source
අද ලියන්නෙ ලංකාවේ පාසල් වල සිදුවිය යුත්ත හරිහැටි නොදැන සිදුකරන දෙයක් ගැන.ළමයෙකුට කෙලින් හිටගන්න උදව් කරන ගුරුවරු වගේම, ළමයෙක්ව වට්ටලා පාගලා දාන්න පුළුවන් ගුරුවරුත් ඕනම ඉස්කෝලෙක ඉන්නවා.මේක මං පෞද්ගලිකවත් අත් විදපු දෙයක්.
ප්‍රශ්නෙ කියන්නෙ මේකයි අද වෙනකොට හිටගන්න උදව් කරන ගුරුවරු ගානට වඩා වට්ටන්න ට්‍රයි කරන ගුරුවරු ගාන වැඩි වෙලා තියන එක.ඔයාලටත් පාසල් කාලෙ මතක ඇති ගරිල්ලා ක්‍රමයට පන්ති චෙක් කිරිල්ල.නෑ නෑ මන් මං ඒක වැරදියි කියන්න යනව නෙවෙයි පාසලට ගේන්න ඕන නැති ලමයින් විසින් පාවිච්චි නොකල යුතු දේ සෙවීම කල යුත්තක් නමුත් ඔවුන් කරන්නෙ ඒකද ?පන්ති චෙක් කරන්න විනාඩි පහකට විතර කලින් ඒ ගැන ඉවක් ඇති වුණොත් ළමයි කරන්නේ රාජසන්තක වෙලා, පන්ති තහනම් වෙන්න ඉඩ තියන සියලු දේවල් තම තමන්ගේ සන්තකයෙන් ඉවත් කරගෙන අයිතිකාරයෙක් හොයාගන්න බැරි ගුරු මේසේ වගේ තැන් වල හංගන එක.මොනවද ඉතින් මේ කුඩු ගංජා හොයනවා වගේ ගුරුවරු හොයන්නේ?
පෙම් හසුන්
සිංදු පොත්
පනා කෑලි, ක්‍රීම් ජාති
ඩේ කාර්ඩ්ස්
කී ටැග්ස්
නවල්ස්
චොක්ලට්
නළු නිලියන්ගේ ක්‍රීඩකයන්ගේ පින්තූර
හරි මේවා හොයාගත්ත කියමුකො ඊටපස්සේ මොකද කරන්නේ?ඒක තමයි හොදම වැඩේ 🙂 හරි ලස්සනට ළමයව යහමඟට ගන්න වැඩ කරනව.සෙක්ශන් එකක් ඉස්සරහ මේවගේ අයිතිකාරයන්ගේ නම් කියවලා, චරිත ඝාතනය කරලා, ආයෙ පාරෙ බැහලා යන්න බැරි තත්වයට පත් කරලා පොඩි ආතල් එකක් ගන්න එක.ඒ ගන්න ආතල් එක මදි වුණොත් ළමයෙක්ගේ දෙන්නෙක්ගේ පන්ති තහනම් කරන්නත් ළමා මනෝවිද්‍යාව ගැන මෙලෝ සංසාරයක් නොදන්න මේ ගුරුවරු පැකිලෙන්නේ නෑ.ඉතින් එහෙම පන්ති තහනම් වුණ ළමයිට ඊටපස්සේ ජීවිතයක් නෑ.ඕක කටින් කට ගිහිල්ලා ඉස්කෝලේ ළමයි,ගුරුවරු, ඉස්කෝලෙ ළමයින්ගේ දෙමාපියෝ, ටියුෂන් ක්ලාස් වල ගුරුවරු, සහෝදර පාසල් වල ළමයි ට ආරාංචි වුණාම ඉතින් ආයෙ ඒ ළමයට ඔලුවක් උස්සන්න ලැබෙන්නෙම නෑ.
