමූහාණ්ඩුවට යුද ශීර්ෂ 39,000ක් වගෙයි තිබිලා තියෙනවා. හැබැයි කාලයත් එක්ක එක එක සාකච්ඡා වගේම මේ න්‍යෂ්ටික ආයුධ පිටුදකින ගිවිසුම් රාශියක් හින්දා සම්පූර්ණයෙන්ම ඇමරිකාව විතරක් මේ වෙනකොට න්‍යෂ්ටික යුධ ශීර්ෂ 60,000ක් විතර නිෂ්ක්‍රිය කරලා තියෙනවා. ඒ වගේම රුසියාව න්‍යෂ්ටික යුධ ශීර්ෂ 45,000ක් විතර නිෂ්ක්‍රිය කරලා තියෙනවා. අන්න ඒ හින්දා දැන් මේ අද දවස වෙනකොට ඇමරිකාවට න්‍යෂ්ටික යුධ ශීර්ෂ 5500ක් වගෙත් රුසියාවට න්‍යෂ්ටික යුධ ශීර්ෂ 6257ක් වගේ තමයි තියෙනවා කියලා උපකල්පනය කරලා තියෙන්නේ.

හැබැයි අද මේ වෙනකොට මේ රටවල් දෙකටම තියෙන න්‍යෂ්ටික මිසයිල එක්ක බලනකොට හිරෝෂිමාවට පාවිච්චි කරපු න්‍යෂ්ටික බෝම්බ සෙල්ලම් බඩු විතරයි. උදාහරණයක් විදියට දැනට ලෝකෙ පුපුරවපු ප්‍රබලම නෂ්ටික බෝම්බය රුසියාව සාර් කියන නමින් තමා හඳුන්වන්නේ. මෙගාටොන් 50ක වෙඩි බලයක් තියන මේ බෝම්බයේ බලය තේරෙන සිංහලෙන් කිව්වොත් සාමාන්‍ය TNT පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50,000,000ක් එකපාර පුපුරණවට සමාන වෙනවා. හැබැයි පහුගිය 2018 අවුරුද්දේ රුසියාව කියපු විදිහට ඔවුන් මේ සාර් බෝම්බය වගේ දෙගුණයක බලයක් තියෙන, ඒ කියන්නේ මෙගාටොන් 100ක බලයක් තියෙන න්‍යෂ්ටික මිසයිලයක් මේ වෙනකොට නිෂ්පාදනය කරලා තියනවා. (මේවා ගැන ඕනනම් වෙන article එකකින් කියලා දෙන්නම්) ඔහොම ඔහොම කතා කලොත් දැන් ඇමරිකාව, රුසියාව, චීනය, ඉන්දියාව, පාකිස්තානය උතුරු කොරියාව වගේ රටවල් ගොඩකට ප්‍රබල න්‍යෂ්ටික මිසයිල තියෙනවා කියලා තේරෙනවනේ.

බැරිවෙලාවත් තුන්වැනි ලෝක යුද්ධය පටන් ගත්තොත් අනිවාර්යෙන්ම ලෝකයේ රටවල් පිල් දෙකකට බෙදිලා කලින් ලෝක යුද්ධ දෙක කලා වගේම යුද්ධ කරන්න පටන් ගන්නවා. හැබැයි මේ යුද්ධය පටන් ගන්නකොටම බලපුළුවන්කාර හැම රටක්ම තමන්ගේ විරුද්ධ රටවල් වලට න්‍යෂ්ටික මිසයිල යවලා තමා වැඩේ පටන් ගන්නේ. හැබැයි හැම රටක්ම මිසයිල වගේම හතුරන්ගෙන් එන මේ මිසයිල වලින් තමන්ගේ රට ආරක්ෂා කරන්නත් මිසයිල ආරක්ෂණ පද්ධති හදලා තියෙන හින්දා මෙහෙම එවන ගොඩක් න්‍යෂ්ටික මිසයිල පොළවේ වදින්න කලින් පුපුරවලා දාන්න ඒ රටවල් වලට පුළුවන්. හැබැයි එක වතාවකට මේ මිසයිල ආරක්ෂණ පද්ධති වලට නවත්තන්න පුළුවන් මිසයිල සීමාවක් තියෙන හින්දා අනිවාර්යෙන්ම මිසයිල සිය ගානක් එහෙමත් නැත්තන් දහස් ගානක් උනත් ලෝකය පුරාම තැන තැන පුපුරන්න පටන් ගන්නවා. උදාහරණයක් විදියට චීනය ඇමෙරිකාවට විරුද්ධ නිසා ලෝක යුද්ධයක් ඇතිවුනොත් චීනය රුසියාවේ පැත්ත ගන්න ගොඩක් ඉඩ තියෙන හින්දා, ඉන්දියාව අනිවාර්යෙන්ම චීනය එක්ක තියෙන තරහට ඇමරිකාවේ පැත්ත තමා ගන්නේ. අන්න ඒ හින්දා වගේම ඉන්දියාවටත් න්‍යෂ්ටික මිසයිල තියෙන නිසා ඉන්දියාවත් අනිවාර්යෙන්ම න්‍යෂ්ටික මිසයිල ප්‍රහාර වලට ලක් වෙනවා. ඒ කියන්නෙ ලංකාවටත් සෘජු බලපෑමක් තියනවා තුන්වෙනි ලෝක යුද්ධයක් ආවොත්.

සාමාන්‍යයෙන් මේ මිසයිල සේරම ඉලක්ක කරලා තියෙන්නේ ලෝකයේ ප්‍රධානම රටවල් වල ප්‍රධානම නගරවලට නිසා (ඇමරිකාවෙ නිව්යෝක්, වොෂින්ටන් ඩීසී, රුසියාවේ මොස්කව්, එංගලන්තයේ ලන්ඩන්, ඉන්දියාවේ මුම්බායි, චීනයේ බීජිං) මිසයිල පුපුරපු ගමන් මිනිස්සු මිලියන සියයකට වඩා ඒ අවස්ථාවේ ඒ ස්ථාන වලම මිය යනවා. සාමාන්‍යයෙන් මිසයිල නිකුත් කරල මේ හැමදේම පුපුරලා මිනිස්සු ඒ මිලියන ගාන මිය යන්නත් පැයක් වගේ විතරයි ගතවෙන්නේ. මොකද දැනට මේ ලෝකෙ තියන ප්‍රබලම න්‍යෂ්ටික මිසයිල වලට ලෝකෙ ඕන තැනකට විනාඩි 30කින් ගමන් කරන්න පුළුවන්. සබ්මැරීන් වල තියන මිසයිල වලට ඊටත් කලින් ඕන තැනකට යන්නත් පුළුවන්. ඊට පස්සේ මේ විනාශය හින්දා අන්තර්ජාල පහසුකම් වගේම සන්නිවේදන පහසුකම් සේරම මේ ලෝකයෙන් නැතිවෙලා යනවා. ඒ එක්කම න්‍යෂ්ටික විදුලි බලාගාරත් විනාශ වෙලා විකිරණ හානිය ඩබල් වෙන්නත් පුළුවන්. විදුලිය නැති හින්දා අපි ගාව තියන ඉලෙක්ට්‍රොනික උපකරණත් වැඩකට නැතුව යනවා. ඒ එක්කම ලෝකෙ වටේම තියෙන නගර දවස් ගණන් ගිනි ගන්න පටන් අරගෙන ටොන් මිලියන එකසිය පනහකට වඩා කළු දුම අහසට නැගලා වායුගෝලයේ තැන්පත් වෙනවා.

අන්න ඒ විදිහට වායු ගෝලයේ කළු දුම් පිරිලා වායුගෝලයම වායුදූෂණයට ලක්වෙන නිසා මුළු ලෝකෙම ඉර එළිය ලැබෙන්නෙ නැතුව කරුවලෙන් වැහිලා යන එකයි වෙන්නේ. (දැන් ලෝක යුද්ධෙ හිතුව තරම් ආතල් නෑ කියලා පැහැදිලි වෙනවනේ. හැබැයි තාම ඉවර නෑ.) කොහොම උනත් න්‍යෂ්ටික මිසයිල පුපුරන්න කලින් භූගත බංකර වලට ගියපු මිනිස්සු ඒ බංකර ඇතුලෙ තමන්ගේ ජීවිතය දැනට බේරගෙන ඉන්නවා. ලංකාවේ අපේ වගේ රටවල් වලට එහෙම බංකර නැති නිසා අපිට කොහොමත් ඒ වෙනකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි.

ඊට පස්සේ තියෙන ලොකුම ප්‍රශ්නය, මේ වායුගෝලයේ තියෙන අඳුර හින්දා අවුරුදු ගාණක් යනකන් ආපහු පෘථිවියට ඉර එළිය වැටෙන්නේ නැතුව තිබිලා පෘථිවියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ ගණන් වලට වගේ අඩුවෙන්න පුළුවන්. හැබැයි තව ප්‍රභාසංස්ලේෂණය කරන්න ආලෝකය නැති නිසා තියන කෑම ඉවර උනා​ම කෑම හිඟයක් මුළු ලෝකය පුරාම පැතිරෙනවා. ඒ අතරින් මිනිස්සුන්ට ආරක්ෂිත ඇඳුමක් නැතුව විකිරණ හින්දා පොළොව මතුපිටට එන්න පුලුවන් වෙන්නෙත් නෑ. එහෙම ආවත් විෂ වායු, අම්ල වැසි, Nuclear fallout එකක් විතරයි මිනිස්සුන්ට බලාගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඔය න්‍යෂ්ටික මිසයිල හින්දා ඇතිවෙන සීතල කාලගුණයට nuclear winter එකක් කියලා තමයි හඳුන්වන්නෙ. මේ වැටෙන හිම විකිරණ එක්ක කලවම් නිසා අතිශය භයානකයි. ඒ නිසයි nuclear winter කියන්නේ. මේ හැමදේම වෙනකොට සත්තු පවා මියගිහින් (සත්තු විශේෂ 75%ක් වගේ වඳවෙයි කියලා අපේක්ෂා කරනවා), ලෝකයේම ආර්ථිකයන් බිඳ වැටිලා, සල්ලිවල වටිනාකම නැතිවෙලා, කන්​න බොන්න දේවල් නැතුව දශක ගාණක් යනකන් මිනිස්සු අසරණ වෙන එකයි වෙන්නේ.

දශක ගානක් ගියත් ආපහු ඉරඑළිය ඇවිත් පෘථිවිය සාමාන්‍ය තැනක් වෙන්න ගොඩක් කාලයක් ගතවෙන්න පුළුවන්. ඒ වෙනකොට ලංකාවෙ අපි බොහෝවිට ඇත්තෙත් නෑ. ලෝකයෙත් මිනිස්සු ගොඩක් සුළු පිරිසක් ඉතුරු වෙලා ඉඳියි. කොටින්ම කිව්වොත් මේ තුන්වෙනි ලෝක යුද්ධය කියන්නෙ ලෝක විනාශයක්ම විතරයි.

ඒ විදිහට මේ න්‍යෂ්ටික ආයුධ සම්බන්ධ වෙන ලෝක යුද්ධයක් කියලා කියන්නේ පොඩ්ඩක්වත් විහිලුවකට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ලෝකයේ රටවල් දෙක තුනක් සටන් කරනකොට අපිට බලාගෙන ඉන්න පුළුවන් වෙයි කියලා හිතුවත් ඒක එහෙම වෙන්නෙත් නැහැ. අන්න ඒ හින්ද මේ යුද්ධය කියන්නේ කවදාවත් ඇතිවෙන්න හොඳ නැති මහා විනාශයක් විතරයි. ඉතින් තුන්වැනි ලෝක යුද්ධයක් කවදාවත් ඇති වෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරමු.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  
Loading...

https://www.facebook.com/permalink.php?story_fbid=332691795489890&id=106309358128136

please try to write unique content based on your own experience. Don't copy and paste online articles. It won't help you to grow in steemit

This is a one-time notice from SCHOOL OF MINNOWS, a free value added service on steem.
Getting started on steem can be super hard on these social platforms 😪 but luckily there is some communities that help support the little guy 😊, you might like school of minnows, we join forces with lots of other small accounts to help each other grow!
Finally a good curation trail that helps its users achieve rapid growth, its fun on a bun! check it out. https://som-landing.glitch.me/