ඉතින් හැමෝම පරිස්සමින් ඇති කියලා හිතනවා.අද ලියන්න යන්නේ ගොඩක් වෙලාවට දෙමව්පියන් ගේ අතින් නොදැනුවත්ව සිදුවන වැරැද්දක් ගැන.ඇත්තටම එක වැරැද්දක් කියන්නත් බැහැ, මොකද සමාජය සම්ප්‍රදාය විසින් එය එලෙස ගොඩනඟල තියෙනවා.ළමයි කුඩා වයසේදී දෙමව්පියන් විසින් ළමයින්ට ගොඩක් දුරට සීමා මායිම් දානවා.නෑ නෑ මම ඒකෙ වැරැද්දක් කියන්නේ නෑ , නමුත් දෙමව්පියන් ඒ දාන සීමා මායිම් කොයි තරම් දුරට සාධාරණද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. මටත් මේක ගැන හිතුණේ අහපු ලස්සන කවි පන්තියකට පස්සේ. ගොඩක් වෙලාවට මේක කරන්න එපා , අරක කරන්න එපා කිව්වට , මේ දේ කරන එකෙන් වෙන දේ ගැන ලමයින්ට අවබෝදයක් දෙන්න දෙම්ව්පියන් ගොඩක් වෙලාවට උත්සාහ කරන්නෙ නෑ. ඉතින් ලමයි එපා කියන දේ ගොඩක් වෙලාවට කරන්න ට්‍රයි කරනව.ඉතින් ලමයින්ට සීමා මායිම් දාද්දි ඔවුන්ට ඒ ගැන මනා අවබෝදයකුත් සහිතව ඒක කරනවනම් වඩා හොදයි කියල තමයි මන් විශ්වාස කරන්නෙ. මේ කවියත් ටිකක් කියවල බලන්නකො.
ඊයෙ පන්තිය ඇරිල යනකොට
ගෙදර අය සාලෙට වෙලා
වෙනද වාගෙම හිනාවෙනවා
චිත්‍රපටයක් බල බලා
මොකුත් තේරුනෙ නැති උනත් ඒ
රූප හරි ලස්සන නිසා
නිදිමතේ පැත්තකින් හිදගෙන
මාත් හිටිය බල බලා
හොදම ටික උනෙ ඊටපස්සේ
අම්මා දිව්වා නැගිටලා
ශෝ එකෙ හිටි අයිය ඇන්ටිව
බදාගෙන ඉබගෙන ගියා
ටික වෙලාවක් ඔහේ හිටියා
තාත්තා මගෙ ඇස් වහන්
ටික වෙලාවක් බලන් ඉද්දී
ඇවිත් තව අන්කල් කෙනෙක්
වෙඩි තියාගෙන යනවා පෙනුනා
මැරුන එතනම හුගදෙනෙක්
තාත්තා ඔහෙ බලන් හිටියා
වැටෙන හැටි ඔලු කුඩුවෙලා
මගේ ඇස් දෙක වැහුවෙ නැතුවැති
ඒකෙ අවුලක් නැති නිසා
මේ කතාව ඇත්තටම සමාජයට පෙරලා ඇගිල්ල දික් කරන්න පුලුවන් කාරණාවක්. ලමයා මෙතන අන්තිමට කියනව, මිනිස්සු මරාගන්න එක එච්චර ප්‍රශ්නයක් නෑ නමුත් සිපවැලදගැනීම ඊට වඩා සෑහෙන්න බරපතල කාරණාවක් බව. නමුත් ඔබත්
මමත් හොඳින් දන්නවා සිප වැලඳ ගැනීමකින් ජීවිත හානියක් නොවන බව. ඒත් මෙතනදි ළමයාගේ ඔලුවට යන්නෙ වෙනම අදහසක්.ඉතිං අපි වැඩිහිටියන් වෙලා දරුවන්ට සීමා මායිම් කරලා වෙන් කරන්නේ හොඳම දේ ද කියලා ප්‍රශ්නයක් තියෙනවා.