මං කියන්නෙ මේකයි..මගේ මතය වැරදිවෙන්න පුලුවන් එහෙම වැරදිනම් ඒක නිවැරදි කරන්නත් ඔබට සම්පූර්ණ අයිතිය තියෙනව. ඉතින් නව යොවුන් වයසට ළමයෙක් ආවම ගුරුවරු කරන්න ඕන නව යොවුන් වයසේ ළමයින්ගේ සිතුවිලි ජාතික අපරාධයක් විදියට සලකලා ආදරය කරන එක, ලස්සන වෙන්න උත්සහ කරන එක නවත්තන එක නෙවෙයි.නව යොවුන් වයස නිසාම ළමයි කරන වැඩ නිසා ඔවුන් අපරාධයකාරයෝ විදියට ලේබල් කරන එක නෙවෙයි.ඔය කියන හැඟීම් පාලනය කරගන්න හැටි ගැන, ලිංගික අධ්‍යාපනය ගැන, මානසික සෞඛ්‍ය ගැන, අභියෝග ගැන ළමයි දැනුවත් කරන එක සහ මගපෙන්වන එක.ළමයෙක් අමාරුවේ වැටෙන්න යනවනම් රටටම අඬබෙර ගහලා 'අපෝ මේකි බඩුවක්', 'අපෝ මූ කූඩ්ඩෙක්' කියලා වට්ටි අම්මලා වගේ තැන තැන කියවන්න අවශ්‍ය සාක්ශි එකතු කරගන්නවා වෙනුවට ඒ ළමයාව ආරක්ෂා කරගන්න අම්මෙක් වගේ උත්සහ කරන එකයි.සමහර ළමයි ඉන්නව ඒ මානසිකව වැටුනු තරමට නැගිට ගන්න බැරුව තාමත් ඒ ළමයි විඳවනවා.ඒකට උදාහරනයක් මට මුහුණු පොතෙන්ම හම්බවුනා.
10 වසරෙදි මම ආසාවෙන් ලියපු පොත කොල්ලෙක්ට ලියපු පත ලියුමක් කියලා බෑග් චෙක් කරද්දි ඉස්සුවා.
මම අඬ අඬ ඔෆිස් එකට ගිහිල්ලා ඒක ඉල්ලුවත් දුන්නෙ නෑ.අදටත් මම කතා ලියනවා. හැබැයි ඒ ඔක්කොම ෆෝන් එකේ නෝට් ඇප් එකේ විතරයි.මට බයයි මම අමාරුවෙන් ලියන කතා කවුරු හරි අරගනී කියලා.මොකද 10 වසරෙදි උන මානසික පීඩනය තාම මගෙ ගාව තියෙනවද කොහෙද.ආයිමත් ඒ කතාව කවදාවත් මට ලියන්න බෑ.
හොඳම යාලුවො තුන් දෙනෙක් එකතු වෙලා පාසල් යන වයසෙදි ලියපු මුල්ම ළමා නවකතා පොත ඒක.
ළමයිගෙ හීන කඩලා දාන ගුරුවරු නම් කාටවත් හමුවෙන්න එපා.
ඉතින්, මම දැන් ගුරුවරියක්. හැබැයි දරුවන්ගෙ හීන හැබෑ කරන🙂
ඉතින් ගුරු වෘත්තීය කියන්නේ එසේ මෙසේ රස්සාවක් නෙවෙයි.ඒ නිසා කොච්චර උගත් වුණත්, දරුවන්ට දරුවො විදියට සලකන්න බැරිනම් ඒ රස්සාවට නෑවිත් ඉන්න එක හොදයි.
අදටත් එහෙම ගුරුවරු ඉන්නවා. ඒයාලා දන්නෙ නෑ එයාලගෙ වගකීම මොකක්ද කියලා. ඒ වගේම ගුරු දෙවිවරු කොටසකුත් ඉන්නවා. මේ පිලිබඳව දෙමව්පියන්ටත් වගකීමක් තියෙනවා. වටිනා ලිපියක්.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව් ඇත්තටම 🙂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit